තරගාවලිය අවසානයේ වසර 20ක් පැරණි වාර්තාවක් බිඳ වැටේ

326

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය ඊයේ (24) දෝහා කටාර් හි කලීෆා ක්‍රීඩාංගණයේ දී සාර්ථක නිමාවට පත්වූ අතර පුරා දින 4ක් පුරා පැවති තරගාවලිය අවසානයේ දී ශ්‍රී ලංකාවට එක් පදක්කමකින් පමණක් සෑහීමට පත්වන්නට සිදු විය.

ඊයේ පැවැත්වූ තරග ඉසව්වලින් තවත් පදක්කමක් පෙනෙන මානයේ තිබූ ඉසව්වක් වන මීටර 400 කාන්තා සහය දිවීමේ ඉසව්වෙන් ද පදක්කම් සිහිනය බොඳ වී ගිය නමුත් ඔවුන් වසර 20ක් පැරණි වාර්තාවක් අලුත් කිරීම කැපී පෙනේ.

ශ්‍රී ලංකා පදක්කම් සිහිනය විදූෂා යථාර්ථයක් කරයි

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ තුන්වැනි දිනය ඊයේ (23) නිමාවට පත්වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩිකාවක්…

කාන්තා මීටර 400 සහය දිවීමේ ඉසව්වට සහභාගී වූ නදීකා රාමනායක, නිමාලි ලියනාරච්චි, ඩිලිෂි කුමාරසිංහ සහ උපමාලිකා රත්නකුමාරි ඇතුළු ශ්‍රී ලංකා කාන්තා සහය දිවීමේ කණ්ඩායම ඔවුන් සහභාගී වූ ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගත් අතර වසර 20ක් පැරණි ජාතික වාර්තාව බිඳ හෙළමින් ඔවුන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිට වූයේ මිනිත්තු 3.3506ක කාලයක් වාර්තා කරමිනි.

තරගයේ පළමු යෂ්ටි හුවමාරුවේ සිට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉතාමත් හොඳ, ජයග්‍රාහි තත්වයක පසු වූ අතර අවසාන යෂ්ටි හුවමාරුවේ දී යම් පසුබෑමකට ලක්වීමත් සමඟ ඉන් නිසි ප්‍රයෝජන ගත් ජපන් ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාව අභිබවා යමින් තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවෙන් උදුරා ගන්නට සමත් විය.

ශ්‍රී ලංකා සිහින බිඳ වැටුණු දිනයක්

දෝහා කටාර් හී කලීෆා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ තෙවැනි දිනය ඊයේ (22) නිමා වූයේ ශ්‍රී ලංකා නාමය…

ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබුවේ මිනිත්තු 3.32.10ක කාලයක් වාර්තා කළ බහරේන් කණ්ඩායමයි. තරගයේ ආරම්භයේ පටන්ම පසුපසින් සිටි බහරේන් ක්‍රීඩිකාවන් අවසාන යෂ්ටි හුවමාරුවෙන් පසු ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු පසු කරමින් විශිෂ්ට ධාවනයක යෙදෙමින්  තරගයේ ප්‍රථම ස්ථානයට පත්විය.

දෙවන ස්ථානය ඉන්දියාව දිනා ගත් අතර එම ක්‍රීඩිකාවන් වාර්තා කළ කාලය වන්නේ මිනිත්තු 3.32.21ක කාලයකි. මිනිත්තු 3.34.88ක කාලයක් වාර්තා කළ ජපානය තෙවැනි ස්ථානය දිනා ගන්නා ලදි.

පිරිමි මීටර 1500 ඉසව්වට සහභාගී වූ දමිත් හේමන්ත එම ඉසව්වේ 11 වැනි ස්ථානය දිනා ගත්තේ මිනිත්තු 3.49.28 කාලයක් වාර්තා කරමිනි. එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මිනිත්තු 3.42.85ක කාලයක් වාර්තා කළ බහරේනය සමත් විය. ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගනු ලැබුවේ ඉන්දියානු ක්‍රීඩකයෙකු (මිනිත්තු 3.43.18) විසිනි. කටාර් රාජ්‍යය (මිනිත්තු 3.43.19) එහි තෙවැනි ස්ථානය දිනා ගනු ලැබීය.

Video – විදූෂාගෙන් ලක් මවට ආසියානු පදක්කමක්

දෝහා කටාර් රාජ්‍යයේ පැවැත්වෙන 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට විදූෂා ලක්ෂානි සමත් විය…

කාන්තා මීටර 1500 ඉසව්වට සහභාගී වූ ගයන්තිකා අබේරත්න ද 11 වැනි ස්ථානයෙන් ඉසව්ව නිමා කළාය. ඇය ඊට ගත කළ කාලය මිනිත්තු 4.24.42කි. ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඉන්දියාව සමත් වූ අතර ඇය වාර්තා කරනු ලැබූ කාලය මිනිත්තු 4.14.56කි. ඉසව්වේ දෙවන හා තෙවැනි ස්ථාන දෙකම බහරේන් රාජ්‍යයට (මිනිත්තු 4.14.81, මිනිත්තු 4.16.18) හිමි විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<