සුරාජ් රන්දීව්ගෙන් විශ්මිත පන්දු යැවීමක්

155
Suraj Randiv

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Tier B ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වීමට ගාල්ල ක්‍රිකට් සමාජයේ සුරාජ් රන්දිව් සමත් විය. ඔහු ප්‍රතිවාදී ඉනිමේ කඩුලු 8ක් දිනා ගනිමින් මෙම දක්ෂතාව දැක්විය.

විස්සයි විස්සේ පූර්ණ තරගාවලි ජයත් දකුණු අප්‍රිකානුවන්ට!

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තෙවැනි විස්සයි විස්ස තරගයත් නිමාවට පත්වූයේ සත්කාරක දකුණු..

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය සහ ගාල්ල ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජ පිටියේ දී පැවති මෙම තරගය විසඳුමකින් තොරව අවසන් විය. කාසියේ වාසිය දිනා ගත් බ්ලූම්ෆීල්ඩ් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි ගාල්ල ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 219ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 128ක් පමණි.

ලකුණු 91ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ ගාලු ක්‍රීඩකයෝ එවර සියලුම දෙනා දැවී ලකුණු 216ක් ලබා ගත්තේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයන්ට ලකුණු 308ක ඉලක්කයක් ලබා දෙමිනි. තරගය නතර කරන විට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 205ක් ලබා සිටිය හ.

Photos: Galle CC vs Bloomfield C & AC | SLC Major League 2018/19 – Tier “B”

ගාල්ල පළමු ඉනිමේ දී නායක හර්ෂ විතාන පන්දු 179කට මුහුණ දී හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 98ක් ලබා ගත් අතර බ්ලූම්ෆීඩ්ල් දෙවැනි ඉනිමේ කඩුලු 8ක් ලකුණු 80කට දවා ගැනීමට දකුණතින් දඟපන්දු යවන සුරාජ් රන්දීව් සමත් වීම කැපී පෙණුණි.

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 219 (65.5) සමීන් කඳනාරච්චි 33, හර්ෂ විතාන 98, සුරාජ් රන්දීව් 20, අකලංක ගනේගම 23, ඉම්රාන් ඛාන් 2/33, තිළිණ තුෂාර 3/39, දිලීප ජයලත් 2/64, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 3/51

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම 128 (72.4) අසන්ත සිංගප්පුලිගේ 46, සචින් ජයවර්ධන 19, සනෝජ් දර්ශික 19, අකලංක ගනේගම 2/21, ගයාන් සිරිසෝම 3/49, සුරාජ් රන්දිව් 2/24, රජීව් වීරසිංහ 2/26

ගාල්ල ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 216 (53.6) සමීන් කඳනාරච්චි 51, අසිම් අලි 30, හර්ෂ විතාන 22, කේ. කේ. කෙවින් 20, සුරාජ් රන්දිව් 45, අරවින්ද ප්‍රේමරත්න 5/43, සනෝජ් දර්ශික 2/25

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; දෙවැනි කඩුලු 9ක් දැවී 205 (72) කසුන් අබේරත්න 42, සචින් ජයවර්ධන 55, ගීෂාත් පණ්ඩිතරත්න 27, තිළිණ තුෂාර 32, සුරාජ් රන්දිව් 8/60

පිතිකරුවෝ වැඩ පෙන්වූ රුහුණු නිල් සටනේ විසඳුමක් නෑ

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත සර්වේසස් විද්‍යාලය අතර 119 වැනි වරටත්..

ලංකන් ක්‍රිකට් සමාජය සහ පානදුර ක්‍රිකට් සමාජය අතර තරගය

පනාගොඩ යුද හමුදා මූලස්ථාන ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරග ජය පරාජයෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනා ගත් පානදුර නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ලංකන් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 295ක් ලබා ගත් අතර පානදුර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 267කි.

