ගෙවුනු දවස ජුනි 29 – ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායම ප්‍රභල තැනක

328
Sri Lanka Sports news last day summary

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින්, ජුනි පළමු දින සිට ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

ක්‍රිකට් –
වැස්සක් සේදු තරගය

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ එංගලන්ත තරඟ සංචාරය ආරම්භ කරමින් එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින තරඟය  (26) එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්රීට් හිදී ආරම්භ විය. අද (29) මෙම තරගයේ අවසන් දිනය විය. වර්ෂාවෙන් බාධා පැමිණි නිසා තරඟය ජය පරාජයෙන් තොරව නිමාවිය.

– සම්පූර්ණ ලකුණු වාර්තාව –

ශ්‍රී ලංකා A පළමු ඉණිම – 353 (114.2) රොශ්න් සිල්වා 109, සචිත් පතිරණ 51, ළහිරු ගමගේ 43* , මාධව වර්ණපුර 34, සිං සන්දු 4/70, පෝල් කෝලින් 3/65

ඩර්හැම් කණ්ඩායම පළමු ඉණිම – 205-10 (54.1)  ජේම්ස් මිචෙල්  70, පිලිප් මස්ටර්ඩ් 38, විලියම් පොයින්ටර් 29, විශ්ව ප්‍රනාන්දු 5/37, ළහිරු ගමගේ 3/49

ශ්‍රී ලංකා A දෙවන ඉණිම – 143-2 (52)* මහේල උඩවත්ත 45*, රොශ්න් සිල්වා 43*, මාධව වර්ණපුර 27,ජෝශ් කෝලින් 1/10

සම්පූර්ණ ලිපිය: වර්ෂාව තීරණය කල තරගයේ ජය පරාජය

පැතුම් ගියපු උඩ

සංචාරක දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර ගාමිණී දිසානායක අභියෝගතා කුසලානය සඳහා පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ දෙවන යොවුන් ටෙස්ට් තරඟය ඊයේ  (28) කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩා පිටියේදී ඇරඹිනි. අද (29) එම තරගයේ දෙවන   දිනය ක්‍රියාත්මක විය. දිනය නිමාවන විට ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 251 ක් ලබාගන්නා ලදි.

ශ්‍රී ලංකා 19 පහල පළමු ඉණිම (2වන දිනය නිමාවන විට) – 251-4 (90) පැතුම් නිස්සංක 150*, අශේන් බණ්ඩාර 52*, විශ්ව චතුරංග 18, අක්නා් මන්යකා 2/42 , වියාන් මුල්ඩර් 2/56

සම්පූර්ණ ලිපිය: පැතුම් ගේ පැතුම් පිත්ත පත්තු වෙයි

තරංග ගේ විශ්වාසය

මීට දශකයකට පෙර උපුල් තරංග, එංගලන්ත තරග සංචාරයකට එක්වුණු අවස්ථාවේ, එක්දින තරග 5කදී ලකුණු 347ක් ලබාගත්තේ, ශ්‍රී ලංකාවට 5 0 ක් ලෙස පුර්ණ තරගාවලි ජයක් ලබන්නට මග විවර කරමිනි. එමෙන්ම එංගලන්තයට එරෙහිව එක්දින තරග 14 කදී තරංගගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය, ඉනිමකට ලකුණු 57 කට ආසන්නයි. එය ඔහුගේ සමස්ත එක්දින ලකුණු සාමාන්‍යයට (33.19) වඩා  ඉතාමත් ඉහල අගයකි. තම ප්‍රියතම ප්‍රතිවාදීන්ට එරෙහිව එවන් දස්කම් දැක්වීමට තවමත් තමන්ට හැකි බව තරංගගේ විශ්වාසයයි. මම ඔවුන්ට එරෙහිව තරග 14ක් ක්‍රීඩා කර තිබෙනවා. එවගේම ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කිරීමට ලැබීම මගේ වාසනාවක් යැයි තරංග පවසයි.


වොලිබෝල් –
ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ශූරතාවලිය ජුලි මාසයේ

අඛණ්ඩව 11වැනි වරටත් ඩයලොග් අාසිඅාටා සමාගමේ පූර්ණ සවිබල ගැන්වීමෙන් 2016 ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය එළඹෙන ජුලි මාසයේ සිට අාරම්භ කිරීමට කටයුතු සංවිධානය කර අැත. ඒ පිළිබඳ පැවැත්වු මාධ්‍ය හමුවක් අද (29) කොළඹ ගලදාරි හෝටලයේ පැවති අතර සම්භාවනීය අමුත්තන්, මාධ්‍ය නිළදාරීන් සහ ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් එය පැවැත්විනි.

සම්පූර්ණ ලිපිය: දක්ෂයෝ සොයා යන ජනාධිපති රන් කුසලානය

දවසේ නිමාව