එංගලන්තය ඇවිළෙන ගින්නකට පිදුරු දමයි

149
ECB joins BCCI and CA

අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය එළඹෙන 2023 – 2031 තරග වාරය සඳහා ලෝක මට්ටමේ තරගාවලි 8ක් පැවැත්වීමට පසුගිය දා තීරණය කර තිබුණි. 

මෙම තීරණය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය හා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විරුද්ධත්වය දැක්වූ අතර එංගලන්ත ක්‍රිකට් ආයතනය ද එයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ. 

වත්මන් ශූර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංගලිදේශයට පියාඹයි

පසුගිය වර්ෂ දෙකේම ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වූ ශ්‍රී ලංකා..

ඉන්දීය ක්‍රිකට් ආයතනය හා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මෙන්ම එංගලන්ත ක්‍රිකට් ආයතනය ද පවසා ඇත්තේ මෙම තීරණය නිසා එම තරග වාරය තුල පැවැත්වෙන ද්වීපාර්ශික ක්‍රිකට් තරගාවලි සඳහා ප්‍රබල බලපෑමක් එල්ල වන බවයි. 

මේ පිළිබඳව අදහස් දක්වමින් එංගලන්ත ක්‍රිකට් ආයතන සභාපති කොලින් ග්‍රේව්ස් පවසා සිටියේ මේ තීරණය නිසා ද්වීපාර්ශික ක්‍රිකට් තරගාවලිවලට එල්ල වන බලපෑමට අමතරව ලෝක ටෙස්ට් ශූරතාව සඳහා ද ප්‍රබල බලපෑමක් එල්ල විය හැකි බවයි. 

එංගලන්ත ක්‍රිකට් ආයතනයේ මෙම තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට ප්‍රබල බලපෑමක් එල්ල කරන අතර එයට හේතුව වී ඇත්තේ එංගලන්ත ක්‍රිකට් සභාපති වන කොලින් ග්‍රේව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන කමිටුවේ සාමාජිකයෙකු මෙන්ම මූල්‍ය හා වාණිජ සම්බන්ධතා පිළිබඳ නිලධාරියා ද වීමයි. 

මේ වන විට පැවැත්වෙන 2015 – 2023 තරග වාරය සඳහා ලෝක මට්ටමේ තරගාවලි 6ක් පමණක් පැවැත්වේ. කෙසේ වෙතත් මේ වන විට ක්‍රිකට් ආයතන තුනක් මෙම තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ මෙම තීරණය නැවත සලකා බැලීමට සිදු වනු ඇත. 

“අපි ඔවුන්ගේ නව පාලන ක්‍රමයට විරුද්ධ වෙනවා. එයට නව පරිපාලන සැලැස්ම, වෙළඳ සැලැස්ම හා අනාගත සංචාර සැලැස්ම ඇතුළත් වෙනවා. මේ පිළිබඳව නිසි විසඳුමක් නොලැබුනොත් අපි MPA ගිවිසුම අත්සන් කරන්නේ නෑ. ” 

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික අරුන් ධුමාල් පවසා සිටියා. 

“මේ නව සැලැස්ම නිසා ද්වීපාර්ශික ක්‍රිකට් තරගාවලි සඳහා වන හානිය පිළිබඳව එංගලන්ත ක්‍රිකට් ආයතනය විදිහට අපි ගොඩක් අවධානයෙන් සිටිනවා.” 

ලෙස එංගලන්ත ක්‍රිකට් ආයතන සභාපති කොලින් ග්‍රේව්ස් විසින් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතන ජ්‍යේෂ්ඨ විධායක නිලධාරි මනු සාව්නෙයි හට යොමු කළ ඊමේල් පණිවිඩයක සඳහන්ව ඇත. 

“මේ නව සැලැස්ම නිසා ද්වීපාර්ශික ක්‍රිකට් තරගාවලි සඳහා වන කාලය අඩු වෙනවා. එය ද්විපාර්ශික තරගාවලි සඳහා සහභාගි වන කණ්ඩායම්වලට සිදු වන විශාල අසාධාරණයක්.”

මෙම සැලැස්ම සඳහා පළමුව විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය ක්‍රිකට් ආයතනය විසිනි. ඒ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රතිසංවිධානයක් සිදු වෙමින් තිබූ නිසා එම විරෝධය එතරම් බලපෑමක් කිරීමට සමත් නොවීය. 

ශාලින්ද, අශේන් හා දිනෙත් සාන්ත ජෝසප් ජය මාවත විවර කරයි

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ..

එම අවස්ථාවේ දී ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි රාහුල් ජෝහ්‍රි පවසා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ මෙම තීරණය නොමේරූ තීරණයක් බවයි. 

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් යොමු කරන ලද ඊමේල් පණිවිඩයෙන් අනතුරුව දැනට ක්‍රියාත්මක වන වඩාත් ප්‍රබලතම ක්‍රිකට් ආයතන තුන මෙම තීරණය සඳහා තම විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. මීට දින කීපයකට පෙර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියෙකු වූ කෙවින් රොබර්ට්ස් පවසා සිටියේ මෙම තීරණය අනිවාර්යයෙන්ම නැවත සලකා බැලිය යුතු තීරණයක් වන බවයි. 

ඉන්දීය ක්‍රිකට් ආයතනය, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය හා එංගලන්ත ක්‍රිකට් ආයතනය හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය අතර ඇතිව තිබෙන මෙම මතභේදාත්මක තත්වය එතරම් දුර්ලභ එකක් නොවන අතර 2014 වසරේ සිට මෙම ක්‍රිකට් ආයතන තුන විසින් ජාත්‍යන්තර ක්‍රිකට් අත්පත් කරගැනීමට ගත් උත්සාහයේ සිටම මෙලෙස මතභේදාත්මක අවස්ථා ගොඩනැගෙමින් තිබුණි. 

මෙම ක්‍රිකට් ආයතනයන් ද්වීපාර්ශික ක්‍රිකට් තරගාවලි මඟින් වැඩිම ආදායමක් ලබා ගන්නා ආයතන තුන වන අතර ඔවුන් ඉහල මට්ටමක ආදායමක් සහිත දේශීය විස්සයි විස්ස තරගාවලි ද පවත්වා ගෙන යයි. එංගලන්ත ක්‍රිකට් ආයතනය ද පන්දු 100ක නව තරගාවලියක් හඳුන්වා දීමට නියමිතය. 

“එංගලන්ත ක්‍රිකට් ආයතනය විදිහට අපිට බෑ මේ නව තරගාවලියක් සඳහා ගත් නව තීරණයට එකඟ වෙන්න. ලෝක ටෙස්ට් තරගාවලියේ අවසන් තරග පැවැත්වෙන්නෙත් මේ කාලය තුලයි. ඒක අවදානම් වගේම ලෝක ටෙස්ට් තරගාවලියේ ප්‍රමිතිය පහළ හෙළනවා. ඒක අනාගත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් හොඳ දෙයක් නොවේ. ” 

එංගලන්ත ක්‍රිකට් සභාපති කොලින් ග්‍රේව්ස් පවසා සිටියා.

තම ඊමේල් පණිවිඩයෙහි මෙම තරගාවලිය සම්බන්ධයෙන් වන අවදානම පිළිබඳව ද කොලින් ග්‍රේව්ස් සඳහන් කර ඇත. එය එංගලන්ත ක්‍රිකට් ආයතනයේ මූල්‍යමය සැලැස්මට ද ප්‍රබල බලපෑමක් එල්ල කරන බව ඔහුගේ මතයයි.

“අපේ වගකීමක් මේ දැනට තියන ශේෂය පවත්වා ගෙන යාම. ඒක ගොඩක් ලොකු අභියෝගයක්. නව තරගාවලියක් නිසා ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත අඩු වුනොත් එය මිලියන ගණනක් වන ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට කරන අසාධාරණයක්. අපේ අදහස මේ නව තීරණය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට වගේම ද්වීපාර්ශික ක්‍රිකට් තරගාවලි සඳහාත් ප්‍රබල බලපෑමක් කරනවා යන්නයි. 

කොලින් ග්‍රේව්ස් තවදුරටත් පවසා සිටියේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මකභාවය පවත්වා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ආරම්භ කල ලෝක ටෙස්ට් තරගාවලිය සඳහා මෙම තීරණය මඟින් විශාල බලපෑමක් සිදු වන බවයි. 

“ලෝක ටෙස්ට් තරගාවලිය ලොව පුරා සිටින ටෙස්ට් ක්‍රිකට්ලෝලීන්ට ලොකු අවස්ථාවක් වුනා ටෙස්ට් ක්‍රිකට් නැරඹීමට. ඒ වගේම ලෝක ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් සංවිධානය කරන තරගයක් වීම නිසා තවත් තරගාවලියක් එක් කිරීම අනවශ්‍යයි.” 

මෙම නව තරගාවලි නිසා ක්‍රීඩකයන්ට සිදුවන බලපෑම කොලින් ග්‍රේව්ස් විසින් පෙන්වා දී තිබේ. 

“කණ්ඩායමේ සිටින හොඳම ක්‍රීඩකයන්ට තවත් තරගාවලියක් ක්‍රීඩා කිරීමට පැවසීම කළ නොහැක්කක්. ඔවුන් දැනටමත් ඔවුන්ට හැකි ප්‍රමාණයට වඩා ක්‍රීඩා කරමින් සිටිනවා. එංගලන්ත ක්‍රිකට් ආයතනය හැටියට අපි ක්‍රීඩකයන්ගේ සුබසිද්ධිය පිළිබඳව ගොඩක් සලකා බලනවා. ඒ වගේම ක්‍රිකට් ආයතන විදිහට අපි සලකා බලන ක්‍රීඩකයන්ගේ ශාරීරික හා මානසික සුවතාවය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයත් සලකා බැලිය යුතුයි. “

ෆින්ච් සහ වෝනර් පාකිස්තානයට කට උත්තර නැති කරයි

ඕස්ට්‍රේලියාව සහ සංචාරක පාකිස්තානය අතර පැවති තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් …

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය හා මෙම ක්‍රිකට් ආයතන අතර පවතින අර්බුදය වර්තමානය වන විට යම් උග්‍ර අතකට හැරී ඇත. කොලින් ග්‍රේව්ස් තවදුරටත් පවසා සිටියේ මෙම තීරණය පිළිබඳව සොයා බැලීම සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත්කර ඔවුන්ගේ වාර්තාව අනුව සාකච්ඡා කර අවසන් තීරණයට පැමිණිය හැකි බවයි. 

මෙම ක්‍රියාකාරී කමිටුව සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ සභාපති ක්‍රිස් නෙන්සානි, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන සභාපති අර්ල් හෙඩින්ග්ස්, ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති ජොහ්‍රි, එංගලන්ත ක්‍රිකට් ආයතන සභාපති ටොම් හැරිසන්හ හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයයේ ජොනී ග්‍රේව් තීරණය තිබුණි. 

“අපි එංගලන්ත ක්‍රිකට් ආයතනය විදිහට ඕනෙම වෙලාවක සූදානම් ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂක පිරිස වැඩි කිරීමට සහයෝගය දක්වන්න. ඒ සඳහා අපි මේ ලෝක තරගාවලි හා ද්වීපාර්ශික තරගාවලි සමබර කළ යුතුයි. මම තදින්ම විශ්වාස කරන දෙයක් අපි නිවැරදිව සැලසුම් කර 2023 වසරේ සිට පැවැත්වෙන තරගාවලි සංවිධානය කරගන්න පුළුවන්. එමගින් ක්‍රිකට් ආයතනයක් විදිහට අපි බලාපොරොත්තු වෙන ඉලක්කවලට ළඟා විය හැකි බව මම විශ්වාස කරනවා” ග්‍රේව්ස් පවසා සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<