ගෙවුණු දවස ජනවාරි 14 – අයර්ලන්තය හමුවේ ශ්‍රී ලංකාව කොයිබටද?

169

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.

ක්‍රිකට්

මහානාමයේ පවන් ශතකයක් වාර්තා කරයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (14) දිවයින පුරා විසිරුණු ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී ක්‍රියාත්මක විය.

මහානාම විද්‍යාල පළමු ඉනිම – 323/9d (109): පවන් රත්නායක 123, සොනාල් දිනූශ 108,  විනුක රූබසිංහ 37, පවන්ත වීරසිංහ 28, අයේෂ් හර්ෂණ 5/112.

තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම – 163/8 (67.1): යොහාන් ලියනගේ 49, රනේෂ් සිල්වා  37*, පැතුම් බොතේජු 4/41.

 ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 237/9d (67.1): අශාන් ලොකුකැටිය 61, පුබුදු බණ්ඩාර 60, උමෙයිර් රයිසාන් 40, සචිර රශ්මික 5/67, සෙනිත් සිසාරා 2/85.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 123 (53.4): සචිර රශ්මික 43, නගිත විජේසුන්දර 5/29, කවිෂ්ක සේනාධීර  4/45.

සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිම  (F/O) – 116 (45.5): මිහිසල් අමෝද 27, නගිත විජේසුන්දර 6/47.

ත්‍රිත්ව විද්‍යාල දෙවන ඉනිම – 6/0 (0.1):

සම්පූර්ණ වාර්තාව: පවන්, සොනාල් හා සිතර හපුහින්න ශතක අතරට

 ඇන්ජෙලෝ නොදැවී ශතකයක් වාර්තා කරයි

සංචාරක අයර්ලන්ත A ක්‍රීඩකයන්ගේ ආඩම්බරකාරී ඉනිමේ පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ තවදුරටත් ඔවුන්ට ඒ කිරුළ ඔවුන්ගේ හිස් මතම තබා ගැනීමට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කරමින් තරගයේ දෙවැනි දිනයට (14) සමුදුන්හ.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 8කට ලකුණු 508ක් ලබා ගනිමින් සෑහීමකට පත්වූහ. තරගය අඳුරු ආලෝක තත්ත්වය මත නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 99ක් ලබා සිටිය හ.

සම්පූර්ණ වාර්තාව: අශාන් සහ ඇන්ජෙලෝගෙන් ශ්‍රී ලංකාවට පොඩි සහනයක්

දිනයක අවසානය