ගෙවුනු දවස ජූලි 23 – ප්‍රථම ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය

464

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

රංගන හේරත් නායකත්වයට

Sri Lanka Test squad vs India

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මගින් ලබන 26 වැනිදා ගාල්ලේ දී ආරම්භ වන ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරනු ලබන ටෙස්ට් සංචිතය ඊයේ (23) නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කරන ලදි. වමතින් දඟපන්දු යවන මාලින්ද පුෂ්පකුමාර හා මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා නැවතත් සංචිතයට කැඳවා තිබීම සුවිශේෂී වේ.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට අලුතින් පත්කළ දිනේෂ් චන්දිමාල් නියුමෝනියාව නිසාවෙන් රෝගී වී සිටින අතර, ඒ නිසාවෙන් වමතින් දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් හට පළමු ටෙස්ට් තරගයේ නායකත්වය ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. මෙම සංචිතය සඳහා පිතිකරුවන් 8 දෙනෙක්, දඟපන්දු යවන්නන් තිදෙනෙකු හා වේගපන්දු යවන්නන් සිව්දෙනෙකු ඇතුළත් කර ඇත.

ශ්‍රී ලංකා සංචිතය රංගන හේරත් (නායක), උපුල් තරංග, දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් , ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස් , අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල , දිල්රුවන් පෙරේරා, මාලින්ද පුෂ්පකුමාර, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්,  ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු.

සම්පූර්ණ වාර්තාව: පුෂ්පකුමාර හා ධනංජය ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට


නිමේෂගෙන් ශතකයක්

SLC U23 Cricket Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරගය කිහිපයක්ම ඊයේ (23) ආරම්භ විය. ඊයේ දිනය තුල අසිත ප්‍රනාන්දු හා ලක්ෂාන් ජයසිංහ කඩුලු 6 බැගින් දවාගත් අතර, නිමේෂ ගුණසිංහ සිය ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

මධ්‍යම පළාත පළමු ඉනිම – 332/7 dec (59): නිමේෂ ගුණසිංහ 113, වනිඳු හසරංග 54, ඩිලාන් ජයලත් 52, තානුක දාබරේ 38, සංදීප සෙව්මින්ද 2/52, ශාලුක සිල්වා 2/77

උතුරු මැද පළාත් පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 158/6 (40): දිනෙත් තිමෝද්‍ය 56

ඌව පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී 94 (44.4): නවිඳු නිර්මාල් 20, හශාන් විමර්ශන 20*, සඳකැන් පතිරණ 4/29, පසන් හෙට්ටිආරච්චි 2/13, මිශේන් සිල්වා 2/17.

බස්නාහිර පළාත් දකුණ පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 273/8 (53): මලිඳු මදුරංග 50, ප්‍රමොද් මදුවන්ත 48*, මොහොමඩ් ජලීල් 46, මිශේන් සිල්වා 42, අකිල ලක්ෂාන් 27,

සම්පූර්ණ වාර්තාව: නිමේෂ, අසිත හා ලක්ෂාන් දස්කම් අතරට

දිනයක අවසානය