දුලාජ්ගේ දඬුවම් පහරින් CR සිහින බිඳ වැටේ

572

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ සයවැනි සතිය ආරම්භ කරමින් තරග ත්‍රිත්වයක් අද (09) පැවැත්විය. ඒ අතරින්  CR & FC කණ්ඩායමත්, හැව්ලොක් ක්‍රීඩා සමාජයත් CR පිටියේ දී තරග වැදුණු අතර එහි දී ලකුණු 35-30ක් ලෙස තියුණු ජයක් ලබා ගැනීමට හැව්ලොක්  ක්‍රීඩකයින් සමත් විය.

නාවික උත්සාහය වතුරේ යයි

Dialog අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සයවැනි සති අන්තය ආරම්භ කරමින් අද (9) නාවික හමුදා ක්‍රීඩා සමාජය හා මහනුවර ක්‍රීඩා සමාජය නිත්තවෙල දී තරග වැදුණු අතර එහි ලකුණු…

දෙසතියක වැසි සහිත කාලගුණයකින් පසුව පැහැදිලි අහසක් සහ යහපත් ආලෝක තත්වයක් යටතේ රග්බි තරග සියල්ල අද ආරම්භ විය.

තරගය ආරම්භ වී මිනිත්තු කිහිපයකට පසුව හැව්ලොක් ලකුණු පුවරුව ක්‍රියාත්මක විය. ඒ ප්‍රසාත් මධුසංකගේ අනර්ඝ උත්සාහක දිනුමත්, දුලාජ් පෙරේරාගේ සාර්ථක ප්‍රවර්තනයත් නිසාවෙනි (හැව්ලොක් 07-00 CR & FC).

ඉන් මිනිත්තු කිහිපයකට පසු CR කණ්ඩායම ද ලකුණු හඹා ඒම ආරම්භ කරන ලදි. ඒ ගයාන් ඩිල්ෂාන්ගේ  උත්සාහක දිනුමත් තරින්ද රත්වත්තේගේ ප්‍රවර්තනයත් සමඟිනි (හැව්ලොක් 07-07 CR & FC).

ඉන්  අනතුරුව තරින්ද රත්වත්තේ හට දඬුවම් පහරක් හිමි වූ අතර ඔහු එය සාර්ථකව ගෝල කණු අතරින් ගුවන් ගත කළේ ලකුණු පුවරුවේ පෙරමුණ CR වෙත ලබා දෙමිනි (හැව්ලොක් 07-10 CR & FC).

ඉන් අනතුරුව ප්‍රසාත් සිය දෙවැනි උත්සාහක දිනුම ලබා ගනිමින් හැව්ලොක් කණ්ඩායම ඉදිරියට රැගෙන යමිනි. එහි ප්‍රවර්තනය අසාර්ථකයි (හැව්ලොක් 12-10 CR & FC).

තරගය අතරතුර දී නැවතත් CR & FC කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර තරින්ද එය ද සාර්ථක කර ගනිමින් ලකුණු පුවරුවේ වෙනස 1ක් දක්වා අඩු කරන ලදි (හැව්ලොක් 12-13 CR & FC).

ප්‍රථම අර්ධය අවසන් වීමට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී දෙපිලේම ක්‍රීඩකයින් තවත් ලකුණක් සඳහා පොර ඇල්ලූ අතර එකට එක කරමින් ගලා ගිය ලකුණු පුවරුව නැවතත් වෙනස් කරමින් පෙරමුණ ගන්නට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය. ලසුඳු ඉෂාන් හිමිකම් කී ඒ උත්සාහක දිනුමේ ප්‍රවර්තනයේ අතිරේක ලකුණු ද එකතු කරන්නට දුලාජ්ට හැකි විය (හැව්ලොක් 19-13 CR & FC).

පළමු අර්ධය: CR & FC 13 – 19 හැව්ලොක් ක්‍රීඩා සමාජය

ජයග්‍රහණයේ සිහිනය හඹා යෑමට කණ්ඩායම් ද්විත්වයම නැවතත් පිටියට පිවිසි අතර නැවතත් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු වෙනස 3ක් දක්වා අඩු කරන්නට  CR ක්‍රීඩක තරින්ද රත්වත්තේට හැකි විය (හැව්ලොක් 19-16 CR & FC).  

චානක බණ්ඩාර නැවතත් හැව්ලොක් පිල වෙනුවෙන් උත්සාහක දිනුමක් ගෙන ආවේය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට හැව්ලොක් කණ්ඩායමට නොහැකි විය (හැව්ලොක් 24-16 CR & FC).

තරගයේ 58 වැනි මිනිත්තුවට ළඟාවත්ම ප්‍රසාත්ගෙන් තවත් උත්සාහක දිනුමක් හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් ලැබෙද්දී එහි ප්‍රවර්තනය ගිලිහී යන ලදි. (හැව්ලොක් 29-16 CR & FC).  

කෙසේ නමුත් ඉන්පසුව අනපේක්ෂිත සිදුවීමක් සිදුවෙමින් තරග විනිසුරු ඩින්කා පීරිස් විසින් දඬුවම් ලකුණු හතක් CR පිල වෙනුවෙන් පිරිනමණ ලදි (හැව්ලොක් 29-23 CR & FC).

රිසා රෆයිඩීන්ගෙන් අවසන් මිනිත්තු කිහිපය තුල දී CR කණ්ඩායමට තවත් උත්සාහක දිනුමක් ගෙන ආ අතර තරින්ද මැනවින් එය ප්‍රවර්තනය කළේය (හැව්ලොක් 29-30 CR & FC).

හැව්ලොක් පිලට වඩා එක් ලකුණක් ඉදිරියෙන් පසුවෙමින් ජයග්‍රහණයට අතපොවන මානයේ සිටි CR ක්‍රීඩකයින්ගේ සියලු බලාපොරොත්තු විනාශ කළේ හැව්ලොක් ක්‍රීඩක දුලාජ් පෙරේරා විසින් සාර්ථක කරගත් දඬුවම් පහර ද්විතයක් නිසාවෙනි (30-35).

අවසන් ලකුණු තත්වය: CR & FC 30 (3T 3C 3P) – 35 (5T 2C 2P) හැව්ලොක් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: රාහුල් ද සිල්වා (හැව්ලොක්)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • CR & FC – ගයාන් ඩිල්ෂාන් 1T, රීසා රෆයිඩීන් 1T, තරින්ද රත්වත්තේ 3P 3C.
  • හැව්ලොක්: ප්‍රසාත් මදුසංක 3T, චානක බණ්ඩාර 1T, ලසිදු ඉෂාන් 1T, දුලාජ් පෙරේරා 2C 2P .

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට