මහනුවර – CR සටන! තරගාවලියේ පළමු පරාජය කාට ද?

77
5th week preview

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතියේ තරග එළඹෙන සිකුරාදා (03) සහ සෙනසුරාදා (04) පැවැත්වීමට නියමිතයි. සිව්වැනි සතියේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය විසින් ගුවන් හමුදාවට එරෙහිව තියුණු ජයක් අත්කර ගැනීමෙන් අනතුරුව මේ සතියේ දී ඔවුන් ප්‍රබල යුද හමුදාව හමුවීමට සූදානමින් සිටියි.

ලෝක කුසලානය ජපන් ගිය, හැව්ලොක් – මහනුවර ඇවිළුණු 2019

රග්බි ලෝක කුසලානයක අමතක නොවන අත්දැකීම් සමඟින් ගෙවුණු..

එසේම අපරාජිතයින්ගේ සටන වන මහනුවර සහ CR&FC කණ්ඩායම් අතර තරගය මේ සති අන්තයේ දී ලොන්ඩන් පෙදෙසේ දී පැවැත්වීමට නියමිතයි.

එක් තරගයක්වත් පරාජය නොවූ මෙම කණ්ඩායම් දෙකෙන් තරගාවලි ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින්නේ මහනුවර ක්‍රීඩා සමාජයයි. ඒ ලකුණු 23ක් සමඟින්.

ලකුණු 21ක් සමඟින් CR&FC කණ්ඩායම දෙවැනි ස්ථානයේ පසුවන්නේ මහනුවර, පොලිස්, ගුවන් හමුදා හා යුද හමුදා ක්‍රීඩා සමාජවලට එරෙහිව ප්‍රසාද ලකුණු සමඟ ජයග්‍රහණ වාර්තා කරමිනි. 

නමුත් CR&FC කණ්ඩායම ප්‍රසාද ලකුණු ජයක් අත්කර ගැනීමට හැකි වූයේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව පමණි.

නමුත් කණ්ඩායම් දෙකම මේ තරග වාරයට අවතීර්ණ වන්නේ ඉතාමත් සුවිශේෂී දක්ෂතා සමඟිනි. විශේෂයෙන් මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන බුද්ධිම පියරත්න සහ CR&FC වෙනුවෙන් ක්‍රීඩා කරන ජනිදු දිල්ශාන් මෙම තරගයේ දී වැඩි අවධානයක් යොමු කළ යුතු ක්‍රීඩකයන් දෙදෙනෙකි. දැනටමත් ජනිදු දිල්ශාන් සමඟ බුද්ධිම පියරත්න මෙවර තරග වාරයේ වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාව වාර්තා කිරීමට සමත්ව සිටියි.

ශ්‍රී ලංකාවෙන් ආසියානු කමිටුවට නව මුහුණු දෙකක්!

ආසියානු රග්බි පාපන්දු සංගමයේ තරගාවලි කමිටුවේ සභාපති ලෙස..

එසේම CR&FC සතුව සිටින අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා වන රීසා මුබාරක් සිය පාදයේ බලය යොදා ගනිමින් අනෙක් කණ්ඩායම් සියල්ලම පීඩනයට ලක් කරමින් සිටියි. මෙවර තරග වාරයේ පළමු තරග 4 පමණක් ක්‍රීඩා කරමින් ලකුණු 48ක් රැස් කරන්නට ඔහු සමත්ව ඇත.

එළඹෙන තරගයේ දී මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් රොෂාන් වීරරත්න ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බවත් වාර්තා වේ. ඔහු අවසන් වරට ක්‍රීඩා කළ 2016/17 තරග වාරයේ දී මහනුවර ක්‍රීඩා සමාජයට නායකත්වය දෙමින් ලීග් ශූරතාව ජය ගැනීම දක්වා තම කණ්ඩායම කැඳවා ගෙන යාම ද විශේෂත්වයක්.

එසේම මහනුවර කණ්ඩායම තමන්ගේ නිජ බිමෙන් පිටත ක්‍රීඩා කරන තරග පසුගිය තරග වාරයේ දී එතරම් සුබදායී නොවුනත් මෙම තරග වාරය ඔවුන්ට එය මිත්‍යාවක් බවට පත්කිරීමට ඉතා හොඳ අවස්ථාවක් වනු ඇත.

ලෝක කුසලානය ජපන් ගිය, හැව්ලොක් – මහනුවර ඇවිළුණු 2019

රග්බි ලෝක කුසලානයක අමතක නොවන අත්දැකීම් සමඟින් ගෙවුණු..

අත්දැකීම් බහුල කණ්ඩායම් දෙකක් ගැටෙන මෙම “අපරාජිතයින්ගේ සටන” එළඹෙන 4 වැනි සෙනසුරාදා CR&FC ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

එසේම එළඹෙන 3 වැනිදා නාවික හමුදාවට එරෙහිව ගුවන් හමුදාව වැලිසර දී ක්‍රීඩා කිරීමට නියමිත අතර එදිනම පොලිස් ක්‍රීඩා සමාජය සහ CH&FC කණ්ඩායම අතර තරගය පොලිස් ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

ජනවාරි 4 වැනිදා යුද හමුදාව සහ හැව්ලොක් ක්‍රීඩා සමාජ අතර තරගය වැලිසර දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සජීව විකාශය හා සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<