ගෙවුනු දවස ජුනි 24 – නාලන්දාවෙන් වාර්තා දෙකක්

381
Sri Lanka Sports news last day summary

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින්, ජුනි පළමු දින සිට ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

ක්‍රිකට්

එංගලන්තය ප්‍රබල තැනක

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරඟය අද (24) එංගලන්තයේ බ්‍රිමින්හැම් හිදී ආරම්භ විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. යළිත් සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට කුසල් පෙරේරා හා ධනුෂ්ක ගුණතිලක සමත් විය. උපුල් තරංග අවසන් අවස්ථාවේදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව සෑහීමකට පත්විය හැකි ලකුණක් වෙත ගෙනයාමට සමත් විය. තරංග 4 පහරවල් 5 ක් හා 6 පහරක් සමඟ ලකුණු 53 ක් නොදැවී  ලබාගැනීමට සමත් විය. දිනේෂ් චන්දිමාල් ලකුණු 53 ක් ලබාගැනීමට සමත් විය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 44 ක් ලබාගන්නා ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම – 254-7 (50) උපුල් තරංග 53*, දිනේෂ් චන්දිමාල් 53, ඇන්ජලෝ මැතිව්ස් 44, කුසල් පෙරේරා 37  අදිල් රශීඩ් 2/34, ලෙයිම් පලන්කට් 2/49

තරඟය මේවන විට ක්‍රියාත්මක වන අතර හෙට (25) උදෑසනම තරගයේ සම්පූර්ණ සටහනක් ගෙන ඒමට අප සූදානම්ව සිටින බව දැනුම් දෙමු

තරුණ මැද පෙලත් ගැටළුවක්

සංචාරක දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර ගාමිණී දිසානායක අභියෝගතා කුසලානය සඳහා පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ පළමු යොවුන් ටෙස්ට් තරඟය ඊයේ  (23) පී. සාරා. ඕවල් පිටියේදී ඇරඹිනි. අද (24) එම තරගයේ දෙවන දිනය ක්‍රියාත්මක විය.

දකුණු අප්‍රිකානු පළමු ඉණිම – 206-10 (56.1) රිකාඩෝ වැස්කොනලස් 78, රේනාඩ් වෑන් ටොන්ඩර් 41, වියාන් මුල්ඩර් 41, තිසරු දිල්ශාන් 3/62, ප්‍රවීන් ජයවික්‍රම 2/41, තිලාන් ප්‍රසාන් 2/31

ශ්‍රී ලංකා පළමු ඉණිම – 180-10 (64.5) විශ්ව චතුරංග 81, සම්මු අශාන් 43, තිලිණ ප්‍රසාන් 14 , වියාන් මුල්ඩර් 5/52, ජඩ් ඩී ක්ලාක් 3/18

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා තරුණ මැදපෙළත් දුර්වලයි


මලල ක්‍රීඩා –

නිමාවු සහය දිවීමේ සැණකෙලිය

පාසල් මලල ක්‍රීඩා පිටියේ සුවිශේෂී තරග සැණකෙලියක් වන සමසත් ලංකා පාසල් සහය දිවීමේ සැණකෙලිය වසර කිහිපයකට පසුව නැවතත් අාරම්භ කරමින් ඉකුත් 22 වැනි දා සිට අද (24) දිනය දක්වා මහනුවර බෝගම්බර පිටියේදි පැවැත් වුයේ ThePapare.com සහ රිට්ස්බරි සවිබල ගැන්වීමත් සමඟිනි.

තරගයේ තෙවැනි දිනය වු අද දිගු දුර සහය දිවීමේ ඉසව්ව කිහිපයක් පැවැත් වු අතර එහි 4*1500 ඉසව්ව නියෝජනය කර වයස 17න්, 19න් සහ 21න් පහල  බාලක – බාලිකා ශුරතාවයන් වලල ඒ. රත්නායක විදුහල විසින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

