ගෙවුනු දවස අගෝස්තු 03 – දෙවැනි දිනයේ දි ලහිරු විශිෂ්ඨ පන්දු යැවීමක

314

අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් ඉදිරිපත් කරන්නෙමු. සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට් –
එංගලන්තයට තර්ජනයක් වු ලහිරුගේ පන්දු

ශ්‍රී ලංකා – එංගලන්ත වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවන යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ ආරම්භ වූයේ නොදම්ප්ටන්හී දී. කණ්ඩායම් දෙක අතර පැවති පළමු යොවුන් ටෙස්ට් තරගයේ පළමු දිනයේ පාලනය එංගලන්ත පිතිකරුවන් හිමි කරගත් ආකාරයෙන්ම, මෙම තරගයේ පළමු දිනයේ පාලනය සම්පූර්ණයෙන්ම පාහේ හිමිවූයේ ලහිරු කුමාර ප්‍රමුඛ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන්ටයි.

ලකුණු සටහන

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම – සියල්ලන් දැවී 208 (82.2) මැක්ස් හෝල්ඩන් – 111*, ඔලී වෙස්ට්බරි – 45, එඩ් බාන්ස් – 16, අමර් විර්දී – 16, ලහිරු කුමාර – 7/82, වනිඳු හසරංග – 1/6, ජෙහාන් ඩැනියල් – 1/27, තිලාන් ප්‍රසාන් – 1/33

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම – 48/1 (11) චරිත් අසලංක – 20*, අවිශ්ක ප්‍රනාන්දු – 10*, ජෝජ් පනායි  – 1/13

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තවත් කඩුලු 9ක් අතැතිව එංගලන්ත යොවුන් කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 160ක් පසු පසින් සිටියි.

සම්පූර්ණ ලිපිය: ලහිරුගේ වේග පන්දුව එංගලන්ත ඉනිම සුණු විසුණු කරයි

කණ්ඩායම් 4ක් අපරාජිතව පෙරමුණේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 23න් පහල පළමු කාණ්ඩයේ තරගාවලියේ තරග කිහිපයක් ඊයේ දිනයේ දි පැවැත්විය. එහිදි අපරාජිතව පෙරමුනෙහි පසුවන කණ්ඩායම් වන කොල්ට්ස්, කොළඹ, NCC සහ SSC ක්‍රීඩා සමාජය ඊයේ දිනයේ දී ද පැවති තරග වලින් ජයග්‍ර‍හණ වාර්තා කිරීමට සමත් විය.

ලකුණු සටහන –

NCC- 168/7 (20): ලහිරු උදාර 93, පවන් වික්රමසිංහ 27, රමිදු ද සිල්වා මහතා 25*, දිනූෂ මාලන් 2/19, කෝසල බණ්ඩාර 2/29

නාවික හමුදා ක්‍රීඩා සමාජය – ලකුණු 91 (16.5): මධුර මධුශංක 26, තිමිර ජයසිංහ 2/03, අරවින්ද අකුරුගොඩ 2/14, රවිඳු තිලකරත්න 2/16, ලසිත් Ambuldeniya 2/18, සඳුන් සම්පත් 2/25

බදුරලිය ක්‍රිකට් සමාජය134/9 (20): සචින් හේවාවසම් 27, මිලාන් අබේසේකර 25, Binuka වඩුගේ 2/14, චතුර ලක්ෂාන් 2/14

ගාල්ල ක්‍රිකට් සමාජය115/9 (20): චතුර ලක්ෂාන් 46 *, පලකරන්නා අකාශ් සෙනෙවිරත්න 3/17, චතුර සුමනතිලක 2/24

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – 114/7 (20): ලහිරු කුමාර 40, සචික උදාර 28*, ශානුක දුලාජ් 2/17

මුවර්ස් ක්‍රීඩා සමාජය – 113 (20): මින්හජ් ජලීල් 20, හේෂාන් උමේන්ද්‍ර 2/24, දිලිප් තාරක 2/19, මිලාන් ප්‍රියනාත් 2/27.

