ඔලිම්පික් දිනයට අලුත් වැඩක්

146

ඔලිම්පික් දින සැමරුම ලෝකය පුරා රටවල් ගණනාවක් විසින් ඉතාමත් උත්කර්ශවත් අන්දමින් සමරනු ලබන අතර මෙවරත් 23 වන දින ලෝකයම එය ඒ ආකාරයටම සමරන විට ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවද එය වෙනස්ම ආකාරයකට සමරන්නට තීරණය කර ඇත.

Video – කන්ද උඩරටින් ලොව දිනන්නට පැමිණි ඇය – අමාෂා ද සිල්වා

ශ්‍රී ලංකාව……


“ජාතික ඔලිම්පික් දින සැමරුම – අද්විතීය මුහුණුවරකින්” යන තේමා පාඨයකින් මෙවර ඔලිම්පික් දිනය සැමරීමට තීරණය කර ඇති අතර එය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (13) දින ඔලිම්පික් කමිටු පරිශ්‍රයේදී පැවැත්විය.

මෙවර ඔලිම්පික් දින සැමරුම සුවිශේෂී අංග ගණනාවකින් ඉතාමත් අලංකාර අන්දමින් පැවැත්වීමට නියමිත අතර මෙම ඔලිම්පික් දින සැමරුම මඟින් සමාජයේ විවිධ පාර්ශවයන්ට ප්‍රතිලාභ රැසක් අත්පත්කර දෙනු ලබයි. මෙම වසරේ ඔලිම්පික් දින සැමරුමෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මැතිතුමාද, විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මියද පැමිණීමට නියමිතය.

Video – ඔලිම්පික් පථය දිනන්නට වරම් ඇති ශෙලීන්ඩා

ගේට්වේ ජාත්‍යන්තර පාසලේ නැගී එන කෙටි දුර …….


මෙම දින පැවැත්වීමට නියමිත තවත් සුවිශේෂී අංගයක් ලෙස “කොරල් පරයට පුනර්ජීවයක්” යන තේමාව මුල්කර ගෙන මාතර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් සඳහා විවෘත චිත්‍ර තරගයක් පැවැත්වීමටද කටයුතු සුදානම් කර ඇති අතර එහි ජයග්‍රාහකයන්ට සහතික පත්‍ර සහ ත්‍යාග පිරිනැමීමටද නියමිතය. පරිසරයේ සුරක්ෂිතභාවය සහ තිරසාරභාවය පිළිබඳව ගෝලීය හවුල් කාරයෙකු වන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් මෙවර ඔලිම්පික් දින සැමරුමට සමගාමීව ස්වභාව ධර්මය කෙරෙහිද අවධානය යොමු කිරීමට සුවිශේෂී උත්සාහයක් ගෙන ඇත.

Video – ජාත්‍යන්තරය ජය ගැනීමට වෙර දරන ඇය – ඩිලිෂි

වලල ඒ. රත්නායක විද්‍යාලය නියෝජනය කරන ඇය ……


මෙවර ඔලිම්පික් දින උදෑසන කාලයේදී මාතර දිස්ත්‍රික් පාසල් ළමුන් මෙන්ම තවත් රාජ්‍ය ආයතන වල සහභාගීත්වයෙන් පොල්හේන වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සිදුකිරීමට නියමිතය. තවද මාතර පොල්හේන වෙරළ තීරය පදනම් කර ගනිමින් කොරල්පර වගා කිරීමේ ව්‍යාපෘතියක්ද දියත් කිරීමට සූදානම්ව සිටී. මීට අමතරව මෙම ඔලිම්පික් සැමරුම් දිනය තව තවත් විචිත්‍රවත් කරමින් පොල්හේන වෙරළ තීරය ආශ්‍රිතව වෙරළ සහ ජල ක්‍රීඩා ප්‍රදර්ශනයක්ද පැවැත්වීමට නියමිතය.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<