Photos: Lankan CC vs Panadura SC | SLC Major League 2018/19 – Tier “B”

ඒ අනුව ලකුණු 28ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ ලංකන් ක්‍රීඩකයෝ එවර කඩුලු 7ක් දැවී ලකුණු 255ක් ලබා ගත්හ. ජයග්‍රහණය සඳහා ලකුණු 284ක ඉලක්කයකට ගිය පානදුර ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 117ක් ලබා සිටිය හ.

ලංකන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 295 (75.2) සංජුල අබේවික්‍රම 30, ලහිරු ඩිල්ශාන් 50, ගීත් කුමාර 50, රාජු ගයාෂාන් 36, සිෆ්රාන් මුතාලිප් 58, උසාමා මිර් 22, විනෝද් පෙරේරා 3/72, අමිත කෞෂල්‍ය 2/39, මිෂේන් සිල්වා 2/46, තුෂාර ප්‍රනාන්දු 2/29

පානදුර ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 267 (82.4) ඉම්රනුල්ලා අස්ලම් 20, තිමිර ජයසිංහ 57, මිෂේන් සිල්වා 72, ෂෙහාන් වීරසිංහ 45, තුෂාර ප්‍රනාන්දු 27, දුලංජන මෙන්ඩිස් 2/74, අයන්ත ද සිල්වා 3/66, ගීත් කුමාර 2/45  

ලංකන් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 255 (62) සංජුල අබේවික්‍රම 26, ගීත් කුමාර 23, සිෆ්රාන් මුතාලිප් 48, චානක රුවන්සිරි 42, උසාමා මිර් නොදැවී 77, ෂෙහාන් වීරසිංහ 2/66, ඉම්රනුල්ලා අස්ලම් 3/28

පානදුර ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 117 (28) ඉම්රනුල්ලා අස්ලම් 64

සුමංගල ක්‍රීඩකයෝ තෙවන වතාවටත් මොරටුව තණතිල්ලේ ජයකෙහෙළි නංවති

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණය..

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් සමාජය අතර තරගය

කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනා ගත් නාවික හමුදා නායකයා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 190ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ගුවන් හමුදා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 269ක් ලබා ගත්හ.

නාවික හමුදා ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමේ දී කඩුලු 8ක් දැවී ලකුණු 316ක් ලබා ගත්තේ නායක සුපුන් ලීලාරත්න ශතකයක් ද සමඟිනි. ඔහු පන්දු 188කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 124ක් ලබා ගනිමින් තරගයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්විය.

Photos: Air Force SC vs Navy SC | SLC Major League 2018/19 – Tier “B”

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 238ක ඉලක්කයක් හඹා ගිය ගුවන් හමුදා ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට කඩුලු 7ක් දැවී ලකුණු 183ක් ලබා සිටිය හ.

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 190 (64.4) තරුෂාන් ඉද්දමල්ගොඩ 91, දුෂාන් හේමන්ත 53, උමේග චතුරංග 2/37, සුමින්ද ලක්ෂාන් 2/34, රොස්කෝ තට්ටිල් 4/17

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 269 (66.5) සචික උදාර 51, උදයවංශ පරාක්‍රම 32, දුලාශ් උදයංග 22, කෞෂල්‍ය ගජසිංහ 45, සුමින්ද ලක්ෂාන් 21, රොස්කෝ තට්ටිල් නොදැවී 59, බුද්ධික මධුශාන් 2/31, සවිඳු පීරිස් 2/26, හෂින් දිල්මාන් 4/40

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 316 (76) රෙවන් කෙලී 25, සුපුන් ලීලාරත්න 124, තරුෂාන් ඉද්දමල්ගොඩ 32, දුෂාන් හේමන්ත 43, සලිත ප්‍රනාන්දු 40, උමේග චතුරංග 2/110, දිලිප් තාරක 2/23, සුමින්ද ලක්ෂාන් 3/80

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 183 (46) දිලිප් තාරක 84, දුලාශ් උදයංග 30, චානක විජේසිංහ 28, සවිඳු පීරිස් 3/33, දුෂාන් හේමන්ත 2/35

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<