ශ්‍රී ලංකා වරාය අධිකාරි සමාජය – 127/9 (20): ෂෙහාන් වීරසිංහ 26, යොහාන් ශානක 23, අලි ඛාන් 3/26.

කෝල්ට්ස් සමාජය – 130/6 (19.5): කළණ පෙරේරා 55, තනුර හලම්බගේ 30*, හෂාන් විමර්ශන 3/29, ඉෂාන් රංගන 2/13.

ආදි තර්ස්ටන් කණ්ඩායම – 135/8 (20): ඉමේෂ් ලක්ෂාන් 28, කසුන් අබේරත්න 27, නවෝද් සමරකෝන් 22*, චන්දුලගේ ජයමාන්න 4/29, පූර්ණ දයානන්ද 2/21.

බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම100 (18.2): සචින් ජයවර්ධන 38, තරිඳු ලංකාතිලක 27, සවන් ප්‍ර‍භාෂ් 3/09, ඩිලාන් මධුශංක 3/27, නිපුන් ලක්ෂාන් 2/10

රේගු පිල – 105 (20): තරිඳු සිල්වා 25, ගිහාන් සංජීව 3/32, ගයාන් චාමර 2/03, රුසිරු රවිශංක 2/25.

කළුතර ටී.සී. – 107/8 (19.2): මිලින්දු සම්පත් 41, ගීත් පෙරේරා 30, නුෂාන් හසරැල් 2/18, සමිත රංග 2/18, අරවින්ද විතානාරච්චි 2/20

හලාවත මේරියන්ස්165 (18.2): තික්ෂිල ද සිල්වා 106, රිසිත් උපමල් 21, ඇන්ඩෲ පරයිස් 3/29, තරිඳු රත්නායක 3/40, නුවන් තුෂාර 2/30) 165

SSC – 169/5 (19.5): රමේෂ් මෙන්ඩිස් 61 *, කවිඳු කුලසේකර 42, චරිත් රාජපක්ෂ 2/28

සම්පූර්ණ ලිපිය: CCC, NCC, SSC සහ කෝල්ට්ස් අපරාජිතව ඉදිරියට


දැල්පන්දු

තෙවැනි වටයේදි අභියෝගයක්

බැංකොක් නුවර දි ඉකුත් මස 31වැනිදා ආරම්භ වු 10වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලියේ පළමු සහ දෙවැනි තරගවලින් ජය ලැබූ ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවෝ අද (03) දිනයේ දි මැලේසියාව හමුවේ පරාජයට පත් විය. ඒ 38-32 ලෙසිනි.

ලකුණු සාරාංශය –

පලමු දිනය – ජුලි 31

  • මැලේසියාව 73 – 16 ජපානය
  • තායිලන්තය 69 – 19 මාලදිවයින
  • සිංගප්පූරු 57 – 14, චීන තායිපේ

දෙවැනි දිනය – අගෝස්තු 01

  • සිංගප්පූරු 49 – 28 තායිලන්තය
  • චීන තායිපේ 11 – 59: හොංකොං
  • ජපානය 20 – 51 බෲනායි

තෙවැනි දිනය – අගෝස්තු 02

  • චීන තායිපේ 21 – 40 තායිලන්තය
  • හොංකොං 71 – 8 මාලදිවයින
  • මැලේසියාව 63 – 17 බෲනායි
  • ශ්‍රී ලංකා 63 – 17 ජපානය

සිවුවැනි දිනය – අගෝස්තු 03

  • මාලදිවයින 15 – 46, චීන තායිපේ
  • හොංකොං 18 – 32 සිංගප්පූරු
  • මැලේසියාව 38 – 32 ශ්‍රී ලංකාවේ

දවසේ නිමාව