33 වන වරට පැවැත්වෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඉසව් ඊයේ (11) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.
යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නව ශ්‍රී ලංකා වාර්තා 2ක්
54 වන වරට පැවති ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා..
තරග ඉසව් පැවැත්වෙන වයස අවුරුදු 12න්, 14න්, 16න්, 18න් සහ 20න් පහළ වයස් කාණ්ඩ වල බාලක සහ බාලිකා අංශ දෙකේම ජයග්‍රාහකයින් සහ අනුශූරතාවය දිනා ගන්නා තරගකරුවන් සහ තරගකාරිනියන් සඳහා මෙහි දී කේවල ශූරතා කුසලාන පිරිනැමෙනු ඇත. පෙර අවුරුදුවල දී බාලක සහ බාලිකා අංශ සඳහා වෙන වෙනම ලබා දුන් ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ සහ සමස්ත ශූරතාවලට අමතරව මෙම වසරේ දී තවත් නව අභියෝගතා ශූරතාවයක් හඳුන්වා දෙන්නට සංවිධායකයින් තීරණය කර ඇති අතර ඒ අනුව තරගාවලියේ ඉහළම දක්‍ෂතා දක්වන මිශ්‍ර පාසලට ද මෙම වසරේ දී අභියෝගතා ශූරතාවයක් පිරිනැමෙනු ඇත. මේ හරහා මිශ්‍ර පාසල්වලට ද තරගාවලියේ දී ඉහළ ස්ථානයක් හිමිකර ගැනීමට හැකියාව ලැබේ.
දින 5ක් පුරා පැවැත්වෙන මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනය වූ ඊයේ දිනයට අධික වර්ෂාපතනයෙන් බාධා එල්ල වූ අතර ඒ අනුව ඊයේ පැවැත්වීමට තිබූ තරග ඉසව් සියල්ලම පාහේ ප්‍රමාද කිරීමට සිදු විය. පසුව අවසන් තරග කිහිපයක් පමණක් පැවැත්වීමට කටයුතු කෙරුණු අතර තවත් පිටිය ඉසව් රැසක් අද දිනය දක්වා කල් දමන ලදි.
හඳුන්වා දෙන ලද නව වයස් කාණ්ඩ යටතේ පැවැත්වෙන පළමු සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල මෙය වීම නිසා මෙවර තරගාවලියේ දී තරගාවලි වාර්තා බිඳ දැමීමක් සිදු නොවේ.
ඊයේ පැවැත්වුණු පළමු ජ්‍යෙෂ්ඨ අවසන් තරගය වන වයස අවුරුදු 18න් පහළ තුන් පිම්ම අවසන් තරගයේ දී මීටර 12.01ක දක්ෂතාවයක් දැක්වූ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ සත්සරා සංදීපනී එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර එහි දී මීටර 12 සීමාව පසුකිරීමට සමත් වූ එකම ක්‍රීඩිකාව ඇයයි. දිප්පිටිය රාජගිරිය මහා විද්‍යාලයේ එස්. පී. කරුණානායක එහි දී දෙවන ස්ථානය දිනාගත් අතර තෙවන ස්ථානය හිමි වූයේ නෙත්මි මේඝවර්ණ හටයි.

වයස අවුරුදු 12න් පහළ බාලිකා දුර පැනීම අවසන් තරගයේ දී මීටර 4.55ක දක්ෂතාවයක් දැක්වූ පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ ශිහාරා සඳමිනී රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර රිදී පදක්කම මීටර 4.53ක දක්ෂතාවයක් දැක්වූ ආවේ මරියා කන්‍යාරාමයේ එම්. ජී. රණසිංහ විසින් දිනා ගන්නා ලදි. එහි ලෝකඩ පදක්කම දිනාගනු ලැබුවේ මීටර 4.27ක දක්ෂතාවයක් දැක්වූ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ඩබ්. ඒ. දහම්දි විසිනි.


පළමු දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ තරග ඉසව් ද දෙවන දිනය වෙත කල් දැමීමට සිදුවීම හේතුවෙන් අද දිනය තුල ඉසව් රාශියක් පැවැත්වීමට නියමිතව තිබෙන අතර 33 වන වරට පැවැත්වෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානමෙන් සිටියි.
පළමු දිනයේ තරග ප්‍රතිඵල

























