කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
තිලාන් සමරවීර ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධූරයට

එළඹෙන සඳුදා මෙරටට පැමිණීමට නියමිත තිලාන් එතැන් පටන් තම නව තනතුරේ වැඩ ආරම්භ කිරීමට සූදානම් වන අතර ඔහුගේ පළමු අභියෝගය වන්නේ තවත් දින කිහිපයකින් ඇරඹෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයට පිතිකරුවන් සූදානම් කිරීමයි. එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට්, එක්දින සහ පන්දු වාර 20 ක්‍රිකට් තරග 3 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තනතුර තිලාන් සමරවීරට
ජයග්‍රහණය ආනන්ද විදුහලට

ඒ ප්‍රථම දිනයට ක්‍රියාත්මක වූ තරග 2ක් සහ දෙවැනි දිනයට ක්‍රියාත්මක වූ තරග 4ක් වශයෙනි. එහි දී ඊයේ වාර්තා වූ එකම පූර්ණ තරග ජයග්‍රහණය හිමිකර ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට හැකි විය. ඒ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පරදවමිනි.
ආනන්ද විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 297 (පන්දුවාර 61.2): දමින්ද රෙශාන් 100, ශමල් හිරුශාන් 89*, කළණ විජේසිරි 37, ලහිරු හිරන්ය 24, බ්‍රයන් කරුණානායක 4/62, දුලාජ් රණතුංග 2/56, මධුරංග නවීන් 2/70.
මලියදේව විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 203 (පන්දුවාර 84): සංජීවන් ප්‍රියදර්ශන 54*, මුදිත ප්‍රේමදාස 36, ගයන්ත වික්‍රමාරච්චි 27, සුපුන් නිස්සංක 25, කමේෂ් නිර්මාල් 4/63, ශාමල් හිරුශාන් 2/07, සනත් දසනායක 2/37.
ආනන්ද විද්‍යාලය (දෙවැනි ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 10 (පන්දුවාර 5)
සම්පූර්ණ වාර්තාව: වේල්ස් කුමරුවන් පරදා සාන්ත තෝමස් විදුහලට තියුණු ජයක්!
ටජිකිස්ථානය හමුවේත් පරාජය

සම්පූර්ණ කාලය: ටජිකිස්ථානය 6 – 0 ශ්‍රී ලංකාව
ගෝල ලාභීන්
ටජිකිස්ථානය – අබ්දුල්ලොව් ඇතැම්ජන් 31’, 33P’ & 86’, ශරිපෝ උමර්ජන් 75’, යොද්ගොරෝව් ඩේලර් 79’, සැමෙව් ශාරූම් 83’
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාවට තවත් පරාජයක්
හැව්ලොක් සහ මහනුවර ප්‍රථම තරග ජය ගනී

ප්‍රථම තරග සතියේ තවත් තරග ද්විත්වයක් අද (05) පැවැත්වෙන අතර එහි දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ CR & FC ක්‍රීඩා සමාජය අතර තරගය රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාපිටියේ දීත්, නාවික සහ යුධ හමුදා ක්‍රීඩා සමාජවල තරග වැලිසර දීත් පැවැත්වේ. තරග සියල්ල ThePapare.com හරහා සජීවීව නැරඹිය හැක.
සම්පූර්ණ තරග වාර්තා සඳහා පිවිසෙන්න






















