ශ්‍රී ලංකා 16න් පහළ කණ්ඩායම A කාණ්ඩයෙන් තරගාවලියට

196

AFC 2020 වයස අවුරුදු 16න් පහළ පාපන්දු තරගාවලියේ තේරීම් තරග කාල සටහන තීරණය කිරීම පසුගිය දා මැලේසියාවේ ක්වාලාලම්පූර් හි AFC ආසියානු පාපන්දු නිවහනේ දී සිදු විය. එහි දී ශ්‍රී ලංකාව තේරී පත් වුණේ A කාණ්ඩයටයි. තරගාවලියට කණ්ඩායම් 47ක් සහභාගී වීමට නියමිතයි.

ලෝක කුසලාන තේරීම් තරග සහ දකුණු ආසියානු තරගාවලියට සූදානම

එළඹෙන ජුනි මස 06 වන දින මැකාවු හිදී ආරම්භ වන 2022 ලෝක කුසලාන…

කණ්ඩායම් 47 බටහිර හා නැගෙනහිර ලෙස කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර බටහිර කාණ්ඩයට කණ්ඩායම් 25ක් හා නැගෙනහිර කාණ්ඩයට කණ්ඩායම් 22ක් බැගින් ඇතුළත්.

බටහිර කාණ්ඩය

A කාණ්ඩයේ ජෝර්දානය, 2018 අනුශූරයින් වන ටජිකිස්ථානය, නේපාලය, ශ්‍රී ලංකාව හා කුවේට් මෙහි දී තරග වදිනු ඇත. ඒ අතරම B කාණ්ඩයේ උස්බෙකිස්තානය හා ටර්ක්මෙනිස්තානය ද්වන්ද සටනක නිරත වෙද්දී, බහරේනය හා ඉන්දියාවත් එම කාණ්ඩයේම තරග කරනු ඇත.

2018 තේරීම් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු ලෙස පරාජය වූයේ ජෝර්දානය (7-0), සවුදි අරාබිය (10-00), උස්බෙකිස්තානය (6-0) හා බහරේනය (0-6) හමුවේයි. සහභාගී වූ තරග සියල්ලෙන්ම පරාජය වූ ඔවුන් ප්‍රතිවාදීන්ට ගෝල  26ක් ද ලබා දී තිබුණි. ශ්‍රී ලංකාව එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට සමත් වූයේ නැත.

ඉරානය, ඇෆ්ගනිස්තානය, මාලදිවයින හා පලස්තීනය ක්‍රීඩා කරන්නේ C කාණ්ඩයේයි. අවසන් තරගාවලියේ පසුගිය වසර පහ පුරාවටම ක්‍රීඩා කළ ඕමානය, සවුදි අරාබිය, සිරියාව හා පාකිස්තානය සමඟින් D කාණ්ඩයේ තරග කරනු ඇත.

1985 අවසන් තරගාවලියේ සත්කාරකත්වය දැරූ කටාර් රාජ්‍යය, යේමනය, බංගලාදේශය හා භූතානය සමඟින් E කාණ්ඩයේ තරග කරද්දී, Kyrgyz Republic, 2016 ශූරයින් වන ඉරාකය, ලෙබනනය හා එක්සත් අරාබි එමීර් සමඟින් F කාණ්ඩයේ තරග කරනු ඇත.

නැගෙනහිර කාණ්ඩය

2018 අර්ධ අවසන් පූර්ව වටයට පිවිසුණු ඉන්දුනීසියාව, දෙවතාවක් ශූරයින් වන චීනය, බ්‍රෘනායි, පිලිපීනය හා උතුරු මරියානා දූපත් G කාණ්ඩයේ තරග කරනු ඇත. වියට්නාමය, ටිමෝරය, මොන්ගෝලියාව, මැකාවු හා ඕස්ට්‍රේලියාව H කාණ්ඩයේ තරග වදිනු ඇත.

සිංගප්පූරුව අවසන් වරට අවසන් තරගාවලියක් සඳහා සුදුසුකම් ලැබුවේ 2004 වසරේ දී වන අතර සිංගප්පූරුව දෙවතාවක් ශූරයින් වන, උතුරු කොරියාව, හොංකොං හා ගුවාම් I කාණ්ඩයේ තරග කරනු ඇත.

වත්මන් ශූර ජපානය J කාණ්ඩයේ ක්‍රීඩා කරන්නේ, සමුරායි බ්ලූ දූපත්, මලයාසියාව, කාම්බෝජියාව හා ලාඕසය සමඟයි.

K කාණ්ඩයේ කොරියාව, 1998 ශූරයින් වන තායිලන්තය, මියන්මාරය හා චීන තායිපේ ක්‍රීඩා කරයි.

එක් එක් කාණ්ඩවල පළමු ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් අවසන් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගන්නා අතර දෙවන  ස්ථාන දිනා ගන්නා හොඳම කණ්ඩායම් හතරත් 2020 අවසන් මහා තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.

පාපන්දුවේ පෙරළියෙන් සුපුරුදු මුහුණු හැලේ; නව මුහුණු එකතු වේ

ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2022 කටාර් FIFA පාපන්දු ලෝක කුසලානයේ…

තවමත් අවසන් තරගාවලියේ සත්කාරකයින් තීරණය කර නොමැති අතර රටවල් 5ක් අන්තර්ගත වන කාණ්ඩවල තරග එළඹෙන සැප්තැම්බර් 14 වැනිදා ආරම්භ වීමට නියමිතයි.  අනෙක් කාණ්ඩවල තරග සැප්තැම්බර් 18 වැනිදා ඇරඹෙනු ඇත. තේරීම් තරගාවලිය සැප්තැම්බර් 22 වැනිදා අවසන් වනු ඇත.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<