පිතිකරුවෝ වැඩ පෙන්වූ රුහුණු නිල් සටනේ විසඳුමක් නෑ

186

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත සර්වේසස් විද්‍යාලය අතර 119 වැනි වරටත් පැවති රුහුණු මහා නිල් සටන අද (24) මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව අවසන් විය.

එසේ වූවද තරගයේ කැපී පෙනෙන සිදුවීම වූයේ දෙපිලේ ක්‍රීඩකයෝ තිදෙනෙක් ශතක වාර්තා කිරීම ය.

තෝමසුවනුත් සර්වේශියානුවනුත් ගැටෙන රුහුණු නිල් මහා සටන

මෙරට වාර්ෂිකව පැවැත්වෙන මහා ක්‍රිකට් තරග අතර පැරණිතම තරග අතුරින් තෙවැනි තැන හිමි කරගෙන සිටින මාතර සාන්ත තෝමස් සහ සාන්ත සර්වේසස්…

කාසියේ වාසිය දිනා ගත් සාන්ත සර්වේසස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර ඔවුන් තම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 351ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් රුසිරු ලක්වින් සහ විහාන් කළිඳු ශතක ලබා ගැනීම කැපී පෙණුනි.

එහි දී ආරම්භක වමත් පිතිකරු චිහාන් කළිඳු පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 114ක් ලබා ගත්තේ ය.

අනතුරුව අංක 4 පිතිකරු රිසිර ලක්වින් පන්දු 176කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමඟින් නොදැවී ලකුණු 128ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් සාන්ත තෝමස් ක්‍රීඩකයෝ සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයන් කළ දේට එකට එක කරමින් තම පළමු ඉනිමට කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 351ක් ලබා ගත්හ. ඒ සාන්ත සර්වේසස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමේ තබා තිබූ අභිමානවත් ඉනිම ද පසු කරමිනි.

එම ඉනිමේ දී ආරම්භක වමත් පිතිකරු හරිඳු ජයසේකර පන්දු 173කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් ලකුණු 105ක් ලබා ගනිමින් තම කණ්ඩායම අභිමානවත් කළේය. ඊට අමතරව ගිශාන්තික ජයවීර, හිරන්ත ලක්ෂාන සහ මිහිසල් අමෝද අර්ධ ශතක ලබා ගත්හ.

සුරතලුන්ගේ එක්දින තරගයේ ජය සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී 31 වැනි වරටත් පැවති සුරතලුන්ගේ…

ලකුණු 77ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ සාන්ත සර්වේසස් ක්‍රීඩකයෝ එවර කඩුලු 4ක් දැවී ලකුණු 151ක් ලබා ගත්හ. ඒ චේතක දෙනුවන් (44) සහ ශෂික දුල්ශාන් (40) එක්ව ගොඩ නැගූ අලංකාර ඉනිම් හේතුවෙනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 75ක ඉලක්කයක් සපුරා ගැනීමට තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත තෝමස් ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කිසිවෙක් නොදැවී ලකුණු 10ක් ලබා සිටිය හ.

සාන්ත සර්වේසස් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 351 (79) රිසිර ලක්වින් නොදැවී 128, චිහාන් කළිඳු 114, ශෂික දුල්ශාන් 45, සසිඳු මනුප්‍රිය 21, හිරන්ත ලක්ෂාන් 2/17, සචිර රෂ්මික 2/78

සාන්ත තෝමස් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 428 (147.1) හරිඳු ජයසේකර 105, ගිශාන්තික ජයවීර 85, හිරන්ත ලක්ෂාන් 74, මිහිසල් අමෝද 58, සිනෙත් සිතාර 32, චේතක දෙනුවන් 2/41, චරිත් හර්ෂණ 2/39, පසිඳු මනුප්‍රිය 3/104

සාන්ත සර්වේසස් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 151 (36.5) චේතක දෙනුවන් 44, ශෂික දුල්ශාන් 40

සාන්ත තෝමස් විද්‍යාලය; දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 10 (2)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<