ගෙවුනු දවස සැප්තැම්බර් 20 – උඩවත්තගේ ශතකයෙන් MAS ගොඩ යයි

303
ගෙවුනු දවස සැප්තැම්බර් 20

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

ශ්‍රී ලංකා සංචිතය නිකුත් වේ

pic 1 (1)මේ වන තෙක් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වර්ණ නොදැරූ දක්ෂ පිතිකරණ යුගලයක් වන සධීර සමරවික්‍රම සහ රොෂේන් සිල්වා පාකිස්තානය සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කොට ඇත. දෙපිළටම ඉතාමත් වැදගත් වන මෙම ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දීයි.

අභිනවයෙන් පත්වීම් ලද ග්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ සභාපතීත්වයෙන් යුත් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සැදුම්ලත් මෙම සංචිතය තෝරාගෙන ඇති අතර, කණ්ඩායම මේ මස 24 වැනි ඉරුදින එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පියාසර කිරීමට නියමිතව ඇත. තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 28 වැනිදා අබුඩාබි හිදීයි. ඩුබායි නුවර දී ක්‍රියාත්මක වීමට නියමිතව ඇති දෙවැනි ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම රෝස පැහැ පන්දුව භාවිතයෙන් දිවා – රාත්‍රී ටෙස්ට් තරගයකට එක්වන පළමු අවස්ථාව ලෙස ද ඉතිහාසයේ සනිටුහන් වනු ඇත.

සම්පූර්ණ වාර්තාව: සධීර සහ රොෂේන් පාකිස්තාන ටෙස්ට් තරගාවලියට කැඳවයි


මහේල උඩවත්තගෙන් ශතකයක්

pic 2

දිනෙන් දිනම උණුසුම් වන 25 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ ඊයේ (20) ක්‍රියාත්මක වූ තරග 5 දී ජයග්‍රහණ වාර්තා කිරීමට හැටන් නැෂනල් බැංකුව, ජෝන් කීල්ස්, මාස් යුනිචෙලා, කොමර්ෂල් ක්‍රෙඩිට් සහ LB ෆිනෑන්ස් යන කණ්ඩායම් සමත් විය. එහි දී දිනයේ වාර්තා වූ එකම ශතකය මුල්පෙළ පිතිකරු මහේල උඩවත්ත ලබාගත් අතර ඒ හේතුවෙන් තවත් සුපිරි ජයග්‍රහණයක පහස විඳ ගැනීමට MAS යුනිචෙලා කණ්ඩායමට හැකි විය.

MAS යුනිචෙලා – කඩුලු 9ක් දැවී ලකුණු 267 (පන්දුවාර 50): මහේල උඩවත්ත 101, ටී. එම්. ඩිල්ශාන් 51, කසුන් රාජිත 4/34, තරිඳු කෞෂාල් 2/50.

සම්පත් බැංකුව – සියල්ලන්ම දැවී ලකුණු 131 (පන්දුවාර 32.5): තරිඳු කෞෂාල් 48, රොමේෂ් බුද්ධික 33, ශෙහාන් මධුශංක 3/23, චතුරංග ද සිල්වා 2/15, දුවිඳු තිලකරත්න 2/15.

කැන්රිච් ෆිනෑන්ස් – සියල්ලන්ම දැවී ලකුණු 153 (පන්දුවාර 40.2): කවිඳු කුලසේකර 54, අලංකාර අසංක 24, ලහිරු මදුසංක 3/13, වනිඳු හසරංග 2/26, අසිත ප්‍රනාන්දු 2/27.

කොමර්ෂල් ක්‍රෙඩිට් – කඩුලු 5ක් දැවී ලකුණු 154 (පන්දුවාර 22.1): වනිඳු හසරංග 63*, උපුල් තරංග 38, ඉමේෂ් උදයංග 29, ප්‍රමෝද් මධුෂාන් 3/30.

සම්පූර්ණ ලකුණු වාර්තාව: MAS යුනිචෙලා දිනවන්නට මහේල උඩවත්තගෙන් ශතකයක්!


කොශාන් ජයවික්‍රම 104

pic 3 (1)

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තියුණු තරග කිහිපයක්ම ඊයේ (20) ක්‍රියාත්මක විය. ඒ  තරග අතුරෙන් කොමර්ෂල් ක්‍රෙඩිට්, DHT සිමෙන්ති ආයතනය හා MAS සිලුඒටා යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගන්නා ලදි. මෙහි දී දෙනුවන් රාජකරුණා හා කොශාන් ජයවික්‍රම ශතක වාර්තා කර ගැනීමට සමත් විය.

කොමර්ෂල් ක්‍රෙඩිට් (B) –  288/5 (50): අකීල් ඉන්හාම් 77, අනුර ඩයස් 51, සනිත් ද මෙල්  49*, මලිත් ප්‍රනාන්දු 31*, ප්‍රනීත් විජේසේන 25, චාමික මහේෂ් 2/38.

සිංගර් ශ්‍රී ලංකා (A) – 211/9 (50): පසිඳු ඩිල්ශාන් 72*, රාජිත ප්‍රියාන් 45, චමින්ද විදාණපතිරණ 2/25, ප්‍රනීත් විජේසේන 2/41.

DHT සිමෙන්ති –  246/10 (50): ලහිරු ජයකොඩි 80, දසුන් සෙනෙවිරත්න 44, ලහිරු සමරකෝන් 3/63, ලක්ෂාන් ජයසිංහ 2/34, චාමික කරුණාරත්න 2/46.

මොබිටෙල් (A) – 189/10 (36.4): කොශාන් ජයවික්‍රම 104, චරිත් ජයම්පති 34*, චතුරංග ලක්මාල් 3/15, තිලාන් නිමේෂ් 2/38.

සම්පූර්ණ ලකුණු වාර්තාව: දෙනුවන් හා කොශාන් ගෙන් ශතක ද්විත්වයක්


මලල ක්‍රීඩා –

එක දවසට පදක්කම් 3ක්

Asian Indoor and Martial Arts Games

2017 ආසියානු ගෘහස්ථ හා සටන් කලා තරගාවලියේ (AIMAG) ඊයේ (20) පැවැත්වූ තරගවලින්, ගයන්තිකා අබේරත්න, මංජුල කුමාර හා ඉඳුනිල් හේරත් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් දිනා ගන්නට සමත් විය. මෙම තරගාවලිය තුර්කිමේනිස්ථානයේ අෂ්ගබාත් නුවර දී පැවැත්වේ.

දිනයක අවසානය