ගෙවුනු දවස: ඔක්තෝම්බර් 16 – ශූරතාවය හොන්ග් කොන්ග් ක්‍රීඩකයින්ට

627
Hong Rugby Team - Asia Rugby 7s Mens Champions 2016Japan Womens Rugby Team - Asia Rugby 7s Champions 2016Sri Lanak Sports NewsSri Lanak Sports News

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 රග්බි 

3වැනි අදියරේදි ලංකාවට 4වැනි තැන

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි අදියරේදී හොන්ග් කොන්ග් රාජ්‍යය, සත්කාරකත්වය දැරූ ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයට ඇද දමමින් ශූරතාවයට හිමිකම් කීමට සමත් වූනි.

ඊයේ (16) පැවති තෙවැනි අදියරේ දෙවැනි දිනය කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වුනු අතර ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම එහිදි 6වැනි ස්ථානය ලබා ගනිද්දි ශූරතාවය හිමි වූයේ ජපාන ක්‍රීඩිකාවන් වෙතයි.

ශ්‍රී ලංකාව ඊයේ දිනයේදි හොන්ග් කොන්ග් රාජ්‍ය සමඟින් සහ චීනය සමඟන් තරග වැදුනු අතර එහිදි 22-21ක් ලෙස එක් ලකුණකින් චීනය ජයග්‍රහණය ලබා ගන්නා ලදී.

හොන්ග් කොන්ග් රාජ්‍ය සමඟ පැවති තරගයේදි ප්‍රථම අර්ධය නිමාවට පත්වූයේ 7-7ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවෙමින් වුවත් තරගයේ නියමිත කාලය අවසානයේදි 19-07ක් ලෙස තරගය නිමාවූයේ දෙවැනි අර්ධයේදී කිසිදු ගෝලයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා නොවෙමිනි.

සම්පූර්ණ ලිපිය බලාපොරොත්තුවන්න


 මලල ක්‍රීඩා 

වසර 20ක වාර්තාවක් අලුත් කරයි

ඉකුත් 13 වෙනිදා ආරම්භ වුනු 32 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලෙහි සිව්වන දිනය ඊයේ (16) සාර්ථකව නිමාවට පත්විය. ඊයේ දින වාර්තා වූ සුවිශේෂීතම සිද්ධිය වූයේ වසර විස්සක් පැරණි වාර්තාවක් අලුත් කිරීමට හැකිවීමයි.

1996 වර්ෂයේ වයස අවුරුදු 19න් පහල බාලිකා දුර පැනීමේ ඉසව්වෙන්, කොළඹ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ එන්. කේ. චන්ද්‍රසේන ක්‍රීඩිකාව මීටර් 5.83ක දක්ෂතාවයකින් වාර්තා කල වාර්තාවක් අලුත් කරමින් වාර්තාව සිය නාමය යටතට ලබා ගැනීමට ධර්මාශෝක විද්‍යාලයේ රිද්මා නිශාදි අද සමත් විය. ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 5.85 ක්.

එම වාර්තාවට අමතරව තවත් සුවිශේෂී වාර්තාවක් බිහිවූයේ වයස අවුරුදු 19න් පහල බාලක තුන් පිම්ම ඉසව්වෙනි. 2015 වර්ෂයේදී මීටර් 15.38 පෙන්වමින් මීරිගම ඩී. එස්. සේනානායක විද්‍යාලයේ චමල් කුමාරසිරි පිහිටුවා තිබූ වාර්තාව අද ඔහු විසින්ම මීටර් 15.52ක දුරක් වාර්තා කරමින් අලුත් කිරීමට සමත් විය.

සම්පූර්ණ වාර්තාව: රිද්මා නිශාදි වසර විස්සක් පැරණි වාර්තාවක් බිද දමයි

දිනයක නිමාව

 පසුගිය සතියෙන් 

MAS යුනිචෙලා සහ කොමර්ෂල් ක්‍රෙඩිට් අවසන් වටයට

ශ්‍රී ලංකා වෙලඳ සේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ අවසන් පූර්ව වටයේ තරග දෙක 15 වැනිදා මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේදී සහ කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාපිටියේදි පැවැත්විය. එහිදි ඩිමෝ ආයතන කණ්ඩායම පරාදවා MAS යුනිචෙලා කණ්ඩායමද, ජෝන් කීල්ස් ආයතන කණ්ඩායම පරාජය කරමින් කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමත් අවසන් වටයට අසුන් වෙන් කරගැනීමට සමත් විය.

