කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
ඉසිපතන විදුහලට පළමු ඉනිමේ ජයක්

බණ්ඩාරනායක විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 158 (57.5): සසිරි අධිකාරි 58, සසිත මදනායක 32, නිපුන් ධනංජය 5/45, ශෙහාර රණතුංග 2/49
සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – සියල්ලන්ම දැවී 92 (40.1): තිලිණ ප්‍රදීප්ත 33, ක්‍රිශාන් අප්පුහාමි 18, අරෝශ් මදුෂාන් 6/26
බණ්ඩාරනායක විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 148 (55.4): හිමත් ජයවීර 58, සසිරි අධිකාරි 24, සසිත මදනායක 22, නිපුන් ධනංජය 6/72
සාන්ත ජෝසප් වාස් විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී ක130 (42.4): අංජන රුක්මාල් 66, ඉශාන් සඳරුවන් 25, හචිත තිමාල් 6/29
සම්පූර්ණ ලකුණු සටහන: බණ්ඩාරනායක විද්‍යාලයට ලකුණු 84ක ජයක්
ලංකාවට දැවැන්ත පරාජයක්
දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා වන දෙවැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම හා ඉන්දීය දෘශ්‍යාබාධිත කණ්ඩායම අතර ඊයේ (10) හයිද්‍රාබාද් හි ලාල් බහුදූර් ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර එම තරගයෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායමට කඩුලු 10ක විශාල පරාජයක් හිමි විය.
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 174 (19.2): සුරංග සම්පත් 49, චන්දන දේශප්‍රිය 42, චන්දන සූරියආරච්චි 16, සුනිල් 2/21, රන්බීර් පාන්වර් 2/29
ඉන්දීය දෘශ්‍යාබාධිත කණ්ඩායම – කිසිවෙකු නොදැවී ලකුණු 175 (13): ප්‍රකාශ් ජේ 115*, කුමාර් රෙඩ්ඩි 51*, සුරංග සම්පත් 0/37
සවිස්තර තරග වාර්තාව: ශූරතා සිහිනය ඉන්දියාව හමුවේ බිඳ වැටේ
අසේලගෙන් නොදැවී දස්කම්

දකුණු අප්‍රිකාව – කඩුලු 6ක් දැවී ලකුණු 384 (පන්දුවාර 50): හෂීම් අම්ලා 154, ක්වින්ටන් ඩි කොක් 109, ඩූ ප්ලෙසිස් 41, ෆර්හාන් බිහාර්ඩියන් 32, සුරංග ලක්මාල් 3/71, ලහිරු මධුශංක 2/70.
ශ්‍රී ලංකාව – කඩුලු 8ක් දැවී ලකුණු 296 (පන්දුවාර 50): අසේල ගුණරත්න 114*, සචිත් පතිරණ 56, නිරෝෂන් දික්වැල්ල 39, සුරංග ලක්මාල් 20, ක්‍රිස් මොරිස් 4/31, වේන් පාර්නෙල් 2/51.
සවිස්තර තරග වාර්තාව: අසේලගේ ශතකය නිසා ශ්‍රී ලංකාවට ගෞරවාන්විත පරාජයක්
රෝහිතට ප්‍රශ්නයක්

පාපන්දු සම්මේලනයේ තොරතුරු මූලාශ්‍ර අනුව ඔහුට තරග 3ක තහනමක් සහ රු. 10,000 දඬ මුදලක් ගෙවීමට නියම වී ඇති බව වාර්තා වේ. ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ දී නිව් යංග්ස් සහ සොලිඩ් කීඩා සමාජ අතර පැවති තරගයේ දී ඔහුගේ නොමනා හැසීරීම, මෙම දඬුවමට හේතුව බව වාර්තා වේ.
සවිස්තර වාර්තාව: නිව් යංග්ස් පුහුණුකරුට වැඩ වරදී























