අභියෝග ශූරතාවයන් මොරගල්ලට සහ පුත්තලමට

407
Rupavahini Volleyball tournament Novices finalsRupavahini Volleyball tournament Novices finals

30 වැනි වරටත් ශ්‍රී ලංකා ජාතික රූපවාහිනි නාලිකාව, ශ්‍රී ලංකා යෞවන සම්මේලනය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලැබූ “රූපවාහිනි අභියෝග ශූරතා” වොලිබෝල් තරගාවලියේ පිරිමි අවසන් මහා ශූරතාවය දිනා ගන්නට මොරගල්ල යෞවන සමාජය සමත් වූ අතර කාන්තා ශූරතාවය දිනා ගන්නට සමත් වූයේ තොඩුවාව යෞවන සමාජයයි.

රූපවාහිනී අභියෝග ශූරතා තරඟ 11 වැනිදා

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය හා එක්ව සංවිධානය කරනු ලැබූ “රූපවාහිනී අභියෝගතා කුසලාන” වොලිබෝල්…

කාන්තා අංශය

කාන්තා අංශයේ තරග පැවතියේ ඉකුත් දා මීගමුව ජේරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

අවසන් මහා තරගයට තේරී පත්වී සිටියේ හම්බන්තොට හුංගම විජයබා ක්‍රීඩා සමාජය සහ පුත්තලම තොඩුවාව යෞවන සමාජය යන ක්‍රීඩා සමාජයන් ද්විත්වයයි.

තරගයේ පළමු වටයේදී ඉතාමත් හොඳින් තරගයට අවතීර්ණ වුනු හම්බන්තොට ක්‍රීඩිකාවන් පුත්තලම ක්‍රීඩිකාවන් හට ඉතාමත් වේගවත් ප්‍රහාර වලින් සලකමින් ක්‍රීඩා කල අතර පුත්තලම ක්‍රීඩිකාවන් ද සාර්ථකව පන්දු අවරණය කරමින් කරට කර තරගයක නිරත විය. කෙසේ නමුත් එම වටයේ ජය හිමිකරගත්තේ 24/26ක් ලෙස හම්බන්තොට ක්‍රීඩා සමාජය විසිනුයි.

දෙවැනි වටයට ජයග්‍රාහී මානසිකත්වයකින් පිවිසි හම්බන්තොට ක්‍රීඩිකාවන් විසින් එම වටය ජය ගනිවි යැයි ප්‍රේක්ෂකයින් සිතු නමුත් පරාජයේ වේදනාවන් මනාව අත්දැකීම් බවට හරවා ගත් පුත්තලම ක්‍රීඩිකාවෝ ඉදිරියට ඇදුනේ හම්බන්තොට ක්‍රීඩිකාවන් සාර්ථක මෙල්ල කරමිනි. එම තරගයත් ලකුණු සම වෙමින් ඉදිරියට ඇදි ගියේ හම්බන්තොට ක්‍රීඩිකාවන් ද ලෙහෙසියෙන් තරගය අත් නොහරින බවක් පෙන්නුම් කරමිනි. කෙසේ නමුත් එම වටයේදී 26/24 ක් ලෙස ජය හිමි කර ගත්තේ පුත්තලම තොඩුවාව සමාජය විසිනි.

තරගයේ තෙවැනි වටයේදී යම් තැතිගැම්මකට ලක්ව සිටි හම්බන්තොට ක්‍රීඩිකාවන් තවත් බිය වද්දමින් පුත්තලම ක්‍රීඩිකාවන් ඉදිරියට ඇදෙනු දැක ගත හැකි විය. හම්බන්තොට ක්‍රීඩිකාවන් මෙම වටයේදී විඩාවට පත්ව සිටින අයුරක් දැක ගන්නට ලැබුනු අතර එම අවස්තාවෙන් මනාව ප්‍රයෝජන ගත් පුත්තලම ක්‍රීඩිකාවන් විසින් එම වටය ජයග්‍රහණය කෙරුවේ 25/23ක් ලෙසිනි.

සිව්වැනි වටයේදී හම්බන්තොට ක්‍රීඩිකාවන් සුක්ෂම අයුරින් මෙල්ල කිරීමට පුත්තලම ක්‍රීඩිකාවාන් සමත් වූ අතර හම්බන්තොට ක්‍රීඩිකාවන්ද තරගය අත හැර දමා ක්‍රීඩා කරන විලාසයක් දක්නට ලැබිනි. කෙසේ නමුත් සාර්ථක පන්දු පිරි නැමීම් සහ වැලැක්වීම් මනාව ප්‍රකඨ කල පුත්තලම ක්‍රීඩිකාවන් 25/18ක් ලෙසින් එම වටය ජයග්‍රහණය කරමින් අවසන් කිරුලට හිමිකම් කියනා ලදී.

අවසන් ලකුණු තත්වය: 24/26, 26/24, 25/23, 25/18 (3:1) පුත්තලම තොඩුවාව යෞවන සමාජය

තෙවන ස්ථානය: අම්පාර සුපර් කින්ග්ස් යෞවන සමාජය

අනුශූරතාවය: හම්බන්තොට හුංගම විජයබා ක්‍රීඩා සමාජය

ශූරතාවය: පුත්තලම තොඩුවාව යෞවන සමාජය

  • දක්ෂතම පන්දු පිරිනමන්නිය – M.P.N. ප්‍රබෝදිනි (තොඩුවාව යෞවන සමාජය)
  • දක්ෂතම පන්දු ලබාගන්නිය – W.I.J. ප්‍රනාන්දු (තොඩුවාව යෞවන සමාජය)
  • දක්ෂතම පන්දු ඔසවන්නිය – U. D. A. ප්‍රනාන්දු (තොඩුවාව යෞවන සමාජය)
  • දක්ෂතම පන්දු ප්‍රහාරිකාව – W. A. M. R. කෞෂල්‍යා (තොඩුවාව යෞවන සමාජය)
  • දක්ෂතම ප්‍රහාර වලක්වන්නිය – H. G. S. ලක්චානි (විජයබා ක්‍රීඩා සමාජය)
  • දක්ෂතම පිටිය ආරක්ෂාකරන්නිය – A. S. ප්‍රබෝධා (විජය ක්‍රීඩා සමාජය)

පිරිමි අංශය

පිරිමි අංශයේ අවසන් මහා සටනට සහභාගී වූයේ රදාවාන ගොල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය සහ මොරගල්ල යෞවන සමාජ කණ්ඩායමයි. පිරිමි අංශයේ අවසන් මහා තරගය අද (11) පැවතියේ මහරගම තරුණසේවා සභා ගෘහස්ත ක්‍රීඩා පිටියේදීයි.

වඩාත් හොඳ, ක්‍රීඩාශීලී, තියුණු තරගයකට පාර කපන්නට කණ්ඩායම් දෙකම සමත් වීම මෙහිදි කැපිපෙනෙයි. පළමු වටයේ සිටම මොරගල්ල ක්‍රීඩකයින් විසින් රදාවාන ක්‍රීඩකයින් හට දැඩි අභියෝගයක් එල්ල කරනු ලැබූ අතර රදාවාන ක්‍රීඩකයෝ ප්‍රභල ලෙස පන්දුවට පහර දෙමින් මොරගල්ල ක්‍රීඩා සමාජයට අභියෝග කරනු දක්නට ලැබුනි. තරගයේ ප්‍රථම වටය ලකුණ සමවෙමින් ඉදිරියට ඇදි ගිය අතර 24/23ක් ලෙසින් තරගයේ ලකුණු නැවතී තිබියදී එය 25ක් දක්වා රැගෙන යමින් ජයග්‍රහණය වාර්තා කලේ මොරගල්ල ක්‍රීඩා සමාජය විසිනුයි.

තරගයේ දෙවැනි අර්ධයේදී ද වඩාත් ප්‍රභල ක්‍රීඩා විලාසයක් කණ්ඩායම් දෙකම විසින් පෙන්නුම් කලද මොරගල්ල අභියෝගය හමුවේ යම් කිසි බිඳ වැටීමකට රදාවාන ක්‍රීඩකයෝ ලක්ව සිටි බව පෙනෙන්නට විය. කෙසේ නමුත් ඉතාමත් හොඳින් කරට කර කණ්ඩායම් දෙකම තරග වැදුනු අතර එම වටයේදී මොරගල්ල ක්‍රීඩකයෝ දස්කම් ප්‍රකඨ කරමින් 25/23ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන ලදී.

තෙවැනි වටය වඩාත් උද්යෝගීකර එකක් වූයේ මොරගල්ල සමාජය තෙවැනි වටයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට උත්සහ කිරීමත් රදාවාන ක්‍රීඩකයෝ එක් වටයක් හෝ ජය ගැනීමට උත්සහ කිරීමත් නිසාවෙනි. කණ්ඩායම් දෙකේම උත්සාහයන් කෙතරම් ප්‍රභලද යත් එම වටය නිමාවට පත්වූයේ 33/31ක් ලෙස අතිරේක කාලයක් දක්වා තරගය දිග් ගැස්සෙමිනි. ඒ සමඟින් මොරගල්ල ක්‍රීඩා සමාජය සමස්ත ශූරතාවය දිනා ගනු ලැබුවේ 3:0ක් ලෙස ප්‍රතිවාදීන් පරාජය කරමිනි.

අවසන් ලකුණු තත්වය: 25/23, 25/23, 33/31 (3:0) මොරගල්ල යෞවන සමාජය

තෙවන ස්ථානය: රත්නපුර බලංගොඩ යෞවන සමාජය

අනුශූරතාවය: ගම්පහ රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය

ශූරතාවය: කළුතර මොරගල්ල යෞවන සමාජය

  • දක්ෂතම පන්දු පිරිනමන්නා – R. M. චතුර ප්‍රබුද්ධ (ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය)
  • දක්ෂතම පන්දු ලබාගන්නා – අශේන් සුමියුරු (මොරගල්ල යෞවන සමාජය)
  • දක්ෂතම පන්දු ඔසවන්නා – හශාන් මාලක (මොරගල්ල යෞවන සමාජය)
  • දක්ෂතම පන්දු ප්‍රහාරකයා – S. තිසුර ලක්ෂාන් (මොරගල්ල යෞවන සමාජය)
  • දක්ෂතම ප්‍රහාර වලක්වන්නා – H. ධනුක ප්‍රසන්න (මොරගල්ල යෞවන සමාජය)
  • දක්ෂතම පිටිය ආරක්ෂාකරන්නා – L. K. සහන් චතුරංග (ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය)

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටුවට