ශ්‍රී ලංකා කණ්ඩායමට දරුණු ප්‍රහාරයක්

196

දකුණු ආසියානු 15න් පහළ පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තුන්වැනි තරගය අද (25) බංග්ලාදේශය සමඟින් පැවති අතර එහි දී ගෝල 7-1ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. තරගය ඉන්දියාවේ කල්‍යාණි ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

අවසන් මිනිත්තුවේ දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය උදා කර ගනී

දකුණු ආසියානු 15න් පහළ පාපන්දු තරගාවලිය අද ඉන්දීයාවේ දී ආරම්භ විය. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම එහි පළමු තරගය…

තරගයේ ආරම්භක මිනිත්තුවේ දී ම ගෝලයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම උත්සාහ කළ අතර එය සාර්ථකව ව්‍යර්ථ කිරීමට ශ්‍රී ලංකා පසුපෙළ ක්‍රීඩකයන් සමත් විය. තරගයේ මුල් මිනිත්තු කීපයේ දී පන්දුව සම්පූර්ණයෙන්ම බංග්ලාදේශ කණ්ඩායම සතු වූ අතර ඔවුන් මුල් මිනිත්තු 11 තුල ගෝල ලබා ගැනීමේ උත්සාහයන් 5ක් ලබාගෙන තිබුණි.

බංග්ලාදේශ කණ්ඩායම මනා පන්දු පාලනයක් සහිතව ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා පසුපෙළ ක්‍රීඩකයන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම ද ගෝල ලබා ගැනීමට උත්සාහයන් කීපයක් ගත් නමුත් ඒවා සාර්ථක කර ගැනීමට නොහැකි විය. තරගයේ 32 වැනි මිනිත්තුවේ දී ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට බංග්ලාදේශය සමත් වූ අතර තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායමේ අල් අමීන් රහ්මාන් සමත් විය.

පළමු අර්ධය නිමා වීමට පෙර තවත් ගෝලයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම කීපවරක් උත්සාහ කළ අතර එම උත්සාහයන් වැළැක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කෙසේ වෙතත් උත්සාහයක් කීපයකින් අනතුරුව 42 වැනි මිනිත්තුවේ දී තවත් ගෝලයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. එම ගෝලය මොහොමඩ් ඉස්ලාම් විසින් වාර්තා කළ අතර ඒ සමඟින් තරගය ගෝල 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට බංග්ලාදේශය සමත් විය.

දෙවැනි අර්ධයේ දී නේපාලය ශ්‍රී ලංකාව අභිබවයි

දකුණු ආසියානු 15න් පහළ පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන තරගය අද (23) නේපාලය….

දෙවැනි ගෝලය වාර්තා කර මිනිත්තු දෙකක් යාමටත් පෙර තුන්වැනි ගෝලය ද වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූයේ ශ්‍රී ලංකා පසුපෙළ අසරණ කරමිනි. එම ගෝලය අල් අමීන් රහ්මාන් විසින් වාර්තා කළ අතර එය ඔහුගේ දෙවන ගෝලය විය. ඒ සමඟින් පළමු අර්ධය නිමා වූ අතර බංග්ලාදේශ කණ්ඩායම ගෝල 3-0ක් ලෙස එහි පෙරමුණ ගැනීමට සමත් විය. 

පළමු අර්ධය: බංග්ලාදේශය 03 – 00 ශ්‍රී ලංකාව 

දෙවන අර්ධය ආරම්භයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම strike ක්‍රීඩක තාරුක අශාන්ත වෙනුවට මොහොමඩ් ඉහ්ශාන් ආදේශ කිරීමට තීරණය කළේය. දෙවන අර්ධයේ දී ද තම ග්‍රහණය මදක් හෝ ලිහිල් නොකිරීමට බංග්ලාදේශ කණ්ඩායම කටයුතු කළ අතර දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු දෙකක් යාමටත් පෙර තම සිව්වැනි ගෝලය වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් විය. එම ගෝලය අල් මිරාඩ් විසින් වාර්තා කළේය. 

