ගෙවුනු දවස මාර්තු 20 – කැනන් ඩී සේරම් පලිහ කන්ද උඩරටට

219

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් 

ලුම්බිණි විද්‍යාලය පෙරමුණේ

pic 1සිව්වැනි වරටත් ක්‍රියාත්මක වන කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර නීල හරිත සටන ඊයේ (20) කොළඹ කෝල්ට්ස් පිටියේ දී ආරම්භ විය. දින දෙකකින් සමන්විත මෙම තරගයේ ප්‍රථම දිනය නිමා වන විට තරගයේ වැඩි ගෞරවය අත්පත් කර ගන්නට කොළඹ ලුම්බිණි විද්‍යාලය සමත්කම් දැක්වීය.

තණතිල්ල මැද දී දෙපිළේම නායකයින් දෙදෙනා අතරින් ඉහළ නැගුණු කාසිය බණ්ඩාරනායක විද්‍යාලයට වාසිය හිමි කර දෙමින් පෙරලී යද්දී ඔවුන්ගේ තීරණය බවට පත්වූයේ ප්‍රථමයෙන් පන්දු යවමින් ප්‍රතිවාදී ලුම්බිණි විද්‍යාලය අඩු ලකුණකට සීමා කිරීමයි. නමුත් එම අරමුණ යථාර්ථයක් බවට පත්කර ගැනීමට ඉඩ නොදුන් ලුම්බිණි විද්‍යාලයීය පිතිකරුවන් ලකුණු 247ක් තම ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කර ගැනීමට සමත් වූහ.

කොළඹ ලුම්බිණි විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 247 (පන්දුවාර 57.4): කවීන් පීරිස් 80, අමිත දාබරේ 30, රවිඳු සංජීව 29, කණිෂ්ක මධුවන්ත 21, හිමත් හංසන 3/57, ජනිඳු ජයවර්ධන 3/62.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය – කඩුලු 4ක් දැවී ලකුණු 52 (පන්දුවාර 11.1): පසිඳු නදුන් 3/37.

සම්පූර්ණ ලිපිය: නීල හරිත සටනේ මුල් දිනයේ වාසිය ලුම්බිණි විද්‍යාලයට


රග්බි 

ත්‍රිත්වයෝ තෝමසුවන් පරාජය කරයි

pic 2පාසල් රග්බි ලීගයේ තවත් සතියක අවසන් තරගය ඊයේ (21) පස්වරුවේ පැවතියේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතරයි. කැනන් ඩී සේරම් පලිහ වෙනුවෙන් පැවති මෙම තරගයෙන් 29-14ක් ලෙස ජයග්‍රහණය ලබා ගන්නට මහනුවර ත්‍රිත්ව ක්‍රීඩකයෝ සමත් වූහ. තරගයේ ප්‍රථම අර්ධය වන විටත් පෙරමුණේ පසුවුනු ත්‍රිත්ව විද්‍යාලය විවේකාගාරය බලා පිටත් වූයේ 19-00ක් ලෙස ලකුණු පුවරුව සටහන් කරගෙනයි.

ප්‍රථම අර්ධය: ත්‍රිත්ව විද්‍යාලය 19 – 00 සාන්ත තෝමස් විද්‍යාලය

අවසන් ලකුණු: ත්‍රිත්ව විද්‍යාලය 29 (5T 2C) – 14 (2T 2C) සාන්ත තෝමස් විද්‍යාලය

ThePapare.com තරගයේ ක්‍රීඩකයා: දිලුක්ෂ දංගේ  

ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්

ත්‍රිත්ව

  • උත්සාහක දිනුම්: අවිශ්ක ශෙයික්. අමිත් කුලතුංග, ලෂේන් විජේසූරිය. අකිත් සකලසූරිය
  • ප්‍රවර්තන: ලෂේන් විජේසූරිය

සාන්ත තෝමස්

  • උත්සාහක දිනුම්: හාන්ස් වල්පොල, මයෝන් ජයවර්ධන
  • ප්‍රවර්තන: ඩියොන් ඩයස් (2)

සම්පූර්ණ වාර්තාව බලාපොරොත්තු වන්න

දිනයක අවසානය