නේමාර් කට වරද්දා ගනී

355
Paris Saint-Germain's Brazilian forward Neymar gestures as he arrives for a training session at the Stade de France, in Saint-Denis, near Paris, on April 26, 2019, on the eve of their French Cup final football match against Rennes. (Photo by Anne-Christine POUJOULAT / AFP)

බ්‍රසීලයේ සුපිරි පාපන්දු තරුවක් වන නේමාර් ද සිල්වා හට Champions League පාපන්දු තරගාවලියේ තරග 3ක තරග තහනමක් පැනවීමට UEFA (Union of European Football Association) තීරණය කර තිබේ.

Paris Saint Germain හා Manchester United කණ්ඩායම අතර පැවති තරගයෙන් අනතුරුව නේමාර් විසින් සිදු කළ ප්‍රකාශයක් මගින් තරග තීරකවරුන් විවේචනයට ලක්කර තිබීම මෙයට හේතුවයි. එම තරගයෙන් Paris Saint Germain කණ්ඩායම පරාජය වූ අතර තරගාවලියෙන් ඉවත් වීමටත් ඔවුන්ට සිදු විය.

>>FIFA විසින් 8 දෙනෙකුට එරෙහිව වාරණ

නේමාර්ට ආබාධයක් හේතුවෙන් පසුගිය මාර්තු 6 වැනිදා පැවති මෙම තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර Champions League තරගාවලියේ දෙවන වටයේ තරගයක් ලෙස මෙම තරගය පැවැත්විය. ගෝල 3-1ක් ලෙස Manchester United කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය. Parc des Princes හි පැවති මෙම තරගයෙන් අනතුරුව තරග තීරකවරුන් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කරමින් නේමාර් “go fuck yourselves” යනුවෙන් පවසා තිබීම දැඩි කතාබහට ලක්වී තිබුණි.

“තරග තීරකවරුන් ප්‍රසිද්ධියේ විවේචනය, බැණවැදීම” යන චෝදනා යටතේ නේමාර් වැරදිකරු කිරීමට යුරෝපීය පාපන්දු පාලනාධිකාරිය පසුගිය මාර්තු 22 වැනිදා තීරණය කර තිබේ. නේමාර්ට විරුද්ධව පැවති පරීක්ෂණයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව 27 හැවිරිදි නේමාර්ට ඉදිරියේ පැවැත්වීමට නියමිත Champions League තරගාවලියේ Paris Saint Germain කණ්ඩායමට ඇති මූලික වටයේ තරගවලින් අඩක් පමණ මගහැරෙනු ඇත. Manchester United සමඟ පැවති තරගයේ දී අමතර කාලයේ දී Manchester කණ්ඩායමට ලබාදු න් තීරණාත්මක දඬුවම් පහර නිසා මෙම සිදුවීම සිදුව ඇති අතර එම දඬුවම් පහර සාර්ථක කර ගත් Marcus Rashford Manchester කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

“මේක ලැජ්ජාවක්. එතන හිටිය හතර දෙනාම පාපන්දු දන්නෙ නෑ. ඔවුන්ට රූපවාහිනී දර්ශන බලලා මේක තීරණය කරන්න තිබ්බා” යනුවෙන් නේමාර් විසින් පෘතුගීසි බසින් Instagram හි පලකර ඇත.

මෙම තරගයේ දී විවාදාත්මක දඬුවම් පහරක් Manchester United කණ්ඩායමට හිමි වූයේ පන්දුව PSG ක්‍රීඩකයෙකුගේ අතේ වැදීම නිසාවෙනි. එම තීරණය VAR (Video Assistance Refree) තාක්ෂණය මගින් ලබා දී ඇත. එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් Marcus Rashford ගෝලයක් වාර්තා කරමින් Manchester කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය දක්වා ‍රැගෙන යාමට සමත් විය.

මෙම සිදුවීමෙන් පසු නේමාර් දැඩි කලහකාරී ලෙස හැසිරී ඇති අතර ඔහු විනිසුරුවන්ගේ කාමරය තුලට ඇතුළු වීමට ගත් උත්සාහය PSG කාර්යය මණ්ඩලය විසින් වළක්වා තිබුණි.

>>ශ්‍රී ලංකාව සහ මැකාවු පාපන්දු ලෝක කුසලාන සිහිනයට පොර අල්ලයි

Manchester United කණ්ඩායමට මෙම දඬුවම් පහර හිමි වූයේ Diago Dalotගේ පහරක් Presnal Kimpembeගේ අතේ වැදීම නිසාවෙනි.

Paris Saints Germain කණ්ඩායම 2017 වර්ෂයේ දී Barcelona කණ්ඩායමෙන් මිලට ගත්තේ යුරෝ මිලියන 222ක මුදලකට වීම විශේෂත්වයකි. එමගින් නේමාර් එම වර්ෂයේ වැඩිම වටිනාකමක් සහිත ක්‍රීඩකයා බවට ද පත්විය. PSG කණ්ඩායම තම පළමු Champions League ශූරතාවය ජයග්‍රහණය කිරීමේ අරමුණින් එවැනි සුපිරි ක්‍රීඩකයන් රැසක් කණ්ඩායමට එක් කර ගත් නමුත් පසුගිය තරගාවලි 3 දී ම ඔවුන්ට අවසන් 16 දෙනාගේ වටයෙන් ඉවත් වීමට සිදු විය.

PSG කණ්ඩායම මුහුණ දුන් තීරණාත්මක තරග රැසක්ම නේමාර්ට ආබාධ නිසාවෙන් අහිමි වී ගියේය. 2018 වසරේ ජය පරාජයකින් තොරව නිමා වූ Real Madrid කණ්ඩායම සමඟ තරගය ද නේමාර්ට ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර මෙම වසරේ Manchester United සමඟ 16 දෙනාගේ වටයේ තරග දෙකම අහිමි වී ගියේ එම ආබාධ හේතුවෙනි.

පසුගිය වසරේ ජුනි මාසයේ දී නේමාර්ගේ කණ්ඩායමේ සාමාජිකයෙක් වූ Gianluigi Buffonට තරග 3ක තරග තහනමක් පැනවීමට UEFA විසින් තීරණය කළේ ඔහු මීට පෙර ක්‍රීඩා කළ Juventus කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේ දී Real Madrid කණ්ඩායම විසින් පරාජය කිරීමෙන් අනතුරුව එම තරගයේ විනිසුරු වූ Micheal Oliver විවේචනය කිරීම නිසාය.

මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන විවේචනයන් නිසා UEFA විසින් පළමු වරට තරග තහනමක් පැනවූයේ Serge Aurier හටය. ඒ වන විට ඔහු ඉදිරිපෙළ ආරක්ෂක ක්‍රීඩකයෙක් ලෙස Paris Saint Germain කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියේය.

>>ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයේ තරගාවලිය හෙටින් ඇරඹේ!

එළඹෙන සෙනසුරාදා පැවැත්වීමට නියමිත French Cup තරගාවලියේ අවසන් තරගය සඳහා PSG කණ්ඩායමට එක් වීමට නේමාර් පැමිණි දින මෙම තරග තහනම ප්‍රකාශයට පත්කිරීම විශේෂත්වයකි. PSG කණ්ඩායම සමගින් Rennes කණ්ඩායම එම අවසන් තරගයට ක්‍රීඩා කරනු ඇත.

ජනවාරි 23ට පසු නේමාර් Paris Saints Germain කණ්ඩායමට එක්වූයේ පසුගිය ඉරිදා Monaco කණ්ඩායම සමඟින් පැවති තරගයටයි. නේමාර් එම තරගයේ දෙවන අර්ධයේ දී ක්‍රීඩා කළේය. එම තරගය ජයග්‍රහණය කල PSG කණ්ඩායම වසර 7කට පසුව Ligue 1 කිරුළ ජයග්‍රහණය කිරීමට සමත් විය. එය ඔවුන් Ligue 1 ශූරතාවය ලබාගත් 6 වැනි වතාව වේ.

AFP ඇසුරෙනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<