අඛණ්ඩව 15 වැනි වතාවටත් ‘Abdul Jabbar’ පලිහ ඉසිපතනයට

141

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර 50 වැනි ‘Abdul Jabbar’ කුසලානය වෙනුවෙන් පැවති වාර්ෂික රග්බි තරගය අද (16) කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී නිමා වූ අතර එහි දී තරගය පුරාවට ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කළ ඉසිපතන ක්‍රීඩකයින් තරගයෙන් ලකුණු 24-06ක ජයග්‍රහණයක් වාර්තා කරගන්නට සමත් විය. 

සහෘදයින් ගැටෙන රග්බි සංග්‍රාමය!

ඉසිපතන – තර්ස්ටන් සහෘදයින්ගේ රග්බි සංග්‍රාමය වන අබ්දුල් ජබ්බාර් පලිහ වෙනුවෙන්…………..

තර්ස්ටන් ක්‍රීඩකයින් තරගය ආරම්භයේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් පන්දුව ඉදිරියට රැගෙන යන්නට සමත් වූ අතර එහි දී හිමි වූ දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කර ගත් චමෝද් කල්හාර තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරනු ලැබීය. 

අනතුරුව සිය සුපුරුදු රිද්මයට අවතීර්ණ වූ ඉසිපතන ක්‍රීඩකයින් දැඩි ප්‍රවේගකාරී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් අඛණ්ඩව උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරගනිමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට සමත් විය. 

එහි පළමු උත්සාහක දිනුම පන්දුව හොඳින් හුවමාරු කරමින් ඉදිරියට රැගෙන යමින් හිමි වූ ‘line-out’ අවස්ථාවක් හරහා පන්දුව ලබා ගත් සූර්ය දොඩංගොඩ විසින් එය උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යාමෙන් වාර්තා වූ අතර දෙවන උත්සාහක දිනුම වාර්තා වූයේ ඉසිපතන ක්‍රීඩකයින් ඉදිරියට යොමු කළ පන්දුවක් තර්ස්ටන් ක්‍රීඩකයින් නිසි පරිදි ග්‍රහණයට ගැනීමට අපොහොසත් වීම තුළින් පන්දුව ලබා ගත් ලහිරු බණ්ඩාර එය පහසුවෙන් උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමිනි.

නාවිකයෝ වැලිසර දී අසරණ වෙති

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන වටයේ තවත් තරගයක් මහනුවර……………

එහි දී හිමි වූ ප්‍රවර්තන අවස්ථාවන් දෙකම මනිල්ක රුබේරු සාර්ථක කරගැනීමට සමත් වූයේ නැත. 

පසුව ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායමේ සේනිය රාජපක්‍ෂ හට විනිසුරුවරයා විසින් කහ කාඩ්පතක් නිකුත් කිරීමත් සමඟ ඔහුට මිනිත්තු 10ක කාලයක් සඳහා ‘sin bin’ කලාපය වෙත යොමුවීමට සිදු විය. 

එහි දී තර්ස්ටන් ක්‍රීඩකයින් හට හිමි වූ දඬුවම් පහර අවස්ථාවක් නැවතත් චමෝද් විසින් පහසුවෙන් සාර්ථක කර ගනු ලැබීය. 

අනතුරුව තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩක පසිඳු මනරම් හට ද කහ කාඩ්පතක් නිකුත් වීම හේතුවෙන් ඔහුට ද ‘sin bin’ කලාපය වෙත යොමු වීමට සිදු විය. 

ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගත් ඉසිපතන ක්‍රීඩකයින් පන්දුව හොඳින් හුවමාරු කරගනිමින් ඉදිරියට රැගෙන යමින් අවසානයේ එය රේනුජ සිල්වා වෙත බාර කළ අතර ඔහු පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් තරගයේ ඔවුන්ගේ තෙවැනි උත්සාහක දිනුමට හිමිකම් කීමට සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කරගැනීමට මනිල්ක සමත් විය.

පළමු අර්ධය අවසන් වන්නට පෙර තර්ස්ටන් ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කරගන්නට ඉතා ආසන්නයට පැමිණියත් එහි දී ක්‍රියාත්මක වූ ඉසිපතන ක්‍රීඩකයින් දැඩි ප්‍රයත්නයකින් අනතුරුව එය ව්‍යර්ථ කර දමන්නට සමත් විය. 

පළමු අර්ධය: ඉසිපතන විද්‍යාලය 17 – 06 තර්ස්ටන් විද්‍යාලය 

දෙවන අර්ධය ආරම්භයේ දී කණ්ඩායම් දෙකම උත්සාහක දිනුමක් වාර්තා කරගන්නට උත්සාහ දැරුවත් එය සාර්ථක කරගන්නට දෙපිළේම ක්‍රීඩකයින් සමත් වූයේ නැත. 

කෙසේ නමුත් මිනිත්තු කිහිපයකින් අනතුරුව ක්‍රියාත්මක වූ තර්ස්ටන් ක්‍රීඩකයින් පන්දුව හොඳින් ඉදිරියට රැගෙන යමින් එය ලුක්මාන් රියාස් වෙත බාර කළ අතර ඔහු ඉතා විශිෂ්ට ලෙස ප්‍රතිවාදී ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ම මඟහරිමින් පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන ගියේ තර්ස්ටන් ක්‍රීඩකයින්ගේ බලාපොරොත්තු තවත් ඈතට රැගෙන යමිනි. අනතුරුව මනිල්ක විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කර ගැනීමට ද සමත් විය.  

කොරෝනා කෙරුවාවෙන් හොංකොං සැණකෙලිය කල් යයි

මේ දින වල ලොව පුරා වසංගතයක් මෙන් පැතිර යන මාරාන්තික නව කොරෝනා වෛරසය……………..

අනතුරුව දෙපිළේම ක්‍රීඩකයින් කායික වශයෙන් ප්‍රබල තරගයක් දියත් කරන්නට වූ අතර ඉසිපතන ක්‍රීඩකයින් එහි දී අවස්ථාවන් කිහිපයක දී ම උත්සාහක දිනුමක් වාර්තා කරගන්නට ආසන්නයට පැමිණියත් ප්‍රබල ආරක්‍ෂාකාරී ක්‍රීඩා විලාශයක් දියත් කළ තර්ස්ටන් ක්‍රීඩකයින් ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක කරගන්නට අවස්ථාවක් ලබා දුන්නේ නැත. 

ඒ අනුව තරගය පුරාවට ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කළ ඉසිපතන ක්‍රීඩකයින් මෙම තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගනිමින් 50 වැනි ‘Abdul Jabbar’ කුසලානය අඛණ්ඩව 15 වැනි වසරටත් සිය පාසලට රැගෙන යන්නට සමත් විය. 

සම්පූර්ණ කාලය: ඉසිපතන විද්‍යාලය 24 (4T 2C) – 06 (2P) තර්ස්ටන් විද්‍යාලය

ලකුණු ලබාගැනීම 

  • ඉසිපතන විද්‍යාලය – සූර්ය දොඩංගොඩ 1T, ලහිරු බණ්ඩාර 1T, රේනුජ සිල්වා 1T, ලුක්මාන් රියාස් 1T, මනිල්ක රුබේරු 2C
  • තර්ස්ටන් විද්‍යාලය – චමෝද් කල්හාර 2C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<