ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ SLC T20 ක්‍රිකට් තරගාවලිය නිමා වූයේ බහුතරයක් වූ දකුණේ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් “කොළඹ” කණ්ඩායම ජයග්‍රහණය කරමිනි. කොළඹ, ගාල්ල, දඹුල්ල සහ මහනුවර යන කණ්ඩායම් හතරකින් සමන්විත වූ මෙම තරගාවලිය කාලයකට පසු දේශීය ක්‍රීඩකයන්ට තම දක්ෂතා දැක්වීමට ලැබුණු මහඟු අවස්ථාවක් විය. මේ එකී තරගාවලිය මතින් මතු වූ කතාන්දරය ක්‍රීඩකයන්ගේ දක්ෂතා සමඟ ගලපා ගන්නට කළ උත්සාහයකි.
නායකත්වය ද බාර ගනිමින් උපුල් තරංග කොළඹ දිනවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයන්ගෙන් වඩාත් පරිණත..
උපුල් තරංග
තරගාවලියේ වීරයා සේ ම තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් ද සම්මානයට පාත්‍ර වූ උපුල් තරංග මෙම තරගාවලිය නියෝජනය කළ වැඩිමල් ක්‍රීඩකයන්ගෙන් කෙනෙකි. අම්බලන්ගොඩ නිජබිම කර ගත් 33 හැවිරිදි උපුල් මෙම තරගාවලියේ දී නියෝජනය කළ කොළඹ කණ්ඩායම ජයග්‍රාහී කණ්ඩායම බවට පත් කිරීමට වැඩි දායකත්වයක් දැක්වූ ක්‍රීඩකයාය.
පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එහාටත් මෙහාටත් දෝලනය වෙමින් සිටි උපුල්, මෑත කාලයේ දී ද ක්‍රිකට් පිටියේ තරමක් පසුගාමි චරිතයක්ව සිටි අයුරු මතකය. අතරින් පතර තරගයක් දෙකක් ලැබුණ ද ඒ තරගවල දී ද කතා කළ යුතු තරමේ දක්ෂතාවක් ඔහුගෙන් නොවුණි. 
ජාත්‍යන්තර පිටියේ තත්ත්වය එසේ වෙත්දීත් බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ උපුල්ගේ නැගී සිටීමක් බලාපොරොත්තු වූහ. විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ වරින්වර උපුල්ගේ පෙර දක්ෂතා ගැන ඉහළින් වර්ණනා කරමින් සටහන් තැබුණි. උපුල් සේ ම උපුල්ගේ දක්ෂතා ද ඒ තරමට ම ක්‍රිකට් ප්‍රේක්ෂක සිත් සතන් තුළ ජීවමාන වූහ.
ඒ සියලු බලාපොරොත්තු ඉටු කරමින් මෙවර උපුල් ක්‍රියාත්මක විය. ඒ අනුව උපුල් මීට කලකට ඉහත දී පිටියේ පෑ පෙළහර ඒ ලෙසින්ම දැක බලා ගැනීමට ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ වාසනාවන්ත වූහ. වෙනසකට වූයේ මේ දක්ෂතා දේශීය ක්‍රීඩකයන් ඉදිරියේ පෑමයි.
414 – උපුල් තරංග නිමා වූ තරගාවලියේ අවසාන තරගය ද සමඟින් තරග 6කට ක්‍රීඩා කරමින් ලබා ගත් ලකුණු සංඛ්‍යාවයි ඒ. ඊට ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් ඇතුලත් ය. තරගයක සාමාන්‍ය ලෙසින් 103.5ක් ලෙසින් සටහන් වේ. මේ ලකුණු සංඛ්‍යාවට හතරේ පහර 32ක් සහ හයේ පහර 28ක් ඇතුලත් විය. තරගාවලියේ වැඩිම හතරේ සහ හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා වෙන්නේ ද උපුල් ය.
124* – ගාල්ල කණ්ඩායමට එරෙහිව රැස් කරන ලද මෙම ඉනිම උපුල් ගේ විස්සයි 20 ඕනෑම තරගයක ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා පොත් අතරට එක් වුණි. එමෙන් ම එම ශතකය උපුල් ගේ විස්සයි 20 තරගවල පළමු ශතකය ද වන්නේ ය. පන්දු 48කින් වාර්තා වූ එම ශතකය ඉතා ඉක්මනින් රැස් කරන ලද විස්සයි 20 ශතකය ද වූයේ ය. නොදැවුණ එම ඉනිම පන්දු 67කින් වාර්තා වූ අතර ඊට හතරේ පහර 5ක් සහ හයේ පහර 11ක් ඇතුලත් වුණි.
104* – උපුල් නායකත්වය දරමින් රැස් කරන ලද පළමු ශතකය මෙය වන අතර තරගාවලියේ ඔහු විසින් රැස් කරන ලද දෙවැනි ශතකය ද වේ. මෙම ඉනිමට පන්දු 55ක් වැයව තිබූ අතර හතරේ පහර 6ක් සහ හයේ පහර 9ක් ඇතුලත් විය. එම ඉනිමේ ලකුණු සියය 53 වැනි පන්දුවේ දී වාර්තා කළේය. අවසන් මහා තරගයේ දී වාර්තා වූ මෙම ශතකය හේතුවෙන් අවසන් තරගයේ වීරයා ලෙසින් ද උපුල් නම් කෙරුණි.
50+ – තරගාවලියේ ලකුණු 50ක් හෝ ඊට වැඩියෙන් රැස් කළ ක්‍රීඩකයන් අතුරින් පෙරමුණ ගන්නේ ද උපුල් තරංග ය. ඔහු ඉහත ශතක දෙකට අමතරව මහනුවර කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ලකුණු 62ක් ද රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ගාල්ල කණ්ඩායමට එරෙහි ව ලකුණු 81ක් ද ලබා ගත්තේ ය.
ධනුෂ්ක ගුණතිලක
තරගාවලියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලැබූවේ 27 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක ය. අගනුවර නිජබිම වූවද දඹුල්ල කණ්ඩායම නියෝජනය කළ ධනුෂ්ක ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ප්‍රවිෂ්ට වෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසිනි.

