රෝහිත්ගේ ගිණිකෙළියෙන් ඉන්දියාවට පහසු ජයක්

ලෝක ටෙස්ට් ශූරතාව මූලික කරගනිමින් සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර විශාකපට්නම් හිදී ආරම්භ වූ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 203ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (06) සමත් විය. 

මගේ Role Modelsලා තමයි සංගා සහ හේරත්

දකුණු අප්‍රිකාවේ ඉන්දීය තරග සංචාරය පසුගිය බදාදා (2) ආරම්භ විය. මෙම තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු…

මෙම තරගයේ කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී දැවැන්ත ලකුණු 502ක ලකුණු පුවරුවක් එක් කළේය. ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල සඳහා වාර්තා වූ ලකුණු 317ක සබඳතාවය ඒ සඳහා මංපෙත් සැලසූ ප්‍රමුඛතම සාධකය බවට පත් විය. 

ඉන්දීය ආරම්භක පිතිකරුවෙකු ලෙස පළමු වරට ටෙස්ට් කණ්ඩායමේ අත්හදා බැලූ රෝහිත් ශර්මා සමඟ මයන්ක් අගර්වාල් එක්ව දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට පිටිය සිසාරා පහරවල් එල්ල කරමින් එම දැවැන්ත සබඳතාවය ගොඩනගනු ලැබුවේ කලකට පසු ඉන්දියාවට සාර්ථක ආරම්භයක් පළමු කඩුල්ල සඳහා ලබා දෙමිනි.

මෙහි දී මයන්ක් අගර්වාල් ද්විත්ව ශතකයක් වාර්තා කරමින් අගනා ලකුණු 215ක් ලබා ගත් අතර රෝහිත් ශර්මා ද කලකට පසු තමාට ටෙස්ට් කණ්ඩායමේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගත්තේ ලකුණ 176ක් වාර්තා කරමිනි. 

එහෙත් ඉන්දීය පිතිකරණ ලැයිස්තුවේ අන් කිසිදු පිතිකරුවකුට ලකුණු 30 සීමාව ඉක්මවීමට නොහැකි වීම සුවිශේෂී කරුණකි. පන්දු යැවීමේ දී කේෂව් මහරාජ් දකුණු අප්‍රිකාව වෙනුවෙන් කඩුලු 3ක් දවාලීය.

ශිරාස්ගෙන් කඩුලු පහෙන් ශ්‍රී ලංකාවේ ජාමය බේරෙයි

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ…

අනතුරුව තම පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකාව ඊට පිළිතුරු වශයෙන් සියලු දෙනා දැවී ලකුණු 431ක් රැස් කළේය. මෙහි දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ශතක වාර්තා කිරීමට ඩීන් එල්ගර් සහ ක්වින්ටන් ඩි කොක් සමත් වූයේ පිළිවෙළින් ලකුණු 160ක් හා 111ක් ලබා ගනිමිනි. 

ඉන්දීය පිතිකරුවන්ට නොදෙවනි වූ ඔවුන් දෙදෙනා ද ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව අනුකම්පා විරහිත ප්‍රහාරයක නියැලුනි. ඊට අමතරව දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 55ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී ඉන්දියාව වෙනුවෙන් අතිවිශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 145කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 71ක් පෙරමුණේ සිටිමින් තම දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය ඉනිම ලකුණු 323/4ක් වශයෙන් සටහන් වූයේ යළිත් වරක් ක්‍රියාත්මක වූ රෝහිත් ශර්මා මෙම තරගයේ පිට පිටම ලබාගත් දෙවන ශතකයත් සමඟිනි. 

රෝහිත් ලකුණු 127ක් ලබා ගත් අතර ඔහුට අනගි සහයක් ලබා දුන් චෙතේෂ්වර් පුජාරා ලකුණු 81ක් සහ රවින්ද්‍ර ජඩේජා ලකුණු 40ක් ලබා ගත්තේය. අනතුරුව තම ඉනිම අත්හිටුවීමට ඔවුන් තීරණය කළේ දකුණු අප්‍රිකාවට අවසන් ඉනිමේ ලකුණු 395ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් ලබා දෙමිනි.

එහෙත් දකුණු අප්‍රිකානු අවසන් ඉනිමේ දී සියලුම පිතිකරුවන් එකා පිට එකා දැවී ගියේ ලකුණු 191කට සීමා වෙමිනි. දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේ අගපෙළ පිතිකරු ඩාන් පීඩ්ට් වන අතර ඔහු ලකුණු 56ක් රැස් කළේය. මේ අතර තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ සෙනුරන් මුතුසාමි දකුණු අප්‍රිකාව වෙනුවෙන් දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගත්තේ ලකුණු 49ක් එක් කරමිනි.

කෝඩුකාර සිංහයෝ අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම හඬවති!

ආරක්ෂාව පිළිබඳ ගැටලු මැද, ප්‍රවීණයින් සියලු දෙනාම පාහේ නොමැතිව පාකිස්තානය බලා ගිය නවක…

පන්දු යැවීමේ දී මොහමඩ් ශමී 35/5 සහ රවින්ද්‍ර ජඩේජා 87/4ක් ලෙස තම පන්දු යැවීම් වාර්තා සටහන් කළේය.

ඒ අනුව මෙම තරගය ඉන්දියාව ලකුණු 203කින් ජය ගැනීමට සමත් වූයේ තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ලබා ගනිමිනි. මෙම තරගයේ ඉනිම් දෙකේ දී ම ශතක වාර්තා කරමින් ඉන්දීය ජයග්‍රහණයේ නියමුවා බවට පත් වූ රෝහිත් ශර්මා තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබීය.

දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරගය එළඹෙන බ්‍රහස්පතින්දා (10) පුනේ හීදී ඇරඹීමට නියමිතය.

ඉන්දියානු පළමු ඉනිම 502/7: මයන්ක් අගර්වාල් 215, රෝහිත් ශර්මා 176, රවින්ද්‍ර ජඩේජා 30*, කේශව් මහරාජ් 189/3

දකුණු අප්‍රිකානු පළමු ඉනිම 431/10: ඩීන් එල්ගර් 169, ක්වින්ටන් ඩි කොක් 111, ෆෆ් ඩු ප්‍ලෙසිස් 55, රවින්ද්‍රන් අශ්වින් 145/7, රවින්ද්‍ර ජඩේජා 124/2

ඉන්දියානු දෙවන ඉනිම 323/4: රෝහිත් ශර්මා 127, චෙතේෂ්වර් පුජාරා 80, රවින්ද්‍ර ජඩේජා 30*, කේශව් මහරාජ් 127/2

දකුණු අප්‍රිකානු පළමු ඉනිම 191/10: ඩාන් පීඩ්ට් 56, සෙනුරන් මුතුසාමි 49, මොහමඩ් ශමී 35/5, රවින්ද්‍ර ජඩේජා 87/4

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<