MAS යුනිචෙලා – 349/6 (50): එම්. උඩවත්ත 134, ටී. එම්. ඩිලාෂාන් 59, සී. සිල්වා 71

ඩිමෝ – 154/10 (29.3): එන්. ටී. ගමගේ 37, පී. තරංග 33, එම්. ඩිලාෂාන් 3/34, එම්. ඩී. කේ. පෙරේරා 3/20, සී. බණ්ඩාර 2/23

කොමර්ෂල් ක්‍රෙඩිට් – 254 (48.3) අෂාන් ප්‍රියංජන 61, උපුල් තරංග 52, දිල්හාන් කුරේ 33, ඉමේෂ් උදයංග 31, චතුරංග ද සිල්වා 27, ඉෂාන් ජයරත්න 4/60, විකුම් බණ්ඩාර 2/38, මධුක ලියනපතිරණ 2/44

ජෝන් කීල්ස් – 224 (45.4) භානුක රාජපක්ෂ 71, මනෝජ් සරත්චන්ද්‍ර 42, සුරාජ් රන්දීව් 2/43, චතුරංග ද සිල්වා මහතා 2/40, ෂෙහාන් ජයසූරිය 2/40

සම්පූර්ණ ලිපිය: MAS යුනිචෙලා සහ කොමර්ෂල් ක්‍රෙඩිට් තීරණාත්මක අවසන් සටනට!


ජේසන් වෙනුවට හිරන්ත කණ්ඩායමට

ආසියානු සත්සමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයෙකු වන ජේසන් දිසානායක පුහුණුවීම් අතරතුරදි සිදුවුනු ආබාධමය තත්වයක් හේතුකොට ගනිමින් සංචිතය ඉවත් කිරීමට තීරණය කර ඇත.

ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ තෙවන අදියරේ ආරම්භයට පැය 24කටත් අඩු කාලයකදී මෙලෙස ජේසන්ව කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට ඉිසිපතන විද්‍යාලීය හිටපු රග්බි ක්‍රීඩක හිරන්ත පෙරේරා සංචිතයට කැදවීමට තේරීම් කමිටුව තීරණය කර ඇත. ඔහු මිට ප්‍රථම පැවති පළමු සහ දෙවන අදියරයන් ද නියෝජනය කල දක්ෂ ක්‍රීඩකයෙකි.


කොදෙව්වෝ එකට එක කරයි

සංචාරක කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරඟය 14 වැනිදා අවසන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 333ක දැවැන්ත පරාජයක් හිමිකර දෙමිනි. තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාගංනයේදි පැවැත්විනි.

කොදෙව් A පළමු ඉණිම – 509/9 dec (137.4): විශාල් සිං 161, ජමාර් හැමිල්ටන් 99, රජේන්ද්‍ර චන්ද්‍රික 84, ශිම්රන් හේට්මයර් 48, චරිත් අසලංක 4/104, දිමුත් කරුණාරත්න 1/6

ශ්‍රී ලංකා A පළමු ඉණිම – 245/10 (72.5): නිරෝෂන් දික්වැල්ල 88, දිමුත් කරුණාරත්න 68, සම්පත් ගුණරත්න 46, රහකීම් කෝන්වල් 6/91

කොදෙව් A දෙවන ඉණිම  – 216/03 dec (41) : රජේන්ද්‍ර චන්ද්‍රික 68, ජමාර් හැමිල්ටන් 56*, ශම්රා බෲක්ස් 53*,  චරිත් අසලංක 1/63

ශ්‍රී ලංකා A කණ්ඩායම දෙවන ඉණිම – 147/10 (48.2): ජෙෆ්රි වැන්ඩසේ 47, චරිත් අසලංක 34, අවිශ්ක ප්‍රනාන්දු 18

සම්පූර්ණ ලිපිය: කොදෙව් මතකයන් නොමැකෙන දිනක්


ත්‍රිත්ව – තෝමස් සටන ජය පරාජයෙන් තොරයි

වියළි කාළගුණික තත්ත්වයක් තුළ 14 වැනිදා කොළඹ CR & FC පිටියේ පැවති ශාන්ත තෝමස් විද්‍යාලය සහ ට්‍රිනිටි විද්‍යාලය අතර පාපන්දු තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

මීට පෙර පැවති තරග 6 තුළදී ට්‍රිනිටි විද්‍යාලය තරග 2ක්, ශාන්ත තෝමස් විද්‍යාලය තරග 2ක් ලෙස ජයගත් අතර ඉතිරි තරග ද්විත්වයම ජය පරාජයෙන් තොරව අවසන් විය.

අද පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන තෙක්ම දෙපිලටම ගෝල වාර්තා කිරීමට නොහැකිවිය. කෙසේ නමුත් අවස්ථාවන් කිහිපයකදී දෙපිලම විසින් ගෝල ලබාගැනීමට උත්සහා කළද, එ් සියලු උත්සහායන් ව්‍යර්ථ විය.

ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වන තෙක් දෙපිලටම ගෝල ලබාගැනීමට නොහැකි වු අතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ ට්‍රිනිටි විද්‍යාලය අතර පැවැත්වු  7 වන වාර්ෂික පාපන්දු තරගය  ජය පරාජයෙන් තොරව අවසන් වුණි.


පැරා ක්‍රීඩා උළෙලෙන් වාර්තා 16ක්

15 වන ශ්‍රී ලංකා යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දෙවන දිනය 13 වනදා සාර්ථකව නිමාවට පත්විය. නව තරගාවලි වාර්තා 16කින් වාර්තා පොත් අලුත් කරන්නට යුද හමුදා ක්‍රීඩකයින් සමත් වීම ඊයේ දිනයේදී වඩාත් කැපී පෙනෙන සිදුවීමක් විය.

ඊයේ දිනය තුළදී දුර පැනීම, මීටර 100, යගුලිය විසිකිරීම, කවපෙත්ත විසිකිරීම, මීටර 200, උස පැනීම, මීටර 800, තුන්පිම්ම, හෙල්ල විසි කිරීම යන ඉසව්වලින් වාර්තා අලුත් කරන්නට ඊට සහභාගී  වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

සම්පූර්ණ ලිපිය : යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ නව තරග වාර්තා 16ක්


පාසල් පාපන්දු කණ්ඩායම් 11ක් පහතට

මතභේදයට තුඩු දෙන තීරණයක් ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය විසින් පාසල් එකොළහක් සමස්ත ලංකා වයස අවුරුදු 19න් පහල අන්තර් පාසල් පාපන්දු තරඟාවලියේ දෙවන කාණ්ඩය දක්වා පහතට දැමීමට තීරණය කර ඇත. ඒ අනුව 2016 සමස්ත ලංකා අන්තර් පාසල් 19න් පහල තරඟාවලියේ පළමු කාණ්ඩයට ඇතුලත් වන්නේ පාසල් 14ක් පමණි.

A කාණ්ඩය – මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය, සාන්ත සෙබස්තියන් විද්‍යාලය (කටුනේරිය), සාන්ත ජෝසප් විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, කිංස්වුඩ් විද්‍යාලය, වික්‍රමබාහු විදුහල (ගම්පොල), ශාන්ත බෙනඩික් විදුහල.

B කාණ්ඩය – හමීඩ් අල් හුසේයිනී විදුහල, සහිරා විද්‍යාලය, ශාන්ත පීතර විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, සිරි කුරුස විද්‍යාලය (කළුතර), ලුම්බිණි විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය.

සම්පූර්ණ ලිපිය: පාසල් එකොළහක් 19න් පහල පාපන්දු තරඟාවලියේ පළමු කාණ්ඩයෙන් ඉවතට?