පාකිස්තාන සංචාරයට ICCයෙන් කොක්කක්

108

ශ්‍රී ලංකාවේ පාකිස්තාන තරග සංචාරය සඳහා එක්වීමට නියමිත තරග නිලධාරීන් නම් කිරීමට පෙර එම තරගාවලිය සඳහා පාකිස්තානය විසින් සපයා ඇති ආරක්ෂාව පිළිබඳව පරීක්ෂා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබේ. 

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමෙන් ලෝක වාර්තාවක්!

බංග්ලාදේශ තුන්කොන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය අද (15)…

පාකිස්තානයේ පුවත්පතක් වන Daily Jang පුවත්පතට අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මෙම තරගාවලිය සඳහා සපයා ඇති ආරක්ෂක තත්ත්වය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය. එම පරීක්ෂණයෙන් අනතුරුව මෙම තරගාවලිය සඳහා සහභාගි වන අපක්ෂපාතී නිලධාරීන් නම් කිරීමට ඔවුන් කටයුතු කරනු ඇත. 

පාකිස්තානයේ මීට පෙර පැවති සිම්බාබ්වේ තරග සංචාරයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් තරග නිලධාරීන් නම් නොකළ අතර එහි දී එම කණ්ඩායම්වලට එම නිලධාරීන් සොයා ගැනීමට සිදුව තිබුණි. 

මෙම තරගාවලියේ දී ද පෙර තරගාවලිය මෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනයට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එම නිලධාරීන් තම ක්‍රියාවලියක් ඔස්සේ සොයා ගැනීමට සිදුවීමට ඉඩ ඇත. එහි දී එම ක්‍රිකට් ආයතන විසින් අදාළ නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව ද සැලකිල්ලට ගැනීමට සිදු වේ. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය සැප්තැම්බර් මස 27 වැනිදා ආරම්භ වීමට නියමිතව අති අතර පසුගිය දා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කල වාර්තාවක් මගින් මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට යම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු අඟවා තිබුණි. ඉන් අනතුරුව මෙම තරග සංචාරය යම් අවිනිශ්චිත තත්ත්වයක පවතී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම සංචාරය සඳහා සපයා ඇති ආරක්ෂාව පිළිබඳව නැවත පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව පැවතිනි. 

සිවගුරුනාදන් සමරු කුසලානය යාපනය හින්දු විද්‍යාලයට

සිවගුරුනාදන් සමරු කුසලානය වෙනුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලය හා යාපනය හින්දු…

කෙසේ වෙතත් පාකිස්තානය ක්‍රිකට් ආයතනය මෙම තරගාවලිය පාකිස්තානයෙන් පිටත පැවැත්වීමට එකඟවී නොමැත. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය එක්දින තරග තුනකින් හා විස්සයි විස්ස තරග තුනකින් සමන්විත වේ. එය එළඹෙන සැප්තැම්බර් මස 27 සිට ඔක්තෝබර් මස 9 දක්වා පැවැත්වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<