අතුගල්පුරයට උත්සාහක දිනුම් වර්ෂාවක්

644

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ අද (16) සත්කාරක මලියදේව විදුහල හා සාන්ත පීතර විදුහල අතර පැවති තරගයෙන් සාන්ත පීතර විදුහල 82-00ක් ලෙස ඉතා පහසු ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් විය.

ඉසිපතනය හමුවේ විද්‍යා ක්‍රීඩකයින් සිය නිවහනේ දී ම අසරණ වෙයි

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ තවත් තරගයක් අද (16) ගල්කිස්ස විද්‍යා විදුහල්…

තරගය ආරම්භයේ සිටම අවසානය දක්වාම සාන්ත පීතරයින් අත තිබුණ අතර කුරුණෑගල මලියදේවයින් සාන්ත පීතරයින් පාලනය කිරීමට තමන්ගේ සියලු තුරුම්පු භාවිතා කළත් එයින් කිසිදු ඵලක් නොවීය.

සාන්ත පීතර ක්‍රීඩක රවීන් ප්‍රනාන්දුගේ උත්සාහක දිනුමෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක වූ අතර එය උත්සාහක දිනුම් වර්ෂාවක් ලෙස පරිවර්තනය කිරීමට සාන්ත පීතර ක්‍රීඩකයින් සමත් විය. ප්‍රථම අර්ධය අවසානයේ දී ඔවුන් උත්සාහක දිනුම් 6ක් හා ප්‍රවර්තන 5ක් වාර්තා කරගෙන සිටියේය.

ප්‍රවර්තන සියල්ල අසාර්ථක වූවත් ත්‍රිත්වයින් සාර්ථකයි

සිංගර් අන්තර් පාඨශාලීය ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතිය ආරම්භ කරමින් අද (15) සත්කාරක…

ප්‍රථම අර්ධය: සාන්ත පීතර විදුහල 40 – 00 මලියදේව විදුහල

දෙවන අර්ධය ආරම්භ වීමත් සමඟම කෙසේ හෝ ලකුණු රැස්කිරීමේ බලාපොරොත්තුවෙන් මලියදේව ක්‍රීඩකයින් තරගය අවතීර්ණ විය.

නමුත් මලියදේවයින්ගේ අත්වැරදීමකින් මනා ප්‍රයෝජන ගත් සාන්ත පීතර ක්‍රීඩක නිස්රාන් නිලාර් අලංකාර ලෙස උත්සාහක දිනුම් වාර්තා කරමින් මලියදේවයින්ගේ සියලු බලාපොරොත්තු කුඩුපට්ටම් කළේය.

DS ප්‍රහාරයෙන් ආනන්ද ක්‍රීඩකයින්ට දැඩි අලාභ හානී

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් අද (14) CR&FC ක්‍රීඩාංගණයේ දී..

එතැන් පටන් නැවතත් සාන්ත පීතරයින් උත්සාහක දිනුම් වාර්තා කිරීම ආරම්භ කළ අතර එයට මනා ලෙස සහය දෙමින් සන්දේශ් ද මෙල් අලංකාර ලෙස ප්‍රවර්තන සාර්ථක කර ගත්තේය.

තරගය අවසන් වීමට මොහොතකට පෙර මලියදේව ක්‍රීඩකයින් ක්‍රම ක්‍රමයෙන් පිටියේ ඉදිරියට ඇදෙමින් කෙසේ හෝ ලකුණු රැස්කර ගැනීමට උත්සහ කළ අතර එය සාර්ථක වෙනවාත් සමඟම ක්‍රියාත්මක වූ සාන්ත පීතර ක්‍රීඩක ශනෙල් රණසිංහ අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කරමින් එහි ප්‍රවර්තනය සන්දේශ් ද මෙල්ට බාර දුන් අතර ඔහු විසින් සාර්ථකව එය ගෝල කනු අතරින් යව ලදි.

අවසන් ලකුණු තත්ත්වය: සාන්ත පීතර විදුහල 82 (12T, 11C) – 00 මලියදේව විදුහල

ThePapare.com තරගයේ වීරයා – සන්දේශ් ද මෙල්

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

සාන්ත පීතර විදුහල

  • උත්සාහක දිනුම් – රවීන් ප්‍රනාන්දු 2, තේනුක නානායක්කාර 2, සත්මින පෙරේරා 2, නිස්රාන් නිලාර් 1, ස්ටේලෝන් අර්ඩ්ලි 1, යශෝධ මෙන්ඩිස් 1, ශෙනොල් සිල්වා 1, සන්දේශ් ද මෙල් 1, ශානෙල් රණසිංහ 1.
  • ප්‍රවර්තන – සන්දේශ් ද මෙල් 8, තේනුක නානායක්කාර 2, සුහෙල් ප්‍රනාන්දු 1.

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ තරගවල ඡායාරූප සහ සියලු තතුවිත්ති දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<