ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයේ තරගාවලිය හෙටින් ඇරඹේ!

175

2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ, ආසියානු පාපන්දු කවුන්සිල (AFC) පළමු වටයේ තේරීම් තරග හෙට (17) මලයාසියාවේ ක්වාලාලම්පුර් AFC නිවහනේ දී ආරම්භ වීමට නියමිතයි.

පකීර් අලි චෝදනාවලට එරෙහිව හඬ අවදි කරයි

AFC කුසලාන වයස අවුරුදු 23න් පහළ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී බහරේනයෙන් හා පලස්තීනයෙන් ලද…

2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියට තේරීම් ලැබීමේ ක්‍රියා පිළිවෙත FIFA සාමාජික සම්මේලන හයක් සංවිධානය කරන තරගාවලි මාලාවකින් සමන්විත යි. ඒ අනුව සහභාගී වන කණ්ඩායම් 32න් කණ්ඩායම් 31ක් මෙම තරගාවලිවලින් තේරී පත්වන අතර කටාර් රාජ්‍යය නිතරගයෙන්ම සත්කාරක රට ලෙස ලෝක කුසලානයට එක්වනු ඇත.  ඒ අනුවර කටාර් හැර අනෙක් FIFA සාමාජික රටවල් 210ම තේරීම් තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.

2015 මැයි 30 වැනිදා සුරිච් හිදී රැස්වුණු FIFA විධායක කමිටුව එක් එක් FIFA සාමාජික සම්මේලනයන්ට හිමි වන ලෝක කුසලාන ආසන ගණන තීරණය කරන ලදි. එම කමිටුව එහි දී තීරණය කළේ 2006 වසරේ දී නිර්මාණය කළ ආකෘතියම 2010, 2014, 2018 වසරවල ලෙසම 2022 වසරේදීත් පවත්වා ගත යුතු බවයි.

  • CAF (අප්‍රිකාව): 5
  • AFC (ආසියාව): 4 or 5 (සත්කාරක රාජ්‍යය නොමැතිව)
  • UEFA (යුරෝපය: 13
  • CONCACAF (උතුරු හා මධ්‍යම ඇමරිකාව හා කැරිබියන් දූපත්): 3 or 4
  • OFC (ඕෂනියා): 0 or 1
  • CONMEBOL (දකුණු ඇමරිකාව): 4 or 5

ආසියානු පාපන්දු කවුන්සිලයට සත්කාරක කටාර් රාජ්‍යයට අමතරව තවත් ස්ථිර ආසන හතරක් හා ස්ථිර නොවන ආසනයක් බැගින් තිබේ. ඉන් ස්ථිර නොවන ආසනය අන්තර් FIFA සාමාජික තේරීම් තරගාවලියේ ප්‍රතිඵලවලට අනුව ලැබීමට හෝ නොලැබීමට ඉඩ ඇත.

තේරීම් තරගාවලිය වට හතරකින් යුක්තය. ඉන් පළමු වට දෙක 2023 AFC ආසියානු කුසලාන තරගාවලියේ තේරීම් තරග ලෙස ද ක්‍රියාත්මක වෙයි. එමනිසා 2022 FIFA ලෝක කුසලාන සත්කාරක කටාර් රාජ්‍යය තේරීම් තරගාවලියේ පළමු වට දෙක ක්‍රීඩා කරනු ලබයි.

තේරීම් තරගාවලිය පැවැත්වෙන්නේ පහත පරිදීය.

පළමු වටය: කණ්ඩායම් 12ක් (ශ්‍රේණිගත කිරීම්වල 35-46 ස්ථාන) සත්කාරක හා සංචාරක ලෙස අදියර දෙක බැගින් තරගාවලියක් ක්‍රීඩා කරයි. ඉන් ජයග්‍රාහකයින් සය දෙනා මීළඟ වටයට සුදුසුකම් ලබයි.

පලස්තීනයෙන් ශ්‍රී ලංකාවට අනුකම්පා විරහිත ප්‍රහාරයක්

2020 වයස අවුරුදු 23න් පහළ AFC ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සිය ආරම්භක…

දෙවන වටය: කණ්ඩායම් 40ක් (ශ්‍රේණිගත කිරීම්වල 1-34 හා පළමු වටයේ ජයග්‍රාහකයින් හය) කාණ්ඩ අටකට බෙදා සත්කාරක හා සංචාරක ලෙස Round Robin ආකාරයට තරග ක්‍රීඩා කරයි. කාණ්ඩවල ජයග්‍රාහකයින් අට හා හොඳම දෙවන ස්ථාන හතර FIFA ලෝක කුසලානයේ තේරීම් තරගවල තෙවැනි වටය ක්‍රීඩා කරන අතරම 2023 AFC ආසියානු කුසලානයට ද සුදුසුකම් ලබයි.

තෙවැනි වටය හා සිව්වැනි වටය: ඉදිරියේ දී දැනුම් දීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ගමන් මග

FIFA ශ්‍රේණිගත කිරීම්වල 202 ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව සිය ලෝක කුසලාන තේරීම් තරගාවලිය ඉහත කි වටවලින් පළමු වටයේ දී ආරම්භ කරනු ඇත. ඒ ඔවුන් ආසියාවේ 46 වැනි ස්ථානයේ හෙවත් අවසන් ස්ථානයේ රැඳී සිටින නිසාවෙනි. පළමු වටයේ දී කණ්ඩායම් දොළහක් කාණ්ඩ දෙකකට බෙදා පැවැත්වෙන තරග හය තීරණය කරනු ලබයි.

2015 වසරේ දී, 2018 FIFA ලෝක කුසලාන තේරීම් තරගාවලිය සඳහා ද ශ්‍රී ලංකාවට පළමු වටයට ක්‍රීඩා කරන්නට සිදු විය. ඒ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 172 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව, භූතානය (209 ස්ථානය හා ලෝකයේ අවසන් ස්ථානය) හා තරග වැදුණු අතර ශ්‍රී ලංකාව අවාසනාවන්ත ලෙස සිය සත්කාරක තරගය 1-0ක් ලෙසත් සංචාරක තරග 2 -1ක් ලෙසත් පරාජය වුනා.මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට මැලේසියාව, කාම්බෝජියාව, මැකාවු, ලාඕස්, භූතානය හෝ මොන්ගෝලියාව සමඟ තරග වැදීමට සිදු වනු ඇත. ශ්‍රී ලංකාව කාම්බෝජියාව සමඟ අවසන් වරට තරග කළේ 2016 වසරේ දී වන අතර එහි දී ඔවුන් ගෝල 4-0ක් ලෙස පරාජය විය.

2016 AFC Solidarity කුසලානයේ දී ශ්‍රී ලංකාව ලාඕසය, මොන්ගෝලියාව හා මැකාවු සමඟ තරග කළ අතර ලාඕසය (2-1), මොන්ගෝලියාව (2-0)  හමුවේ ශ්‍රී ලංකාව පරාජය වුනත් මැකාවු සමඟ තරගය ගෝල 1-1ක් ලෙස අවසන් කර ගැනීමට ඔවුන් සමත් විය.

2018 වසරේ දී ශ්‍රී ලංකාව මලයාසියාව සමඟ සුහද තරගයක් ක්‍රීඩා කළ අතර එහි දී ඔවුන් ගෝල 4-1ක් ලෙස පරාජය විය.

පළමු වටයේ තරග කාල සටහන තීරණය කිරීම (Draw) හෙට ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 8.30ට පමණ සිදු වන අතර ශ්‍රී ලංකාව සහභාගී වන පළමු අදියර ජුනි 6 හා දෙවන අදියර ජුනි 11ත් පැවැත්වෙනු ඇත.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<