ආසියානු මලල ක්‍රීඩා කවුන්සිලයට ශ්‍රී ලාංකික කාන්තාවක්

174

පරිපාලනය සම්බන්ධයෙන් අත්දැකීම් බහුල පරිපාලන නිලධාරිණියක් වන සෞන්දර්ය හා කලා විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂක තනතුර හොබවන අයිරාංගනී රූපසිංහ මහත්මිය ආසියානු මලල ක්‍රීඩා කවුන්සිලයේ කාන්තා කමිටුවට තේරී පත්වී ඇත.

ජාතික වාර්තා අලුත් කරමින් හිරුණි විජේරත්නට රිදී පදක්කම

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලක්මවට ……..

80 දශකයේ ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩා ශූරියක් වූ එතුමිය ‘අයිරාංගනී මහත්මිය’ ලෙස ලාංකික මලල ක්‍රීඩා සමාජය තුල ප්‍රසිද්ධ චරිතයකි. දකුණු ආසියානු සම්මේලනයේ (South Asian Federation) පදක්කම් ලාභිනියක් ලෙස ද ඇගේ නම සඳහන්ව ඇත.

1985 වර්ෂයේ දී බංග්ලාදේශයේ ඩකා නුවර පැවති දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ 4x100m හා 4x400m ඉසව් ජයග්‍රහණය කළ කණ්ඩායම්වල සාමාජිකාවක් වූ ඇය එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ සිව්වැනි ස්ථානය ලබා ගැනීමට ද සමත් විය.

ක්‍රීඩා දිවියට සමුදීමෙන් අනතුරුව ඇය ක්‍රීඩා පරිපාලනයට යොමු විය. විවිධ මට්ටමේ වගකීම් රැසක් දරන ඇය විදෙස් සංචාර සඳහා එක්වන කණ්ඩායම්වල කළමනාකරු ලෙස ද සේවය සලසමින් තම වගකීම් අකුරටම ඉෂ්ට කර ඇත. ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කළ කනිෂ්ඨ කණ්ඩායමේ භාරකාරීත්වය ද ඇය විසින් දරනු ලබයි. දෝහා කටාර් හි පැවති 23 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරන මෙරට කණ්ඩායමේ වැඩ බලන කළමනාකාරිනිය ලෙස ද ඇය සේවය කළේය.  

ආසියානු මලල ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස කටාර් රාජ්‍යයේ ජෙනරාල් Dalhan Al- Hamad නැවතත් තේරී පත්වී ඇත. මෙම කමිටුව 2019 සිට 2023 දක්වා කටයුතු කිරීමට නියමිතයි.

තරගාවලිය අවසානයේ වසර 20ක් පැරණි වාර්තාවක් බිඳ වැටේ

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය ඊයේ (24)……..

2015 සිට 2019 දක්වා සභාපති තනතුර හෙබවූ ජෙනරාල් Dalhan Al-Hamad සාර්ථක වගකීමක් ඉෂ්ට කිරීම නිසා ඔහුව නැවතත් එම තනතුරට පත්කිරීමට කවුන්සිලයේ සාමාජිකයන් 45ගෙන් බහුතරයකගේ කැමැත්ත හිමිවී ඇත.

මෙම ආසියානු මලල ක්‍රීඩා සැසිවාරය ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සමගාමීව පැවැත්විය. සභාපති තනතුරට පත්වීමෙන් අනතුරුව සාමාජිකයන් 45 දෙනාටම ස්තුතිය පුද කළ ජෙනරාල් Dalhan Al-Hamad ඔහුගේ නායකත්වය පිළිබඳව පල කළ විශ්වාසය කෘතවේදීව සිහිපත් කළේය. පසුගිය සිව් වසර පුරාවට තමන් කෙළ කාර්යයන් ඉදිරියටත් පවත්වා ගනිමින් ආසියානු මලල ක්‍රීඩාව තවත් දියුණු කිරීමටත් ශක්තිමත් කිරීමටත් ඔහු සියලුම දෙනාට ආරාධනා කළේය.

අයිරාංගනී රූපසිංහ මහත්මිය මෙම ආසියානු මලල ක්‍රීඩා කවුන්සිලයේ කාන්තා කමිටුව නියෝජනය කරන අතර එය මෙම කවුන්සිලයේ උප කමිටු 6න් එක් උප කමිටුවක් වේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<