ජාත්‍යන්තරය දිනූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් වීම්

ආසියානු කුසලානය 2022

396

ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තලයේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඊයේ (20) යුද හමුදා මූලස්ථානය වෙත ආරාධනා කර තිබුණු අතර එහි දී ඔවුන්ගේ දක්ෂතා අගය කරමින් ඔවුන් හට උසස් වීම් සහ මූල්‍යමය දිරි ගැන්වීම් ලබා දීම සිදු කර තිබුණා.

එහි දී ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන, දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකා යුද හමුදාවේ සැරයන්වරයෙකු දක්වා උසස් කර තිබෙනවා.

ඉකුත් දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී නිමා වූ ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා සංචිතයේ සිටි මහීෂ් එහි දී දැක්වූ විශිෂ්ට දස්කම් නිසාවෙන් ඔහුගේ නිලය උසස් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර තිබෙනවා. ·

යුද හමුදාපති විකුම් ලියනගේ මහතා විසින් මහීෂ් හට සිය සුබ පැතුම් සමඟින් මූල්‍යමය දිරි ගැන්වීමක් ලබා දීම ද සිදු කෙරුණු අතර මහීෂ්ට අමතරව 2022 ආසියානු දැල්පන්දු ශූරතාවය දිනූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම නියෝජන කළ තිශාලා අල්ගම, භාෂිණි ද සිල්වා, සහ ඉදූෂා ජනනි මෙන්ම 2022 ආසියානු කායවර්ධන ශූරතාවයේ ලෝකඩ පදක්කම් ලාභී කායවර්ධන ක්‍රීඩක R.A.D.P රාජපක්ෂ යන අයවලුන් කෝප්‍රල් තනතුරු දක්වා උසස් කෙරුණු ලැබුවා. >> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<