ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් සටනට දිනය තීන්දුයි!

433

2017 ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය 2018 ජනවාරි මස කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව ඇත.

https://www.thepapare.com/world-cup-trophy-tour-coming-to-sri-lanka-news-sinhala/

ඒ  අනුව මෙම පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය 2018 වසරේ ජනවාරි මස 13 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛතම පාපන්දු තරගාවලියක් ලෙස සැලකෙන මෙම පාපන්දු තරගාවලිය සඳහා අනුග්‍රහය දක්වනු ලබන ඩයලොග් ආසිආටා සමාගම එම දිනය නිල වශයෙන් තහවුරු කරන ලදි.

ThePapare.com ශ්‍රී ලංකා පාපන්දු සංගමය සම්බන්ධ කර ගැනීමට වෑයම් කළත් එය සාර්ථක වූයේ නැත.

https://www.thepapare.com/sri-lankas-godfather-of-football-p-d-sirisena-passes-away-sinhala/

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා රිනවුන් ක්‍රීඩා සමාජය අතර පසුගිය සතියේ පැවැත්වූ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර කොළඹ පාපන්දු සමාජය හා යුද හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයෙන් කොළඹ පාපන්දු සමාජය ජය ගන්නා ලදි.

මෙම තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගැනීමට රිනවුන් ක්‍රීඩා සමාජය සමත් වී සිටින්නේ ප්‍රසාද ලකුණු 40ක් ලබා ගනිමිනි. එහි දෙවන ස්ථානයේ සිටින කොළඹ පාපන්දු සමාජය ප්‍රසාද ලකුණු 37ක් ලබාගෙන ඇත. නමුත් කොළඹ පාපන්දු සමාජය වැඩි ගෝල පරතරයක් තබා ගැනීමට සමත්ව ඇත.

https://www.thepapare.com/fifa-world-rankings-sri-lanka-sink-to-their-lowest-ever-news-sinhala/

මෙම තරගාවලියේ පසුගිය වර්ෂයන් දෙකේම (2015, 2016) ශූරතාවය දිනා ගැනීමට කොළඹ පාපන්දු සමාජය සමත් වී ඇති අතර පිට පිට තෙවතාවක් ශූරතාවය දිනා ගැනීමේ අරමුණින්  කොළඹ පාපන්දු සමාජය මෙම අවසන් සටනට පිවිසෙනු ඇත. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන රිනවුන් ක්‍රීඩා සමාජය 2009 වර්ෂයේ දී අවසන් වරට මෙහි ශූරතාවය ජයග්‍රහණය කර ඇත.

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට