ජෝන් ටාබට් තෙවැනි අදියරේ දෙවන වටයට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්

666
Junior John Tarbet 2019

සර් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ බස්නාහිර හා දකුණු පළාත් තරග පසුගිය අගෝස්තු 11 වැනිදා මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේ දී ආරම්භ විය. එහි පළමු දිනයේ තරගවල දී දක්ෂතා දක්වමින් දෙවන වටය සඳහා සුදුසුකම් ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහත පරිදි වේ. 

සර් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ නුවර අදියර නිමා වෙයි

සර්. ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව පසුගිය දා නිමාවට පත්විය. දින තුනක් පුරාවට දිගන ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති….

වයස අවුරුදු 14න් පහල බාලිකා – මීටර් 100

තරගාවලියේ පළමු වටයේ වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්වීමට කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයේ හංසලී නානායක්කාර සමත් විය. ඇය එම ඉසව්ව නිමා කළේ තත්පර 13.5ක කාලයක් වාර්තා කරමිනි. දෙවන හා තුන්වැනි ස්ථාන පිළිවෙළින් ගිමාශා ශශිනි හා එච්. පී. මෙන්ඩිස් විසින් වාර්තා කල අතර ඔවුන් ද තත්පර 13.5 ක කාලයක් වාර්තා කර තිබුණි. 

ක්‍රීඩිකාව පාසල දක්ශතාවය (තත්පර)
හංසලී නානායක්කාර මියුසියස් බාලිකා විද්‍යාලය 13.5
ගිමාශා ශශිනි සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය – මාතර 13.5
එච්. පී. මෙන්ඩිස් සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය – පානදුර 13.5
බ්‍රයිනි අනුජනා කුමාරතුංග මුනිදාස මහා විද්‍යාලය – දික්වැල්ල 13.6
එම්. ජී. රණසිංහ ආවේ මරියා කන්‍යාරාමය – මීගමුව 13.6
ලිස්‍රා මොරවක ධර්මපාල විද්‍යාලය – පන්නිපිටිය 13.7
චතුමි ඉනුපමා මාතර මධ්‍ය විද්‍යාලය 13.7
මංජරී පබසරණි සුමංගල බාලිකා විද්‍යාලය – මාතර 13.7
උදීරා වීරතුංග විසාකා විද්‍යාලය – කොළඹ 13.7

වයස අවුරුදු 15න් පහළ බාලිකා – මීටර් 100

මෙම තරග ඉසව්වේ දී වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්වීමට තත්පර 13.0ක කාලයකින් ඉසව්ව නිමා කළ රාජගිරිය ගේට්වේ විද්‍යාලය ඊ. සෙනවිරත්න සමත්වූවාය. දෙවන ස්ථානය දුල්මි වීරක්කොඩිට හා තුන්වැනි ස්ථානය වී. ඩී. ගුණරත්නට හිමි විය. 

ක්‍රීඩිකාව පාසල දක්ෂතාවය (තත්පර)
ඊ. සෙනවිරත්න ගේට්වේ විද්‍යාලය – රාජගිරිය 13
දුල්මි වීරක්කොඩි ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය – කොළඹ 04 13.1
වී. ඩී. ගුණරත්න රත්නාවලී බාලිකා විද්‍යාලය – ගම්පහ 13.2
ඩී. එන්. ගුණසේකර කළුතර බාලිකා විද්‍යාලය – කළුතර 13.2
ආදර්ශා මල්කි සාන්ත ඈන් බාලිකා විද්‍යාලය 13.4
දුන්හිමා සහස්මි රත්නාවලී බාලිකා විද්‍යාලය – ගම්පහ 13.4
උදායි ලෙහස්නා පිළියන්දල මධ්‍ය විද්‍යාලය 13.5
සෙලිස්ටා ගුණසේකර යහපත් එඩේරාගේ කන්‍යාරාමය – කොළඹ 13 13.5
සෙනෙත්මා එදිරිසූරිය මියුසියස් විද්‍යාලය 13.5
පී. පී. සෙව්වන්දි මිරිස්වත්ත මධ්‍ය විද්‍යාලය – බෙන්තොට 13.5
දිල්මි ඉමාශා රාජපක්ශ මධ්‍ය විද්‍යාලය – වීරකැටිය 13.5
අයි. පී. ද සිල්වා ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය – කළුතර 13.5

වයස අවුරුදු 12න් පහළ බාලක – දුර පැනීම

මෙම තරග ඉසව්වේ පළමු වටයේ හොඳම දක්ෂතාවය ලෙස මීටර් 4.65 වාර්තා විය. එම දක්ෂතාවය දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ ටී. ටී. සමුතිද විසින් වාර්තා කළේය. මීටර් 4.46ක් වාර්තා කරමින් දෙවන ස්ථානය ලබා ගැනීමට ඩී. සී. ඊ. සිල්වා සමත් විය. තුන්වැනි ස්ථානය හිමි වූයේ සත්‍යමූර්ති අභිලෙශ්කාර් ටය. 

ක්‍රීඩකයා පාසල දක්ෂතාවය (මීටර්)
ටි. ටී. සමුතිද විජිත මධ්‍ය විද්‍යාලය – දික්වැල්ල 4.65
ඩී. සී. ඊ. සිල්වා ශ්‍රී පඥානන්ද ජාතික පාසල 4.46
සත්‍යමූර්ති අභිලෙශ්කාර් ලයිසියම් ජාත්‍යන්තර පාසල – වත්තල 4.35
දුනිත දම්සදු ලයිසියම් ජාත්‍යන්තර පාසල – නුගේගොඩ 4.34
උමාර් අර්ශඩ් OKI ජාත්‍යන්තර පාසල – වත්තල 4.32
දිසල පෙරේරා සාන්ත ජෝසප් විද්‍යාලය – කොළඹ 4.28
දිනෝද් මල්ලවාආරච්චි ලයිසියම් ජාත්‍යන්තර පාසල – වත්තල 4.25
යොහාන් කවීශ මාරිස්ටෙලා විද්‍යාලය – තිඹිරිගස්කටුව 4.2
චමිදු සුරේශ් කොත්මාදුව කනිෂ්ඨ විද්‍යාලය 4.19

වයස අවුරුදු 14න් පහළ බාලක – මීටර් 100

පළමු වටයේ 14න් පහළ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමට එච්. ආර්. උමයංග සමත් වූයේ තත්පර 12.2ක කාලයක් වාර්තා කරමිනි. හංසන සිරිවර්ධන හා දිලිත ගනේපොල දෙවන හා තුන්වැනි ස්ථාන ලබාගැනීමට සමත් විය. 

ක්‍රීඩකයා පාසල දක්ශතාවය (තත්පර)
එච්. ආර්. උමයංග විද්‍යාලෝක විද්‍යාලය – ගාල්ල 12.2
හංසන සිරිවර්ධන ආනන්ද විද්‍යාලය – කොළඹ 12.3
දිලිත ගනේපොල රාජකීය විද්‍යාලය – කොළඹ 12.3
ඇන්ජලෝ ෆොන්සේකා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 12.3
මතීශ භාශිත රාහුල විද්‍යාලය – මාතර 12.4
නෙවාන් නානායක්කාර ආසියානු ජාත්‍යන්තර පාසල – කොළඹ 12.4
ඉසිර විශ්වජිත් සරලංකර මධ්‍ය විද්‍යාලය – ගෝනපීනුවල 12.5
ටී. නෙත්මිණ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – මීගමුව 12.5
ජී. එස්. ගම්මන්පිල වෙස්ලි විද්‍යාලය 12.5

Track එකේ ගෙවෙන ගිම්හාන සැණකෙළිය

ජාතික මලල ක්‍රීඩාවේ “මෞලි මංගල්‍ය” ලෙස අප හඳුන්වනු ලබන ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ 97 වන දිගහැරුම අගෝස්තු…..

වයස අවුරුදු 13න් පහළ බාලක – මීටර් 100

13න් පහළ වේගවත්ම ක්‍රීඩකයා ලෙස පළමු වටයේ දී පත්වීමට ලීඩ්ස් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ ශනිත් යෝශිත් සමත් විය. ඔහු තත්පර 12.7ක කාලයක් වාර්තා කළේය. දෙවන ස්ථානය තත්පර 12.8ක් වාර්තා කළ කෙනාල් දුල්මිත් විසින් ලබා ගත්තේය. 

ක්‍රීඩකයා පාසල දක්ශතාවය (තත්පර)
ශනිත් යෝශිත් ලීඩ්ස් ජාත්‍යන්තර පාසල 12.7
කෙනාල් දුල්මින් ලයිසියම් ජාත්‍යන්තර පාසල – වත්තල 12.8
එච්. අයි සිතුම් බෙලිඅත්ත මහා විද්‍යාලය 12.9
ටී. සන්දිල් සාන්ත පීතර විද්‍යාලය 13.1
බී. කහදූව ගේට්වේ විද්‍යාලය – රාජගිරිය 13.2
ඒ. බී. දෙව්මිත් සාන්ත තෝමස්  විද්‍යාලය – මාතර 13.3
ආර්. ටී. අතුකෝරල අශෝක විද්‍යාලය – හොරණ 13.4
ඒ. එන්. චමල්ශ ජනාධිපති විද්‍යාලය – රාජගිරිය 13.5
කවීන් රාමකුමාර් OKI ජාත්‍යන්තර පාසල – වත්තල 13.5

වයස අවුරුදු 12න් පහළ බාලිකා – මීටර් 80

12න් පහළ මීටර් 80 තරග ඉසව්ව ජයග්‍රහණය කිරීමට නෙලිනි සමරසේකර සමත් විය. දෙවන ස්ථානය පී. මෙන්ඩිස් විසින් දිනා ගත් අතර තුන්වැනි ස්ථානය නිසිනි සමරසේකරට හිමි විය. 

ක්‍රීඩිකාව පාසල දක්ශතාවය (තත්පර)
නෙලිනි සමරසේකර ලයිසියම් ජාත්‍යන්තර පාසල – නුගේගොඩ 11.3
පී. මෙන්ඩිස් OLV කන්‍යාරාමය – මොරටුව 11.5
නිසිනි සමරසේකර ලයිසියම් ජාත්‍යන්තර පාසල – නුගේගොඩ 11.5
උද්‍යා ඉන්ද්‍රරත්න OLV කන්‍යාරාමය – මොරටුව 11.6
තරුෂි යටවරගේ ලයිසියම් ජාත්‍යන්තර පාසල – පානදුර 11.6
සිනාලි කාරියවසම් මියුසියස් විද්‍යාලය 11.7
එස්. නිම්හාරා යොශීඩා ජාත්‍යන්තර පාසල – සපුගස්කන්ද 11.7
එස්. වර්ශනී සාන්ත ලෝරන්ස් කන්‍යාරාමය – කොළඹ 06 11.7
යුමේශා රන්ගනී ධර්මපාල විද්‍යාලය – පන්නිපිටිය 11.8

වයස අවුරුදු 13න් පහළ බාලිකා – මීටර් 100

13න් පහළ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස හිමාශි ඒකනායක තත්පර 13.4ක කාලයක් වාර්තා කල අතර දෙවන ස්ථානය සනුකි වික්‍රමසිංහ විසින් දිනා ගත්තාය. 

ක්‍රීඩිකාව පාසල දක්ෂතාවය (තත්පර)
හිමාශි ඒකනායක හෝලි ක්‍රොස් විද්‍යාලය – ගම්පහ 13.4
සනුකි ගුණවර්ධන මියුසියස් විද්‍යාලය 13.5
ඩී. ආර්. පෙරේරා රොටරි විද්‍යාලය – නුගේගොඩ 13.5
එන්. පරණලියනගේ ගේට්වේ විද්‍යාලය – රාජගිරිය 13.8
ඒ. පිඔ. ගම්හේවගේ සසෙක්ස් විද්‍යාලය – ගම්පහ 13.8
ඕ. කොඩිකාර සාන්ත ලෝරන්ස් කන්‍යාරාමය – කොළඹ 06 13.9
ඔමින්දී සෙහාත්මා ලයිසියම් ජාත්‍යන්තර පාසල 13.9
ඒ. කේ. බී. සෞභාග්‍යා ධර්මපාල විද්‍යාලය – කොට්ටාව 13.9
ශානි මල්ලිකාරච්චි ගේට්වේ විද්‍යාලය – රාජගිරිය 13.9
ලිනාරා තෙන්නකෝන් මියුසියස් විද්‍යාලය 14
ශෙයිනි පෙරේරා සාන්ත නිකොලස් ජාත්‍යන්තර පාසල – නුගේගොඩ 14
බිමන්සා එදිරිසිංහ ධර්මපාල විද්‍යාලය – පන්නිපිටිය 14

මේ පාර නැෂනල්ස් එන යන ක්‍රීඩකයෝ කවුද?

ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩාවේ “ජාතිකාභිෂේකය” ලෙස සැලකෙන “ජාතික මලල ක්‍රීඩා ශූරතාව” මෙවර 97 වැනි වරටත් පැවැත්වීමට…

වයස අවුරුදු 14න් පහළ බාලක – යගුලිය (කිලෝ ග්‍රෑම් 3)

යගුලිය තරග ඉසව්වේ මීටර් 13.73ක දක්ෂතාවයක් දැක්වූ හොරණ තක්ශිලා මධ්‍ය විද්‍යාලයේ ගිම්හාන් නෙත්සර ප්‍රථම ස්ථානය ලබා ගත් අතර දෙවන ස්ථානය මීටර් 12.50ක් වාර්තා කල ඉවානෝ වයිට් විසින් දිනා ගැනීමට සමත් විය. 

ක්‍රීඩකයා පාසල දක්ශතාවය (මීටර්)
ගිම්හාන් නෙත්සර තක්ශිලා මධ්‍ය විද්‍යාලය – හොරණ 13.73
ඉවානෝ වයිට් සාන්ත ජෝසප් විද්‍යාලය – කොළඹ 12.5
මතීශ සනුජය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය – වීරකැටිය 12.05
විනෝද් කාවින්ද සාන්ත සෙබස්තියන් විශ්වවිද්‍යාල – මොරටුව 11.83
වී. එස්.විතානගේ රාජසිංහ මධ්‍ය විද්‍යාලය – හංවැල්ල 11.62
සඳරු හසරංග රාජකීය විද්‍යාලය – හොරණ 11.49
එච්. වී. සංදීප විද්‍යාලෝක විද්‍යාලය – ගාල්ල 11.01
විකාශ් ප්‍රනාන්දු සාන්ත ජූඩ් විද්‍යාලය – මීගමුව 10.88
රයන් ද සොයිසා ආසියානු ජාත්‍යන්තර පාසල – කොළඹ 10.88
නවීන් දිල්ශාන් සාන්ත මරියා විද්‍යාලය – මතුගම 10.86

දින තුනක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියේ දෙවන දිනය ලෙස අද (12) ක්‍රියාත්මක වේ. හෙට (13) අවසන් දිනයේ තරග පැවැත්වීමට නියමිතයි.  

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<