තවත් අවුරුදු 3-4ක් මේ රිද්මයෙන් ක්‍රීඩා කරන්න පුළුවන් – විරාත් කෝලි

266

පසුගිය වසර 8-9ක කාලය තුල විරාත් කෝලිගේ ක්‍රීඩාවට සම කළ හැකි කිසිවෙකු සිටියේ නැත. එම වසර කීපය තුල ඔහු ලබා ගත් දියුණුව හා ඔහුගේ දක්ෂතා ‍සැබවින්ම මවිත කරවන සුළුය. 

පසුගියදා cricbuzz වෙබ අඩවිය සමඟින් සාකච්ඡාවකට එක්වෙමින් විරාත් කෝලි පවසා සිටියේ තමන්ට තවත් වසර තුනක් මෙම රිද්මයෙන් ක්‍රීඩා කළ හැකි බවත්, ඉන් අනතුරුව තම ක්‍රිකට් අනාගතය තරමක් වෙනස් වනු ඇති බවත් පවසා සිටියා. 

ඩිල්ස්කූප් මෙහෙයුමෙන් හැඩ ගැන්වෙන “ශ්‍රී ලංකා Legends කණ්ඩායම” එළිදකියි

යුගයක් කල එළි කළ ඒ ප්‍රතාපවත් ක්‍රිකට් විරුවන් එකම වේදිකාවක දී යළිත් වරක් එකිනෙකා ……

ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ එක්දින තරගාවලියක් සඳහා සහභාගි වී දින 5කට පසුව නවසීලන්තයේ විස්සයි විස්ස තරගාවලියක් සඳහා සහභාගි විය. ඉන්දීය කණ්ඩායමේ මේ කාර්‍යබහුල ක්‍රීඩා තරගාවලි පිළිබඳව බොහෝ දෙනා විවිධ මත පලකළ අතර විරාත් කෝලි ද පවසා සිටියේ මේ කාලසටහන පිළිබඳව ක්‍රීඩකයන් ද යම් පීඩනයකින් පසුවන බවයි. 

“ඒක සඟවන්න පුළුවන් කතාබහක් නෙමෙයි. දැන් වසර 8ක 9ක කාලයක ඉඳලා මම වසරකට දින 300ක් විතර ක්‍රීඩා කරනවා. ඒ සංචාර හා පුහුණුවීම් එක්ක. තරග තීව්‍රතාව ගොඩක් ලොකු මට්ටමක තියෙන්නේ. ඒක ක්‍රීඩකයන්ට අමාරු දෙයක්. මම කියන්නේ නෑ ඒක ක්‍රීඩකයන් කතා නොකරන දෙයක් කියලා.”

මේ දක්වා විරාත් කෝලි තම විවේකය ලබාගන්නේ යම් යම් තරගාවලි හෝ තරග සඳහා සහභාගි නොවීමෙනි. ඔහු බංග්ලාදේශය සමඟින් පැවති විස්සයි විස්ස තරගාවලියේ දී විවේක ගත් අතර නවසීලන්ත තරගාවලියේ දී ද ඔහු තරග කීපයක් ක්‍රීඩා කළේ නැත. 

මෙලෙස විවේක ලබා ගැනීම ඔහුගේ ශාරීරික යෝග්‍යතාවයට වඩාත් වැදගත් වන අතර ඔහුගේ යෝග්‍යතාව අනෙක් ක්‍රීඩකයන්ට වඩා වැඩි වීමට එය හේතුවක් වී ඇත. මීළඟ වසර කිහිපය සඳහා ද එම යෝග්‍යතාව පවත්වා ගැනීමට මෙලෙස විවේක ගැනීම අත්‍යවශ්‍ය බව ඔහුගේ මතයයි. 

“අපේ කාලසටහනේ විවේකයක් නැත්නම් අපිට පෞද්ගලිකව විවේක ගන්න වෙනවා. මම හිතන්නේ ඉදිරියේ දී ක්‍රීඩකයන් රැසක් මේ දේට යොමු වේවි. මම විතරක් නෙමෙයි. විශේෂයෙන් තරග රටා තුනම ක්‍රීඩා කරන ක්‍රීඩකයන්. ඒක ලේසි නෑ. ඒ වගේම ඊටත් වඩා අමාරුයි නායකයෙක් වෙලා පුහුණුවීම් ගැනත් හිතලා තරග සැලසුම් ගැනත් හිතන විට. මට ඒ දේ ගොඩක් අමාරුයි. ඒ නිසා මේ කුඩා විවේකයන් මට හොඳින් ගැළපෙනවා.”

“වෙලාවක් ඒවි ශරීරය නියමාකාරයෙන් ප්‍රතිචාර දක්වන්නේ නැති. මට වයස 34-35 වන විට එහෙම වේවි. ඒ කාලයේ දී මේ කතාබහ මීට වඩා වෙනස් වේවි. ඒත් මීළඟ වසර 3-4ක කාලය ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ. මට මේ තීව්‍රතාවයෙන් ක්‍රීඩා කරන්න පුළුවන්. ඒ වගේම මේ වෙලාවේ මීළඟ වසර කීපය සඳහා කණ්ඩායමට මගේ සේවය අත්‍යවශ්‍යයි. ඊට පස්සෙ අපිට තවත් වසර 5-6ක කාලය තුල වෙනස්කම් කරන්න පුළුවන් වේවි. 

මේ වෙලාවේ මම මීළඟ වසර කිහිපය සඳහා සූදානම් වෙනවා. ඒක කාර්‍යබහුල වසර කීපයක් වේවි. ඊට පස්සේ මේ කතාබහ මීට වඩා වෙනස් වේවි. 

ඩිවිලියර්ස් ආයෙත් එයි ද?

දකුණු අප්‍රිකානු පුහුණුකරු මාක් බවුචර්ට අනුව දකුණු …….

ඉන්දීය කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු විදෙස් තරගාවලිය සඳහා මේ දිනවල සූදානම් වෙමින් සිටී. මෙම ලෝක ටෙස්ට් ශූරතාව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ තරගකාරීත්වය හා උද්‍යෝගය සැබවින්ම වැඩිකිරීමට සමත්ව ඇත.

ඉන්දියාව මෙම තරගාවලිය මේ වන විට පෙරමුණ ගෙන සිටින අතර ඔවුන් ලකුණු 360ක් ලබාගෙන ඇත. ඉන්දීය කණ්ඩායම තමන් මුහුණ දුන් තරග 7ම ජයග්‍රහණය කර ඇති අතර ඉන් තරග 5ක් ම ඉන්දියාවේ පැවැත්විය. 

ඉන්දීය කණ්ඩායමේ නවතම අභියෝගය නවසීලන්තය වන අතර ඉන්දීය කණ්ඩායම මෙම වසර අවසානයේ දී ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟින් ටෙස්ට් තරගාවලියක් සඳහා එක්වීමට නියමිතය. 

“මම හිතන්නේ දකුණු අප්‍රිකාවේ පැවති තරගාවලිය ගොඩක් තරගකාරී වුනා. දකුණු අප්‍රිකාව පළමු තරගය ජයග්‍රහණය කළත් එංගලන්තය මීළඟ තරග ජයග්‍රහණය කරන්න සමත් වුනා. දෙවන තරගය ඔවුන් ජයග්‍රහණය කළේ අවසන් අවස්ථාවේ දී. මම හිතන්නේ මේ ටෙස්ට් ලෝක ශූරතාව නිසා මේ වගේ තරග අපිට ඉදිරියේ දී බලාගන්න පුළුවන් වේවි. 

මම හිතන්නේ මේ ටෙස්ට් ශූරතාවය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ තරගාවලියක් විදිහට වැදගත්ම තරගාවලිය විය යුතුයි. අනෙක් සියලු තරගාවලි එයට පසුව තමයි තියෙන්න ඕන. මේ තරගාවලිය ඒ හැම එකටම වඩා විශාල එකක් වේවි. හැම කණ්ඩායමක්ම උත්සාහ කරන්නේ ලෝඩ්ස් වල තියන අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්න. අපි හැකි ඉක්මනින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්න උත්සාහ කරනවා.”

වෙලිංටන් හිදී ආරම්භ වීමට නියමිත නවසීලන්ත ටෙස්ට් තරගාවලිය පිළිබඳව ද විරාත් කෝලි අදහස් දක්වා සිටියා. ඔහු පවසා සිටියේ ලෝක මට්ටමේ දඟපන්දු යවන්නෙකු සිටීම ඔවුන්ට අමතර වාසියක් වී ඇති බවයි. එමෙන්ම ඉන්දීය වේගපන්දු බලඇණියේ ප්‍රබලතම ක්‍රීඩකයෙකු වන ඉශාන්ත් ශර්මා ආබාධයකින් අනතුරුව නැවතත් ඉන්දීය කණ්ඩායම සමඟින් එක්ව ඇත. 

වෙලිංටන් තණතීරුව තරමක කොළ පැහැයක් ගන්නා නමුත් වේගපන්දු යවන්නන් තිදෙනෙකු පමණක් ප්‍රමාණවත් බව කෝලි පවසා සිටියා. 

දනුෂ්කට ආබාධයක්; තිසර නැවතත් ශ්‍රී ලංකා සංචිතයට

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ …….

“ජොහැන්ස්බර්ග් වල නම් අපි වේගපන්දු ‍යවන්නන් සිව්දෙනෙක් යොදාගන්නවා. අපේ කණ්ඩායමේ මේ වන විට තියන තත්වයත් එක්ක අපි හිතනවා අපිට වේගපන්දු යවන්නන් තුන්දෙනෙක්ගෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. එයට අමතරව ලෝක මට්ටමේ දඟපන්දු ‍යවන්නෙක් ඉන්නවා නම් ඒක ලොකු ප්‍රයෝජනයක් වේවි. ඔහුට පුළුවන් ඕනෑම තත්වයක දී කඩුලු ලබා ගන්න. අපි අනෙක් කණ්ඩායමේ සංයුතිය ගැන බලන්නේ නෑ. අපි අපේ දක්ෂතා ගැන විශ්වාස කරනවා. අපි හොඳම හා සමබර පන්දු ‍බලඇණියක් යොදා ගන්නවා. 

අපි හිතනවා අපේ පන්දු බලඇණියට මේ ප්‍රතිවාදී පිතිකරණ ලැයිස්තුවත් එක්ක ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. මේ පන්දු ‍යවන කණ්ඩායම පසුගිය තරගාවලියට සහභාගි වුන කණ්ඩායමට වඩා වෙනස්. අත්දැකීම් එක්ක බලද්දී ඔවුන් හොඳ මට්ටමක ඉන්නවා. අපි මේ තරම් හොඳ පන්දු බලඇණියක් මීට කලින් යොදාගෙන නෑ. පසුගිය තරගාවලි වලදී ඔවුන් දක්වපු දක්ෂතා මේ තරගයේදීත් දක්වාවි කියලා මම හිතනවා. “

පළමු ටෙස්ට් තරගය සඳහා ආරම්භක පිතිකරු වගකීම ප්‍රිත්වි ශාව්ට හිමි වීමේ වැඩි ඉඩක් පවතී. අනෙක් ආරම්භක පිතිකරුවා ලෙස මයාන්ක් අග්‍රවාල් කටයුතු කරනු ඇත. 

ඉන්දීය කණ්ඩායම පුහුණු තරගයේ දී ආරම්භක පිතිකරුවා ලෙස සුබ්‍රමනියම් ගිල් අත් හදා බැලූ අතර ඔහු එහිදී එතරම් දක්ශතා දැක්වූයේ නැත. 

“එක්දින තරගවල දී ඔබට උත්සාහ කරන්න අවස්ථාව එනවා. ඒත් ටෙස්ට් තරග ඊට වඩා වෙනස්. ඒකෙදි විනය අවශ්‍යයි. ඒක තමයි මේ නවක ක්‍රීඩකයන්ට ගැළපෙන්නේ. ප්‍රිත්වි දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහුට ඔහුගේම තරග රටාවක් තියනවා. අපිට අවශ්‍ය ඔහු ඔහුගේ රටාවෙන් ක්‍රීඩා කරන්න.”

ඉන්දීය නායක විරාත් කෝලි cricbuzz වෙබ් අඩවිය සමඟින් පැවැත්වූ සාකච්ඡාවක සිංහල අනුවාදයකි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<