ඕස්ට්‍රේලියාවට එරෙහි වන දකුණු අප්‍රිකානු විස්සයි විස්ස සංචිතය

80

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා තෝරාපත් කරගත් දකුණු අප්‍රිකානු සංචිතය ඊයේ (17) මාධ්‍ය වෙත එළිදක්වා තිබුණු අතර එහි දී අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේම සේවය යලි ලබා ගැනීමට එරට තේරීම් කමිටුව කටයුතු කොට තිබීම වඩාත් කැපී පෙනුණි.

ඩිවිලියර්ස් ආයෙත් එයි ද?

දකුණු අප්‍රිකානු පුහුණුකරු මාක් බවුචර්ට අනුව දකුණු අප්‍රිකාවට මෙවර විස්සයි විස්ස තරගාවලිය සඳහා…

ඒ අතරින් දකුණු අප්‍රිකානු වේගපන්දු බලඇණියේ නියමුවා ලෙසින් පසුගිය වසර කිහිපය පුරාවටම තම දායකත්වය උපරිමයෙන් කණ්ඩායම වෙත ලබා දුන් කගීසෝ රබාඩාගේ සහ නායකත්ව භූමිකාවට සමුදෙමින් නව දැක්මක් යටතේ කණ්ඩායම ඉදිරියට රැගෙන යාමට සහය දෙන හිටපු නායක ෆෆ් ඩූ ප්ලෙසීගේ නාමයන් ඇතුලත් වීම වැඩි අවධානයක් දිනා ගැනීමට සමත්වී තිබේ.

ඔවුන් දෙදෙනාට අමතරව වේගපන්දු යවන ක්‍රීඩක ඇන්රිච් නෝටියෙර් ද සංචිතයේ දොරටු විවෘත කරගෙන ඇති අතර ඒත් සමඟම රීසා හෙන්ඩ්‍රික්ස්, බෙඋරන් හෙන්ඩ්‍රික්ස් සහ සිසන්ඩා මාගලා යන නවක ක්‍රීඩකයින් තිදෙනා හට තම ස්ථානයන් කැප කරමින් කණ්ඩායමෙන් ඉවතට යාමට සිදුව ඇත.

එංගලන්තයට එරෙහිව ඉතාමත් දක්ෂ ලෙස තම පිත්ත හැසිර වූ ටෙම්බා බවුමා නැවතත් කණ්ඩායමේ තම ස්ථානය තහවුරු කරගැනීමට සමත් වී ඇති නමුත් තෙවැනි විස්සයි විස්ස තරගය අතරතුර දී කලව ප්‍රදේශයේ ඇති වූ ආබාධයක් නිසාවෙන් පිටියෙන් ඉවතට යාමට ඔහුට සිදු විය. 

මේ වන විට ඔහු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් යටතේ ප්‍රතිකාර ලබන අතර තරගාවලියට පෙරාතුව ඔහුගේ ශාරීරික යෝග්‍යතාව අපේක්ෂිත මට්ටමේ පවතින්නේ ද යන්න ඇගයීමෙන් අනතුරුව ඔහුගේ සහභාගීත්වය තහවුරු කිරීමට කණ්ඩායම් කළමනාකාරිත්වය අපේක්ෂා කෙරේ.

නවසීලන්තයෙන් වේගපන්දුවට බර ටෙස්ට් සංචිතයක්

පසුගියදා නිමාව දුටු ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගාවලිය පුරාවට වේගපන්දුවෙන්…

“නායකත්වයේ වෙනසකට සුදුසුම කාලය එළඹිලා තියෙන්නේ. නවක ක්‍රීඩකයෙකුට එම භාරධූර වගකීම භාර කිරීම ඉතාමත් වැදගත් කියලා මම හිතනවා, මොකද ඉදිරියේ දී කණ්ඩායම නව දැක්මක් යටතේ නැඟී සිටිනවා නම් ඒ සඳහා  අනුගත වෙන්න යම් කාල සීමාවක් දැන්ම ඉදන්ම අවශ්‍යයි.” යනුවෙන් ප්‍රකාශ කර සිටි හිටපු නායක ෆැෆ් ඩූ ප්ලෙසිස් සීමිත පන්දුවාර තරග ආකෘති ද්විත්වයේම නායකත්ව වගකීම සුපිරි පිතිකරු ක්වින්ටන් ඩි කොක් හට නිල වශයෙන් භාර කළේ ඊයේ (17) සංචිතය නම් කිරීමට පැය කිහිපයක් ඉතිරිව තිබිය දී ය.

නිමාව දුටු එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ දී එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් මෙහෙයවීමේ බර තම කර මතට පවරා ගත් ක්වින්ටන් ඩි කොක් එහි දී කණ්ඩායම හැසිර වූ ආකාරය ඉතාමත් ප්‍රශංසනීය බව එරට තේරිම් කමිටුවේ ස්වාධීන නිලධාරියෙකු ලෙස කටයුතු කරන ලින්ඩා සොන්ඩි මහතා සඳහන් කර සිටියේය.

“විස්සයි විස්ස තරගාවලිය අවසානයේ දී බලාපොරොත්තු වුනු ප්‍රතිඵලය අත්පත්කර ගන්න අපිට බැරි වුනත් තරගාවලිය පුරාවට පෙන්වපු දක්ෂතා පිළිබඳ සලකා බැලුවම අපි ඉතාමත් හොඳ ස්ථානයක මේ වෙනකොට ඉන්නවා කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. පිතිකරුවන් තමන්ගේ රාජකාරිය හරියාකාරවම ඉටු කරා.”

එංගලන්තයේ දරුණු ප්‍රහාරය අප්‍රිකානු කුසලාන සිහිනය බොඳ කරයි!

වර්තමානයේ ක්‍රිකට් පිටිය තුල වඩාත්ම ආක්‍රමණශීලී කණ්ඩායම කුමක්දැයි ඔබෙන් විමසුවහොත් …

“විශේෂයෙන්ම හොඳ ලකුණු සංඛ්‍යාවක් කරා කණ්ඩායම රැගෙන යද්දී ඉදිරිපෙළ පිතිකරුවෝ දියත් කරපු ආක්‍රමණශීලී පිතිහරඹ රටාව නිසා ශක්තිමත් අඩිතාලමක් සකස් කරගන්න බොහෝ අවස්ථාවන් වලදි අපිට පුළුවන් වුනා. ළඟ එන ලෝක කුසලාන තරගාවලියේදීත් මෙය ඉතාමත් වැදගත් වේවි කියලා මම හිතනවා.”

“ඕස්ට්‍රේලියාවට එරෙහිව නම් කරලා තියෙන සංචිතය පිළිබඳ මම සෑහීමකට පත්වෙනවා මොකද නෝටියෙර් සහ රබාඩාගේ පැමිණීමත් එක්කම අපේ පන්දු යැවීමේ අංශය තවත් ශක්තිමත් වෙනවා වගේම ෆැෆ් වගේ අත්දැකීම් සමුදායක් සහිත පිතිකරුවෙක් කණ්ඩායමේ ඉන්නවා කියන්නේ ඒක කණ්ඩායමේ මානසික මට්ටම තවත් ඉහළ නංවන්න ගොඩක් උපකාරි වෙනවා.” යනුවෙන් කණ්ඩායමේ සංයුතිය පිළිබඳ අදහස් දැක්වූ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

දකුණු අප්‍රිකානු විස්සයි විස්ස සංචිතය: ක්වින්ටන් ඩි කොක්(නායක), ටෙම්බා බවුමා, ෆෆ් ඩූ ප්ලෙසිස්, රසි වැන් ඩර්සෙන්, ඩේවිඩ් මිලර්, ඩුවේන් ප්‍රිටෝරියස්, ඇන්ඩිලේ ෆෙලුක්වායෝ, ජොන්-ජොන් ස්මට්ස්, කගීසෝ රබාඩා, තබ්‍රියිස් ශම්සි, ලුන්ගි නිගිඩි, හෙයින්රිච් ක්ලාසන්, ඩේල් ස්ටේන්, පීටි වැන් බිලියෝන්, බියෝන් ෆෝටේන්

තරග කාලසටහන

  • පළමු T20 තරගය – පෙබරවාරි 21 – ජොහැන්ස්බර්ග් 
  • දෙවන T20 තරගය – පෙබරවාරි 23 – පෝට් එලිසර්බත්
  • තෙවැනි T20 තරගය – පෙබරවාරි 26 – කේප් ටවුන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<