බණ්ඩාරනායක විද්‍යාලයට ලකුණු 84ක ජයක්

359
Singer U19 Schools Cricket

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට විශිෂ්ට ජයග්‍රහණයක් ගෙන දුන් තරගයක් ද ඇතුලුව සිංගර් අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරග රැසක්ම අද (10) සාර්ථක ලෙස පැවැත්විය.

වේල්ස් කුමර විද්‍යාලය හමුවේ රාජකීයන්ට ඉනිමක පරාජයක්

කාගේත් අවධානය දිනාගත් කොළඹ රාජකීය විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර තරගය අද (9) අවසන් වූයේ වේල්ස් කුමර විද්‍යාලයට…

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට එදිරිව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය

කදිරාන පිටියේ දී අවසන් වූ මෙම තරගයෙන් බණ්ඩාරනායක විද්‍යාලයට ලකුණු 84ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි විය.

ලකුණු 66ක පළමු ඉනිමේ වාසියක් ද ඇතිව තම දෙවන ඉනිම ක්‍රියාත්මක කල බණ්ඩාරනායක විද්‍යාලය වෙනුවෙන්, හිමත් ජයවීර ලකුණු 58ක් ලබාගෙන ලකුණු 215ක ඉලක්කයක් ප්‍රතිවාදී ජෝසප් වාස් දෙවන ඉනිමට ලබා දුන්නේය. එම ඉනිම වෙනුවෙන් අංජන රුක්මාල් ලකුණු 66ක් ලබාගෙන පෙරමුණ ගත්තද, හචිත තිමාල්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ එම උත්සාහය අසාර්ථක විය.

බණ්ඩාරනායක විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 158 (57.5): සසිරි අධිකාරි 58, සසිත මදනායක 32, නිපුන් ධනංජය 5/45, ශෙහාර රණතුංග 2/49

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – සියල්ලන්ම දැවී 92 (40.1): තිලිණ ප්‍රදීප්ත 33, ක්‍රිශාන් අප්පුහාමි 18, අරෝශ් මදුෂාන් 6/26

බණ්ඩාරනායක විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 148 (55.4): හිමත් ජයවීර 58, සසිරි අධිකාරි 24, සසිත මදනායක 22, නිපුන් ධනංජය 6/72

සාන්ත ජෝශප් වාස් විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී ක130 (42.4): අංජන රුක්මාල් 66, ඉශාන් සඳරුවන් 25, හචිත තිමාල් 6/29


මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එදිරිව කොළඹ ඉසිපතන විද්‍යාලය

මහනුවර අස්ගිරිය ක්‍රීඩා පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල ත්‍රිත්ව විද්‍යාලය පළමුව පන්දුවට පහර දී දිනය අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 238ක් ලබාගෙන සිටිය දී, අද දිනට තරගය ආරම්භ කල අතර, එම ඉනිම අවසන් වූ පසුව පිළිතුරු පළමු ඉනිම දියත් කල ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් සංජුල අබේවික්‍රම ලකුණු 74ක් හා අයන සිරිවර්ධන ලකුණු 54ක් ලබාගෙන තම විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක් ගෙන එන ලදි. පන්දු යැවීමේ දී විමුක්ති නෙතුමල් කඩුලු 5යි.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 258 (89.1): පූර්ණ වනසේකර 52, ත්‍යාගරාජා බනුගොබන් 47, චානුක බණ්ඩාර 46, හිමංග සූරියන්පොළ 34, මොහොමඩ් සුහිබ් 26*, හසිත බෝයගොඩ 21, ලහිරු වීරරත්න 3/40, ලිසුර වීනාත් 3/68

ඉසිපතන විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 290 (64.3): සංජුල අබේවික්‍රම 76, අයන සිරිවර්ධන 54, පැතුම් නිස්සංක 50, සංජුල බණ්ඩාර 34, හෙශාන් ප්‍රනාන්දු 25, විමුක්ති නෙතුමල් 5/88, ශැනොගීත් ශන්මුගනාතන් 3/41

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය දෙවන ඉනිම – කඩුලු 5ක් දැවී ලකුණු 44 (13.4): ලිසුර වීනාත් 2/09


පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග,

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට එදිරිව කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය

සාන්ත අන්තෝනි පිටියේ දී කාසියේ වාසිය දිනූ අන්තෝනි කණ්ඩායම පළමුව පන්දුවට පහර දී ලකුණු 176ක් ලබා ගන්නා ලදි. එහි දී ඩියෝන් ස්ට්‍රියුටර් ලකුණු 32ක් වාර්තා කලේය. හරීන් කුරේ කඩුලු 5ක් දවාගෙන සාන්ත ජෝසප් විද්‍යාලයට යම් අස්වැසිල්ලක් විය.

සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් දිනෙත් මදුරාවල ලකුණු 54ක් ලබා ගත් අතර විරාජිත ජයසිංහ හා සඳරුවන් ධර්මරත්න කඩුලු 4 බැගින් දවා ගන්නා ලදි.

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 176 (49.3): ඩියෝන් ස්ට්‍රියුටර් 32, නිපුන් අශෝක් 26, සුනෙර ජයසිංහ 26, හරීන් කුරේ 5/45, නිපුන් සුමනසිංහ 3/26

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ දී) – 127/9 (40.3): දිනෙත් මදුරාවල 54, විරාජිත ජයසිංහ 4/34, සඳරුවන් ධර්මරත්න 4/39


කොළඹ වෙස්ලි විද්‍යාලයට එදිරිව මොරටුව වේල්ස් කුමර විද්‍යාලය

වේල්ස් කුමර පිටියේ දී කාසියේ වාසිය ජය ගත් ඔවුන් පළමුව පන්දුවට පහර දෙන ලදි. එම තීරණයට අනුව ක්‍රියාත්මක වූ වේල්ස් කුමර විද්‍යාලය වෙස්ලි විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 165කට සීමා කරන ලදී.

පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන වේල්ස් කුමර ඉනිමට සඳුන් ප්‍රනාන්දු හා සනෝජ් දර්ශික අර්ධ ශතක එක් කරවීය. නොදැවී ක්‍රීඩා කරන සනෝජ් ලකුණු 51*යි.

වෙස්ලි විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 165 (60.3): හසිත පෙරේරා 39, රුචික දංගල්ල 29, ශෙරන් වනිගසූරිය 28, තිසුරක අක්මීමන 21, තිලාන් නිමේෂ් 5/47, තාරුක ප්‍රනාන්දු 3/32

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – 146/6 (34): සඳුන් ප්‍රනාන්දු 56, සනෝජ් දර්ශික 51*, විශ්ව චතුරංග 34, රුචික දංගල්ල 3/51


කොළඹ සාන්ත පීතර විද්‍යාලයට එදිරිව කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

පළමු දිනය අවසානයේ සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 43ක් ලෙස සටහන් වූ මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත පීතර විද්‍යාලය සාන්ත බෙනඩික්ට් පිටියේ දී පළමුව පන්දුවට පහර දෙන ලදි. සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් සන්තුෂ් ගුණතිලක නොදැවී ලකුණු 133*ක් ලබාගෙන දක්ෂ පිතිකරණයක නිරත විය.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – කඩුලු 6ක් දැවී ලකුණු 302 dec (68): සන්තුෂ් ගුණතිලක 133*, අනිශ්ක පෙරේරා 58, ලක්ශින රොද්‍රිගෝ 58, මනෙල්කාර් ද සිල්වා 21, කවීෂ ජයතිලක 2/60

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 43/3 (25): චතුර ඔබේසේකර 3/12


කොළඹ ආනන්ද විද්‍යාලයට එදිරිව මහනුවර ධර්මරාජ විද්‍යාලය

ආනන්ද තණතීරුවේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල ඔවුන් පළමුව පන්දුවට පහර දුන් අතර, කවිශ්ක අංජුලගේ පිතිකරණයත් සමඟින් බල ගැන්වුනු ආනන්ද ලකුණු පුවරුව ලකුණු 335ක් දක්වා දිගු කර ගැනීමට ආනන්ද පිතිකරුවන් සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ධර්මරාජ විද්‍යාලයට දේශාන් ගුණසිංහ ලකුණු 40ක් ලබා ගත්තද, ඔවුන් ආනන්ද විද්‍යාලයේ පන්දු යවන්නන් හමුවේ ඉතා අසරණ තත්ත්වයකට ඇද වැටිණි.

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම – 335/8 dec (63): කවිශ්ක අංජුල 105, අසේල සිගේරා 93, සුපුන් වරාගොඩ 57*, සම්මු අශාන් 31, ගිහාන් විතාරණ 5/141, නවිදු ඩිල්ශාන් 2/35

මහනුවර ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 7ක් දැවී ලකුණු 83 (31.5): දේශාන් ගුණසිංහ 40, සහන් සුරවීර 2/15, සම්මු අශාන් 2/20

පළමු දිනය සඳහා ක්‍රියාත්මක වූ තරග හෙට (11) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට