2019 ලෝක කුසලානයට ගිය බංග්ලාදේශ ක්‍රීඩකයින්ට ඉල්ලමක්!

71

බංග්ලාදේශ ක්‍රිකට් සුභසාධක මණ්ඩලයේ නොපසුබට උත්සාහය නිසාවෙන් 2019 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ දැක්වූ දස්කම් අනුව එම සංචිතයේ සිටි ක්‍රීඩකයින් හට ලැබීමට නියමිතව තිබූ ප්‍රසාද දීමනාව ඉතාමත් ඉක්මණින්ම ගෙවීමට කටයුතු කරන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසා සිටියි. 

ඉන්දියාවේ ඕස්ට්‍රේලියා සංචාරයට දින නියම කෙරේ

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසරේ ජූලි මස 05 වැනිදා 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ගමන නිමා කළේ පාකිස්තානය සමඟ පැවති තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව ඔවුන් එම තරගාවලිය තුළ දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්ථානය යන කණ්ඩායම් පරාජයට පත් කරමින් තරග තුනක් ජයග්‍රහණය කළ අතර ඒ නිසාවෙන් ඔවුන්ට එක් තරග ජයග්‍රහණයකට ඇමරිකානු ඩොලර් 40,000 බැගින් තරග ජයග්‍රහණ තුන සඳහා ඇමරිකානු ඩොලර් 120,000ක මුදලක් හිමිවනු ඇත. 

“බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය එම මුදල් ප්‍රමාණය ඉතාමත් ඉක්මණින්ම ක්‍රීඩකයින් වෙත බෙදා දීමට කටයුතු සූදානම් කරන බව පවසා සිටියා. ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ජාත්‍යන්තර සම්මේලනය මෙම සිදුවීම සඳහා මැදිහත් වෙලා ඔවුන්ගේ සහය ලබා දුන්නා. ICC එක සහ එම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වුනු කණ්ඩායම් වල ක්‍රීඩකයින් යම් යම් කොන්දේසි වලට යටත්ව යම් ගිවිසුම් කිහිපයකුත් අත්සන් කරලා තිබ්බා. ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩකයින්ට මේ මුදල ඉතාමත් ඉක්මණින්ම ලැබෙයි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා.” යැයි බංග්ලාදේශ ක්‍රිකට් සුභසාධක සංගමයේ සභාපති නයිමුර් රහමාන් මහතා Cricbuzz වෙබ් අඩවිය වෙත පවසා තිබේ. 

එංගලන්ත වේගපන්දු යවන්නා ටෙස්ට් තෝරාගනී

ගිවිසුමට අනුව ඒ අදාළ ක්‍රිකට් ආයතනයට ICCය එම මුදල් ලබා දී දින 14ක් ඇතුළත අදාළ ක්‍රිකට් ක්‍රීඩකයින් හට එම මුදල් ප්‍රමාණයන් ලැබිය යුතුය. නමුත් බංග්ලාදේශ ක්‍රිකට් පරිපාලනය එම වැඩපිළිවෙල පිළිබඳව කිසිඳු අවධානයක් යොමුකර නොමැති බවත්, ඔවුන්ට හිමි වාර්ෂික කොන්ත්‍රාත් ගාස්තුව ගෙවනවා නම් එම ලෝක කුසලාන මුදල් ප්‍රමාණය ක්‍රීඩකයින් අතර බෙදන්නේ කුමකට ද බව පවසමින් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් පරිපාලනය අතර යම් මතභේදාත්මක තත්වයක් උද්ගත විය. නමුත් හැකි ඉක්මණින්ම එම මුදල් ක්‍රීඩකයින් වෙත ලැබීමට සලස්වන බවට බංග්ලාදේශ ක්‍රිකට් පරිපාලනය තීරණය කර ඇති බව ද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රහමාන් මහතා පැවසීය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<