ගෙවුණු දවස අගෝස්තු 08 – ශ්‍රී ලංකාව මැජික් පෙන්වයි

246

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

පරාජයේ සාපය නිමාවේ

කුසල් පෙරේරා ආරම්භ කළ මැජික් ඉනිම, තිසර පෙරේරා සහ දසුන් ශානක විසින් තව දුරටත්  පවත්වා ගෙන යෑමත්, එම උත්සාහයන් සඵල කර ගැනීම වෙනුවෙන් සුරංග ලක්මාල් දැක්වූ දායකත්වයත් හේතුවෙන් ඊයේ (08) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා සිව්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 3ක ජයග්‍රහණයක් ලබා ගත්තා.

ඒ අනුව දකුණු අප්‍රිකාව හමුවේ පිට පිට තරග 11ක් පරාජය වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එම අඳුරු අතීතයට තිත තැබීමට ද සමත් වුනා.

සම්පූර්ණ වාර්තාව: කුසල්-තිසර සහ දසුන්ගේ උත්සාහයන් ලක්මාල් සඵල කරයි

චන්දිමාල් සංචිතයට, දික්වැල්ල එලියට

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර මේ මස 14 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වීමට නියමිත එකම විස්සයි – විස්ස ක්‍රිකට් තරගය සඳහා තරග වදින ශ්‍රී ලංකා සංචිතය ඊයේ (8) නිකුත් වූ අතර කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ලව එම සංචිතයෙන් ඉවත් කර ඇත.

ඇන්ජලෝ මැතිව්ස් හට ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලබා දී ඇති අතර ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ද මේ සංචිතයට ඇතුළත්ව සිටිනවා.

පසුගිය වර්ෂයේ ඉන්දියාවට එරෙහිව පැවති තරගාවලියේ දී මැතිව්ස් අවසන් වරට ශ්‍රී ලංකා විස්සයි – විස්ස කණ්ඩායම නියෝජනය කළ අතර බංග්ලාදේශය සංචාරයට හා නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔහුගේ ආබාධ තත්වය නිසා අහිමි විය. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ චන්දිමාල් විසිනි.

සම්පූර්ණ වාර්තාව: දික්වැල්ල එළියට චන්දිමාල් ඇතුල

දිනයක අවසානය