ධර්මාලෝක, ආනන්ද සහ වේල්ස් කුමර ජය සමරයි

441
Singer U17 schools cricket

සිංගර් වයස අවුරුදු 17 න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තවත් තරඟ කිහිපයක් පසුගිය දින කිහිපයේ දී පැවැත්විණි.

පසුගිය ලිපි: රිච්මන්ඩ් විද්‍යාලය ඉදිරියටම

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය A කාණ්ඩයේ තරඟයක් ලෙස පැවැත්විණි. මෙය, වර්ෂාව නිසා ආරම්භ වීමට තරමක් ප්‍රමාද විය. මෙම තරඟය ජයග්‍රහණය කිරීමට වේල්ස් කුමර විද්‍යාලය සමත් විය.

වේල්ස් කුමර විද්‍යාලය – 100-10 (37.4) සුගත් මෙන්ඩිස් ලකුණු 18යි. පන්දු යැවීමේ දී ලකුණු  18 කට කඩුලු 3 ක් දවාලීමට රශ්මික බණ්ඩාර සමත් විය. තවද ලකුණු 17 කට කඩුලු  2 ක් දවාලීමට උදේශ්ක ඩිල්ශාන් සමත් විය.

නාලන්දා විද්‍යාලය – 87-10 (27.3) මදුෂාන් හසරංග ලකුණු 21යි. පන්දු යැවීමේ දී ලකුණු 22 කට කඩුලු 4 ක් හා රවිදු ජයසිංහ ලකුණු 17 කට කඩුලු 3 ක් දවාලීමට සමත් විය.

පසුගිය ලිපි: ආනන්ද, නාලන්දා, ඉසිපතන විදුහල් දැවැන්ත ජයග්‍රහණයක

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය, එක් කණ්ඩායමකට පන්දුවාර 24 කට සීමිත විය. වර්ෂාව තරගයේ ආරම්භය පමා කිරීම නිසාවෙනි. මෙම තරඟය ආනන්ද විද්‍යාලය ජයග්‍රහණය කරන ලදි.

බෙනඩික්ට් විද්‍යාලය – 120-10 (23.5) විසිත් සාරංග ලකුණු 40, චමිදු විජේසිංහ ලකුණු 21යි. පන්දු යැවීමේ දී චාමික ගුණසේකර ලකුණු 18කට කඩුලු 2 ක් හා දමිත් රේෂාන් ලකුණු 22 කට කඩුලු  2ක් දවාලීමට සමත් විය.

ආනන්ද විද්‍යාලය – 122-7 (21.5) ළහිරු හිරන්‍ය ලකුණු 34*, කමේෂ් නිර්මාල් ලකුණු 31යි. පන්දු යැවීමේ දී තිනේෂ් හර්ෂන ලකුණු 23 කට කඩුලු 3 ක් දවාලන ලදි.

කැළණිය ධර්මාලෝක විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරඟය

මෙම තරඟයද වර්ෂාවෙන් බාධා පැමිණි නිසා පන්දුවාර 43 කට සීමිත කරන ලදි. මෙම තරඟය ධර්මාලෝක විද්‍යාලය ජයග්‍රහණය කිරීමට සමත් විය.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 169-10 (42) සුපුන් සුමතිපාල ලකුණු 29, ෂාලිත ප්‍රනාන්දු ලකුණු 27 ක් හා ජොයෙල් පින්ටෝ ලකුණු 24 ක් ලකුණු පුවරුවේ සටහන් කරන ලදි. පන්දු යැවීමේ දී ලකුණු 22 කට කඩුලු  4ක් දවාලීමට මාධව කවිදු සමත් විය.

ධර්මාලෝක විද්‍යාලය – 170-3 (30.1) දක්ෂ පිතිකරණයක නිරත වූ ෂෙනාල් ඉද්දමල්ගොඩ ලකුණු 70, රවීන් සමරසිංහ ලකුණු 36 ක් හා මාධව කවිදු නොදැවී ලකුණු 34* ක් තම විද්‍යාලයයේ ජයග්‍රහණය සදහා දායක කරන ලදි.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න – එන්න ක්‍රිකට් පිටුවට

රත්ගම දේවපතිරාජ විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා අත්හිටුවීමට තීරණය කරන ලදි.

කොළඹ කේරි විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා අත්හිටුවීමට තීරණය කරන ලදි.

තවත් පුවත් කියවන්න – මුල් පිටුවටත් පිවිසෙන්න