සන්ද්‍යාභාගයේ දි පැවැත්  වු මෙඩ්ලි සහය දිවීමේ ඉසව්වේ 17න් පහල බාලක ශූරතාවය ශාන්ත බෙනඩික් විද්‍යාලයටත් බාලිකා ශූරතාවය ශාන්ත ජොසප් බාලිකා විද්‍යාලයටත් හිමිවිය. තවද 19න් පහල බාලිකා ශූරතාවය අඹගමුව මහ විදුහලටත් බාලක ශූරතාවය නාලන්දා විද්‍යාලයත් දිනා ගැනීමට සමත් විය.  4*400 ඉසව්වේ වයස අවුරුදු 17න් සහ 19න් පහල බාලිකා ශූරතාවයන් දිනා ගැනීමට වලල ඒ. රත්නායක විදුහල සමත් වු අතර එම ඉසව්වේ බාලක ශූරතාවයන් පිලිවෙලින් ශාන්ත බෙනඩික් විද්‍යාලයට සහ නාලන්ද විද්‍යාලයට හිමි විය.

සම්පූර්ණ ලිපිය: වලල ඒ. රත්නායක විදුහල් බාලිකාවෝ අංක එකට


පිහිනුම් – 

නාලන්දාවෙන් වාර්තා දෙකක්

42වැනි මයිලෝ පාසල් පිහිනුම් තරගාවලියේ දෙවැනි දිනය වු  අද දිනය කොළඹ නාලන්දාවට වාර්තා දෙකක් බිහි කිරීමට සමත් විය. තරගාවලිය කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදි පැවැත් විනි. මීට අමතරව අද දිනය තුල තවත් තරග වාර්තා 10ක් බිහි කිරීමට සමත් වු අතර මේවන විට වාර්තා 18ක් මෙම තරගාවලියෙන් බිහිවී අැත.

17 න් පහළ මීටර 800 – නිදහස් ආර බාලක ජේ්‍යෂ්ඨ ඉසව්ව

බී.දිලංක ශිහාන් (කොළඹ නාලන්දා, වි.9.තත්.15.98)

17 න් පහළ මීටර 100 – සමනල ආර බාලක ජේ්‍යෂ්ඨ ඉසව්ව

එච්.කේ. උෂාන් ගුණරත්න (රත්නපුර ලයිසියම්, තත්.59.79)

17 න් පහළ මීටර 100 – සමනල ආර බාලිකා ජේ්‍යෂ්ඨ ඉසව්ව

කේ.ඒ.හිරුණි පෙරේරා (මීගමුව හරිස්චන්ද්‍ර, වි.1.තත්.08.64)

17 න් පහළ මීටර 100 – පසුපස ආර බාලිකා ජේ්‍යෂ්ඨ ඉසව්ව

විනෝලි කළුආරච්චි (කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක, වි.1.තත්.08.42)

19 න් පහළ මීටර 100 – පසුපස ආර බාලිකා ජේ්‍යෂ්ඨ ඉසව්ව

විනෝලි සිරිවර්ධන (මහනුවර මහාමායා, වි.1.තත්.13.47)

15 න් පහළ මීටර 100 – නිදහස් ආර බාලක ජේ්‍යෂ්ඨ ඉසව්ව

ස්ටෙපන් පෙරේරා (කොළඹ ගේට්වේ විද්‍යාලය, තත්.54.24)

17 න් පහළ මීටර 100 – නිදහස් ආර බාලිකා ජේ්‍යෂ්ඨ ඉසව්ව

දිල්රුක්ෂි පෙරේරා (මහනුවර හිල්වුඩ්, වි.1.තත්.03.32)

17 න් පහළ මීටර 100 – නිදහස්  ආර බාලක ජේ්‍යෂ්ඨ ඉසව්ව

බී.දිලංක ශිහාන් (කොළඹ නාලන්දා, තත්.55.00)

17 න් පහළ මීටර 100 – නිදහස් ආර බාලක ජේ්‍යෂ්ඨ ඉසව්ව

බී.දිලංක ශිහාන් (කොළඹ නාලන්දා, තත්.55.00)

17 න් පහළ මීටර 200 – මිශ්‍ර කේවළ බාලිකා ජේ්‍යෂ්ඨ ඉසව්ව

කේ.ඒ.හිරුණි පෙරේරා (මීගමුව හරිස්චන්ද්‍ර, වි.2.තත්.38.45)

19 න් පහළ මීටර 200 – මිශ්‍ර කේවළ බාලිකා ජේ්‍යෂ්ඨ ඉසව්ව

ෂෙලීනා පීරිස් (කොළඹ විශාඛා, වි.2තත්.45.87)

දවසේ නිමාව