ගෝල 4-0ක් ලෙස තරගයේ වැඩි වාසි ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්ව සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායමට යම් බලාපොරොත්තුවක් ගෙන ඒමට මොහොමඩ් මිහ්‍රාන් සමත් වූයේ 50 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමිනි. ඒ සමඟින් ලකුණු තත්ත්වය 4-1ක් ලෙස දිස්විය. 

Lewandowski සැණකෙළි පෙන්වද්දී මැන්චෙස්ටර් යුනයිටඩ් ඇද වැටේ!

එංගලන්ත ප්‍රිමියර් ලීග් තෙවැනි සති අන්තය මෙන්ම Bundesliga හා La Liga දෙවන සති අන්තයන් ද අද (24) ආරම්භ වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අභියෝගයක් වෙමින් තරගයේ 59 වැනි මිනිත්තුවේ දී ගෝලයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම උත්සාහ කළ අතර එය ව්‍යර්ථ වූව ද එම මිනිත්තුවේ දී ම තම පස්වැනි ගෝලය වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. එම ගෝලය වාර්තා කළේ අල් අමීන් රහ්මාන් විසිනි. එය ඔහුගේ තුන්වැනි ගෝලය ලෙස සටහන් විය. 

අවසන් මිනිත්තු කීපයේ දී තරගයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු සුනුවිසුනු කිරීමට ගොලම් රැබී සමත් වූ අතර ඔහු 67 වැනි මිනිත්තුවේ දී බංග්ලාදේශය වෙනුවෙන් හයවැනි ගෝලය වාර්තා කළේය. ඉන් මිනිත්තු කීපයක් යාමටත් පෙර තම සිව්වැනි ගෝලය වාර්තා කිරීමට අල් අමීන් රහ්මාන් සමත් විය. ඒ 71 වැනි මිනිත්තුවේ දී ය. 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් කීපයක් කරමින් තවත් ගෝලයක් ලබා ගැනීමට උත්සාහ කළ අතර එම උත්සාහයන් ව්‍යර්ථ කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. 

තරගය අවසන් වූයේ ගෝල 7-1ක් ලෙස ප්‍රබල ජයග්‍රහණයක් බංග්ලාදේශයට හිමිකර දෙමිනි. 

අවසන් ලකුණු තත්ත්වය: බංග්ලාදේශය 07 – 01 ශ්‍රී ලංකාව

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ තරග තුනකට සහභාගි වී ඇති අතර ඉන් එක් තරගයක් ජයග්‍රහණය කරමින් තරග දෙකක් පරාජය වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය 27 වැනිදා ඉන්දියාව සමඟින් පැවැත්වීමට නියමිතය. 


ඉන්දියාව හා භූතානය අතර තරගය

තරගාවලියේ තවත් තරගයක් අද (25) භූතානය හා ඉන්දියාව අතර පැවති අතර එහිදී ගෝල 7 – 0 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පළමු මිනිත්තුවේදී අමන්දීප් විසින් පළමු ගෝලය වාර්තා කිරිමට සමත්විය. දෙවන ගෝලයත් පළමු මිනිත්තුවේදීම වාර්තා කිරීමට ලොයිටොන්ග්බම් සමත්වූ අතර තුන්වන ගෝලය වාර්තා වූයේ 10 වන මිනිත්තුවේදීය. එම ගෝලය නොන්ග්මෙයිකාපම් විසින් වාර්තා කලේය.

23 වන මිනිත්තුවේදී සින්ග්සන් හා 25 වන මිනිත්තුවේදී නොන්ග්මෙයිකාපම් විසින්ද ගෝල වාර්තා කලේය.

පළමු අර්ධය : ඉන්දියාව 5 – 0 භූතානය 

දෙවන අර්ධයේදී 62 වන මිනිත්තුවේදී ලොයිටොන්ග්බම් විසින් ගෝලයක් වාර්තා කල අතර අවසන් ගෝලය වාර්තා කලේ රෙනෙඩි විසිනි. ඒ 91 වන මිනිත්තුවේදීය.

අවසන් ලකුණු තත්ත්වය : ඉන්දියාව 7 – 0 භූතානය

දකුණු ආසියානු 15න් පහළ පාපන්දු තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්.‍ රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<