“කණ්ඩායම ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා” – චමරි අතපත්තු

“නවක, තරුණ වගේම දක්ෂ ක්‍රීඩිකාවන් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට මුහුණ දෙන ආකාරය බලන්න මම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.” 

කොදෙව් පුහුණු තරගයට නවකයන් රැසක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වීමට පෙර පැවැත්වෙන පුහුණු එක්දින තරග සඳහා…..

“මේ වගේ තරගාවලියක් හැමවෙලේම උද්‍යෝගිමත් තරගාවලියක් වෙනවා. ක්‍රීඩකයන්ට වගේම ක්‍රීඩා ලෝලීන්ටත් ඒක එහෙමයි. ඒ වගේම අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ ක්‍රීඩකයන්ට කරන්න පුළුවන් දේ බලන්න.” 

“අපේ සංචිතයේ වයස අවුරුදු 30ට වැඩි ක්‍රීඩිකාවන් පස්දෙනෙකු ඉන්නවා. ඉතින් නවක ක්‍රීඩිකාවන්ට ලොකු අවස්ථාවක් තියෙනවා ඒ අයගෙන් ඉගෙන ගෙන තමන්ට පුළුවන් උපරිමය කණ්ඩායමට ලබා දෙන්න.”  

“ජේෂ්ඨ ක්‍රීඩිකාවන් එක්ක මේ නවක ක්‍රිඩිකාවන් ක්‍රීඩා කිරීම ගැන අපි ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. අපි ඕස්ට්‍රේලියාවට ගෙනියන මේ කණ්ඩායම ගැන අපිට සතුටු වෙන්න පුළුවන්.” 

“රටක් විදිහට අපි හැමවෙලේම පෙන්වලා තියෙනවා ක්‍රීඩිකාවක් වයසින් වැඩි වුනත් දක්ෂතා ප්‍රමාණවත් නම් සංචිතයේ දී ඒක සමානයි කියලා.”  

“අපි ක්‍රීඩිකාවන්ට අවස්ථාවන් දෙන්න හැමවෙලේම කටයුතු කරනවා. වයස අවුරුදු 21ක් වන හර්ශිතා මාධවී අපිට පෙන්වලා තියෙනවා ඇගේ දක්ෂතා. ඇයට නායකත්වය දරන්න පුළුවන් කියලා ඇය පෙන්වලා තියෙනවා. ඇය පිතිකරණයෙන් වගේම පන්දු ‍යැවීමෙනුත් දක්ෂතා අතර ඉන්නවා. උප නායිකාව විදිහට ඇය මේ ලෝක කුසලානයේ දී කටයුතු කරන ආකාරය බලන්න මම ගොඩක් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.”  

“මේ කණ්ඩායමේ ගොඩක් ක්‍රීඩිකාවන් නවක ක්‍රීඩිකාවන්. ඒත් අත්දැකීම් අතින් අපි පොහොසත් කණ්ඩායමක්. අපි මේ තරගාවලියේ පළමු තරගයට කලින් පුහුණු තරග 24කට ක්‍රීඩා කරලා තියෙනවා. ඒ නිසා අපි හොඳින් සූදානම් වූ කණ්ඩායමක්.” 

“ඒ වගේම අපිට ඕස්ට්‍රේලියාවේ හොඳ අත්දැකීම් තියෙනවා. එක්දින ලෝක කුසලානය ක්‍රීඩා කිරීම වගේම අපි ඕස්ට්‍රේලියාවේ දී විස්සයි විස්ස තරගාවලියකට සහභාගී වුනා. මම හිතනවා අපි හොඳින් සූදානම් වුනා කියලා.” 

එංගලන්ත නිසැක ජය අහිමි කළ අවසන් පන්දුවාරයේ විජ්ජාව!

ඉතාමත් කලාතුරකින් දැකිය හැකි ආකාරයේ තියුණු මුහුණුවරක් ගත් තරගයක් ඊයේ (12) එංගලන්තය සහ දකුණු අප්‍රිකාව….

“ඒ තරගාවලිය අපිට ගොඩක් ලොකු උදව්වක් වුනා. ලෝක කුසලානයට ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන් ගොඩක් දෙනෙක් ඒ තරගාවලියට සහභාගී වුනා. ඒ නිසා අපි ඒ ක්‍රීඩා තත්ව වලට හුරු වුනා.”  

“අපි අපේ පළමු පුහුණු තරගයට කලින් මෙල්බර්න් වලදී කඳවුරකට සහභාගී වෙනවා. අපි එහේදී පුහුණුවීම් වල වගේම පුහුණු තරග කීපයකටත් සහභාගී වෙනවා. මම හිතනවා ඒක අපේ සූදානම් වීමේ වැදගත් පියවරක් කියලා.”  

“කණ්ඩායමක් විදිහට අපි දන්නවා අපිට තියන අභියෝග ගැන. අපි දන්නවා අපිට මුහුණ දෙන්න තියෙන අමාරු කණ්ඩායම් ගැන. අපි අපේ දක්ෂතා ගැන විශ්වාස කරනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් කියලා.”  

“අපිට මුලින්ම තියෙන්නේ නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව. ඒ තරගය අමාරු වේවි. තරග දෙකම පර්ත් වල තියෙන්නේ. ඔවුන් මේ තත්ව වලට හොඳින් හුරු වෙලා ඉන්නේ.”  

“ඒත් මේ අභියෝග වලට තමයි අපි සූදානම් වුනේ. අපි මේ තණතීරු වලට හුරු වෙන්න ඕනේ. ඒකෙන් තරග වලට හොඳ සූදානමක් ගන්න පුළුවන්.”  

“අපි මේ තත්ව වලට හුරු වුන නිසා අපිට අපේ උපරිමය සෙල්ලම් කරන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ කණ්ඩායම් වලට හොඳ අභියෝගයක් එල්ල කරන්න.” 

“ඒ තරග වලට පස්සේ අපි මෙල්බර්න් යනවා ඉන්දියාව හා බංග්ලාදේශය එක්ක තරග කරන්න. මේ කණ්ඩායම් අපි හොඳින් දන්න කණ්ඩායම්.” 

“අපි දන්නවා මේ තරග අමාරු වෙන්න පුළුවන්. ඒත් අපිට අපි කරන දේ ගැන විශ්වාසයි. අපි සෙල්ලම් කරන්නේ උදාසීන තණතීරු වල. මම හිතනවා ඒක හොඳ තරගයක් ක්‍රීඩා කරන්න උපකාරි වේවි කියලා.” 

වසරේ ටෙස්ට් පිතිකරුවා සහ T20 පන්දුයවන්නා ශ්‍රී ලංකාවෙන්

ලොව වඩාත්ම ප්‍රචලිත ක්‍රිකට් වෙබ් අඩවියක් වන ‘Cricinfo’ වෙබ් අඩවිය විසින් කරනු ලැබූ තෝරාගැනීම අනුව 2019…..

“අපේ මූලික ඉලක්කය අවසන් පූර්ව වටය. කාණ්ඩ වල මුල් ස්ථාන දෙක තුළට එන එක තමයි අපේ අරමුණ. අපි විශ්වාසයෙන් ඉන්නවා අපේ සූදානමේ හැටියට අපිට එතනට යන්න පුළුවන් වේවි කියලා.”  

“අපි මීට කලින් මූලික වටයෙන් ඉදිරියට ගිහින් නෑ. මේ දක්වා පැවති සියළු ලෝක කුසලාන වලට සහභාගී වුන කණ්ඩායමක් හැටියට අපේ ඒ වාර්තාව එතරම් හොඳ නෑ.” 

මීට කලින් පැවති තරගාවලි වලදී අපි අපේ හැකියාවන් පෙන්වලා තියෙනවා. 2014 දී ඉන්දීය කණ්ඩායම පරාජය කිරීම, 2016 දී දකුණු අප්‍රිකාව පරාජය කිරීම වගේ දේවල්. මේ වෙලාවේ තියෙන අභියෝගය ඒ හැකියාවන් එකම තරගාවලියක් තුළ පෙන්වීම.” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<