247 – නිමා වූ තරගාවලියේ දී ධනුෂ්ක ලබා ගත් ලකුණු සංඛ්‍යාව තරග 7කට ලකුණු 247කි. මෙම ලකුණු සංඛ්‍යාවට අර්ධ ශතක දෙකක් ඇතුලත් වූ අතර ඔහුගේ හොඳම ඉනිම වෙන්නේ මහනුවර කණ්ඩායමට එරෙහිව වාර්තා කළ ලකුණු 87යි. තරගාවලිය පුරා හතරේ පහර 27ක් සහ හයේ පහර 6ක් වාර්තා කරන ධනුෂ්ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 35.28ක් බවට පත් කර ගෙන සිටියේ ය. පිතිකරු ලැයිස්තුවේ තෙවැනි තැන හිමි වූයේ ධනුශ්කට ය.
7 – පන්දු යවන්නෙක් ලෙසින් ද කටයුතු කළ ධනුෂ්කට තරගාවලියේ දී ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් පමණි. දකුණතින් පිට දඟපන්දු යැවූ ධනුෂ්ක ගේ හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වෙන්නේ ගාල්ල කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ලකුණු 21කට ලබා ගත් කඩුලු 4යි. එම දක්ෂතාව ඔහුගේ විස්සයි 20 තරග දිවියේ ඉහළම දක්ෂතාවය ද වන්නේ ය.
දසුන් ශානක

මීගමුව නිජබිම වූවත් දසුන්ගේ කණ්ඩායම වූයේ මහනුවර යි.
312 – දසුන් නිමා වූ තරගාවලියේ දී තරග 6කට ක්‍රීඩා කරමින් ලකුණු 312ක් ලබා ගනිමින් පිතිකරු ලැයිස්තුවේ දෙවැනි තැනට පත්විය. ශතකයක් සහ අර්ධ ශතක 2ක් වාර්තා කළ දසුන් මේ ලකුණු ප්‍රමාණයට හතරේ පහර 26ක් සහ හයේ පහර 19ක් එල්ල කර තිබුණි.
105* – තරගාවලියේ තෙවැනි ශතකය වාර්තා කිරීමේ ගෞරවය දිනා ගත්තේ දසුන් ය. ගාල්ල කණ්ඩායමට එරෙහිව රැස් කළ මෙම ඉනිමේ ශතකය පන්දු 48කින් රැස් කළ දසුන් ඉනිම නොදැවී නිමා කරන විට පන්දු 52කට මුහුණ දී සිටි අතර හතරේ පහර 13ක් සහ හයේ පහර 5ක් ඊට ඇතුලත් කර තිබුණි.
2 – දකුණතින් මඳ වේගපන්දු යැවූ දසුන් තරගාවලියේ ලබා ගත් කඩුලු සංඛ්‍යාව 2කි. තරග 6කට සහභාගී වූ දසුන් පන්දු වාර 15ක් යවමින් ඒ වෙනුවෙන් ලකුණු 141ක් ලබා දී තිබුණි.
අශාන් ප්‍රියංජන
කොළඹ නාලන්ද විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට දායාද වූ අශාන් ප්‍රියංජන් මේ වන විට 29 වැනි වියේ පසුවේ. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණයට ලක් ව ඇති ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 23කට සහ විස්සයි 20 ජාත්‍යන්තර තරග 3කට ක්‍රීඩා කර ඇත.
SLC T20 තරගාවලිය වෙනුවෙන් දඹුල්ල කණ්ඩායම නියෝජනය කළේ ය.

108 – තරගාවලියේ දෙවැනි ශතකලාභියා ය. මහනුවර කණ්ඩායමට එරෙහිව වාර්තා කරන ලද මෙම ලකුණු ප්‍රමාණය පන්දු 52ක දී රැස් කිරීමට අශාන් සමත් වූයේ හතරේ පහර 9ක් සහ හයේ පහර 6ක් ද සමඟිනි. මෙම ශතකය අශාන් විස්සයි 20 තරගයක දී රැස් කරන ලද පළමු ශතකය ද වන්නේ ය. අශාන්ගේ ශතකය ද 48 වැනි පන්දුවේ දී වාර්තා වීම සුවිශේෂී ය.
කසුන් රාජිත
මාතොටින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිටිය ආක්‍රමණය කළ 25 හැවිරිදි කසුන් රාජිත ගාල්ල කණ්ඩායම නියෝජනය කළේය. මේ වසරේ දී ශ්‍රී ලංකා වර්ණ දිනා ගත් ක්‍රීඩකයන් අතලොස්ස අතර කසුන්ට ද තැනක් හිමි වෙන්නේ ය. ඒ දකුණතින් වේගපන්දු යවන්නෙක් ලෙසින් කණ්ඩායමට එක් වෙමිනි.

231 – කසුන් ගේ පන්දු යැවීම හමුවේ ප්‍රතිවාදීන් ලබා ගත් ලකුණු 231 තරගාවලියේ පන්දු යවන්නෙක්ට එරෙහිව ප්‍රතිවාදීන් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා විය.
චරිත් අසලංක
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා වූ චරිත් අසලංක ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයන් අතුරින් පැහැදිලි අනාගතයක් හිමි ක්‍රීඩකයෙකි. මේ වන විට 21 හැවිරිදි වියේ පසුවෙන චරිත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණයට ලක් වී සිටී.
චරිත් SLC T20 තරගාවලියේ දී තම දක්ෂතා මුදාහැරියේ මහනුවර කණ්ඩායමට ය. තරගාවලියේ දක්ෂතා දක්වමින් කතා බහට ලක්වූ යොවුන් ක්‍රීඩකයන් අතුරින් චරිත්ගේ නම ඉහළින්ම විය.
4/14 – දකුණතින් පිට දඟපන්දු යැවූ චරිත් ගාල්ල කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පෑ මෙම දක්ෂතාව තරගාවලියේ පන්දු යවන්නෙක් ලෙසින් දැක්වූ ඉහළම දක්ෂතාව වෙන්නේ ය. මෙම දක්ෂතාව දැක්වීම වෙනුවෙන් චරිත් වැය කළේ පිට පිට යැවුණ පන්දුවාර 3ක් පමණක් වීමත් කැපී පෙණුනි. මෙම දක්ෂතාව විස්සයි 20 තරගවල චරිත් දැක්වූ ඉහළම දක්ෂතාව ද වන්නේ ය.

105 – වමතින් පිත්ත හසුරුවන චරිත් තරගාවලියේ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 105කි. තරග 6කට සහභාගී වී ඉනිම් 5ක දී මෙම ලකුණු ප්‍රමාණය වාර්තා කරන චරිත් ඉන් එක් ඉනිමක දී නොදැවී සිටින්නේ ය. ඔහුගේ හොඳම ඉනිම වෙන්නේ දඹුල්ල කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී රැස් කරන ලද ලකුණු 43යි. පන්දු 24කින් වාර්තා වූ එම ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුලත් විය. මෙම ඉනිම චරිත්ගේ විස්සයි 20 හොඳම ඉනිම වෙන්නේ ය.
ලසිත් මාලිංග

මහනුවර කණ්ඩායම නියෝජනය කළ මාලිංගට තරගාවලියේ තරග 6කට ක්‍රීඩා කරමින් ලබා ගත හැකි වූයේ කඩුලු 3ක් පමණි. ඒ වෙනුවෙන් පන්දු වාර 24.0ක් යවන මාලිංග ලබා දුන් ලකුණු සංඛ්‍යාව 207කි.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<











