ගෙවුණු දවස ඔක්තෝබර් 29 – තරගාවලියේ වීරයා ඩිල්ෂාන්

335

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

කොදෙව්වන් හමුවේ ජය ශ්‍රී ලංකාවට

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට අද (29) සමත් විය. ඒ කොදෙව් ‘ඒ’ කණ්ඩායම සමග පැවති තෙවන සහ අවසන් සිව් දින ක්‍රිකට් තරගය කඩුලු 10කින් ජය ගැනීමත් සමඟයි.

කොදෙව් ‘ඒ’ පළමු ඉනිම – (සියල්ලන් දැවී) 181 (60.3) – සුනිල් අම්බ්‍රිස් 101, රකීම් කෝන්වෝල් – 19, මාලින්ද පුෂ්පකුමාර – 4/67, ලහිරු කුමාර – 2/35, ෂෙහාන් ජයසූරිය – 2/41.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම – 273/9 (76.2) – ධනංජය ද සිල්වා – 64, රොෂේන් සිල්වා – 52* (ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් විය), ෂෙහාන් ජයසූරිය – 36, රේනාඩ් ලෙවරිජ් – 2/25, කියොන් ජෝසප් – 2/43, ඔෂේන් තෝමස් – 2/54.

කොදෙව් ‘ඒ’ දෙවන ඉනිම – (සියල්ලන් දැවී) 118 (37.3) –  ශමාර් බෘක්ස් – 52, විශාල් සිං – 15, රකීම් කෝන්වෝල් – 15, ෂෙහාන් ජයසුරිය – 6/60, මාලින්ද පුෂ්පකුමාර – 4/19.

ශ්‍රී ලංකා ‘ඒ ‘ දෙවන ඉනිම – 27/0

සම්පූර්ණ වාර්තාව: සිංහ පෝතකයින් කොදෙව් බිමේ ජය කෙහෙලි නංවයි


වෙළඳසේවා ජය ටීජේ ලංකා කණ්ඩායමට

ශ්‍රී ලංකාවේ සීමිත පන්දුවාර තරගාවලි අතුරින් ප්‍රධාන තැනක් උසුලන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ 25 වැනි දිගහැරුම අද (29) නිමාව දුටුවේ, ටීජේ ලංකා සමාගමට ශූරතාවය හිමිකර දෙමිනි.

එහි අවසන් මහා තරගයේ දී ඩක්වර්ත්-ලුවිස් න්‍යාය අනුව ඔවුන් හමුවේ ලකුණු 82කින් පරාජයට පත්වූයේ LB ෆිනෑන්ස් කණ්ඩායමයි. අද අවසන් මහා තරගයේ දී සචිත්‍ර සේනානායක, ශාලික කරුණානායක සහ ලසිත් මාලිංග දැක්වූ සුපිරි දස්කම් හොඳින් කැපී පෙනුණි.

ටීජේ ලංකා සමාගම – සියල්ලන්ම දැවී ලකුණු 266 (පන්දුවාර 38.4): ශාලික කරුණානායක 68, සචිත්‍ර සේනානායක 67, ඩිලාන් ජයලත් 51, සිතාර ගිම්හාන් 17, චලන ද සිල්වා 16, සහන් ආරච්චිගේ 3/53, චරිත් සුදාරක 2/39, රජීව වීරසිංහ 1/27.

LB ෆිනෑන්ස් සමාගම – කඩුලු 7ක් දැවී ලකුණු 125 (පන්දුවාර 25): සහන් ආරච්චිගේ 26, කුසල් මෙන්ඩිස් 24, ප්‍රියමාල් පෙරේරා 24*, අනුෂ්ක පෙරේරා 16, ලසිත් මාලිංග 3/22, සචිත්‍ර සේනානායක 3/35.

සම්පූර්ණ වාර්තාව: වෙළඳසේවා ක්‍රිකට් ශූරයින් ලෙස ටීජේ ලංකා සමාගම කිරුළු පලඳියි!


පාකිස්තානය 3-0ක් ලෙස විස්සයි විස්ස ජය ගනී

AFP PHOTO

වසර අටකට පසුව පාකිස්තානයේ ලාහෝර් නුවරට සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායම, පාකිස්තානය සමඟින් පැවති තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය ද 3-0ක් ලෙස පරාජයට පත්විය.

විස්සයි විස්ස තරගාවලියේ තෙවැනි තරගය ලාහෝර් නුවර ගඩාෆී ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. සම්පූර්ණ තරග සංචාරයේ දී ටෙස්ට් තරගාවලිය හැරෙන්නට අනෙක් කිසිවක් ජය ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි විය.

පාකිස්තානය 180/3 (20) – ෆකාර් සමාන් 31, උමාර් අමින් 45, බාබර් අසාම් 34*, ෂොයිබ් මලික් 51, විකුම් සංජය 1/41,  ඩිල්ෂාන් මුණවීර 1/26, ඉසුරු උදාන 1/32.

ශ්‍රී ලංකාව 144/9 (20) – දසුන් ශානක 54, චතුරංග ද සිල්වා 21, සීකුගේ ප්‍රසන්න 16, සචිත් පතිරණ 14, මොහොමඩ් අමීර් 4/13, ෆාහිම් අෂ්රෆ් 2/19

දිනයක අවසානය