ක්‍රිස් ගේල්ට වැඩ වරදින ලකුණු

99

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් පසුගිය දා වඩාත් කතාබහට ලක්වූයේ ඔහු විසින් ජැමෙයිකා Tallawahs කණ්ඩායම හා හිටපු කොදෙව් ක්‍රීඩක රම්නරේශ් සර්වාන් විවේචනය කරමින් නිකුත් කළ වීඩියෝ කීපයක් නිසාවෙනි. 

ක්‍රිස් ගේල් මීට පෙර කැරීබියානු ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලිය නියෝජනය කළ කණ්ඩායම වන ජැමෙයිකා Tallawahs කණ්ඩායමට එරෙහිව කළ අපහාසාත්මක ප්‍රකාශයන් නිසා ඔහුට යම් ආකාරයක සම්බාධක පැනවීමට තීරණය කර ඇත. 

එයට හේතුව පැහැදිලි කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සභාපති රිකී ස්කර්රිට් පවසා සිටියේ ගිවිසුම් ගත ක්‍රීඩකයෙකු ලෙස ක්‍රිස් ගේල්ට එලෙස විවේචනයන් සිදු කළ නොහැකි බවත්, ඔහු එමඟින් ලීගයට “අපකීර්තියක්” ගෙන ආ බවත් පවසා ඇත. 

බාබර් අසාම්ට උසස් වීමක්

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ නව එක්දින නායකයා ලෙස බාබර් අසාම් පත් කිරීමට …

ගේල්ගේ නිදහස් කිරීම හුදු ව්‍යාපාරික පියවරක් ලෙස Tallawahs කළමනාකාරිත්වය ප්‍රකාශයක් නිකුත් කළ ද, CPL පාලනාධිකාරිය ඒ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් ගේල්ට දඬුවම් කිරීම පිළිබඳව සාකච්ඡා කරන්නේ දැයි අඟහරුවාදා එම පාලනාධිකාරියෙන් ESPNcricinfo විසින් විමසා තිබුණ ද, එයට ද ඔවුන් ප්‍රතිචාර දක්වා තිබුණේ නැත.

පසුගිය මාසයේ දී ගේල් YouTube වෙබ් අඩවියට එක් කළ වීඩියෝ තුනක් මඟින් තමාට දැනුම් නොදී Tallawahs කණ්ඩායම විසින් තමා නිදහස් කිරීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කර තිබුණි.  

වීඩියෝව කොටස් හතරකට බෙදා ඇති ගේල්, එහි දී Tallawahs කණ්ඩායමේ ප්‍රධාන විධායක ජෙෆ් මිලර් සහ හිමිකරු ක්‍රිෂ් පර්සෝඩ් හට ද විවේචන එල්ල කර තිබුණි. ඔවුන් තමා සමඟ සෙල්ලම් කල බවත් ඔහු පවසා තිබුණි. 

මෙලෙස කණ්ඩායමෙන් ඔහු නිදහස් කිරීම සඳහා වගකිව යුතු බවට Tallawahs හි සහකාර පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු ඉන්දීය කොදෙව් කණ්ඩායමේ රම්නරේෂ් සර්වාන්ට ද ඔහු චෝදනා කළේය.

සර්වාන් සර්පයෙකු සහ ඉතා රැවටිලිකාර සහ ඉතා අශිෂ්ට පුද්ගලයෙකු ලෙස හැඳින්වූ ගේල් සර්වාන්ට පැවසුවේ ඔහු සමඟ තවදුරටත් මිතුරන් නොමැති බවයි.

කෙසේ වෙතත් ඉන් අනතුරුව ප්‍රකාශයක් සිදු කරමින් රම්නරේශ් සර්වාන් ගේල්ගේ චෝදනා අසත්‍ය සහ අපකීර්තිමත් ලෙස හඳුන්වා තිබුණි. Tallawahs විසින් ගේල් නිදහස් කිරීම සම්බන්ධයෙන් තමාට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඔහු පවසා තිබුණි.

කොදෙව් ක්‍රිකට් සභාපති රිකී ස්කර්රිට් සමස්ත මතභේදයම ප්‍රසිද්ධියේ ක්‍රීඩා කරනු ලබන පුද්ගලයන් අතර අන්තර් පුද්ගල සටන් ලෙස සලකන බව පැවසීය.  

“එය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ දෙයක් වෙන්න බෑ. එය නිසැකවම මම කියවීමට ප්‍රිය කළ දෙයක් නොවේ” ස්කර්රිට් පසුගිය සතියේ ට්‍රිනිඩෑඩ් පදනම් කර ගත් ගුවන් විදුලි මධ්‍යස්ථානයක් වන i955fm වෙත පැවසීය.

කෙසේ වෙතත් ස්කර්රිට් පැවසුවේ කොන්ත්‍රාත්තුවක් ඇති නිසා පමණක් ක්‍රීඩකයෙකුට ලීගය අපකීර්තියට පත් කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් ගේල් CPL වෙත පිළිතුරු දිය යුතු බවත්ය. ගේල් එම තරගාවලිය සඳහා සහභාගි නොවන විශ්‍රාමික ක්‍රීඩකයෙකු නම්, පිටස්තරයෙකු ලෙස විවේචන ඉදිරිපත් කිරීම ගැටලුවක් නොවන බවත් ඔහු කියා සිටියා. 

ICCයේ තවත් ඉසව් දෙකකට කොරෝනා හරස් වෙයි

නව කොරෝනා හෙවත් COVID-19 වෛරසය මෙරට මෙන්ම මුළු මහත් ලෝකය පුරාම ……..

“කෙසේ වෙතත්, ක්‍රීඩකයෙකු ක්‍රීඩා සමාජයකට හෝ ක්‍රිකට් කණ්ඩායමකට හෝ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට ගිවිසුම් ගත කරන්නේ නම් ඔවුන් අත්සන් කළ කොන්ත්‍රාත්තුව නිසා එම ආකාරයේ හැසිරීම එම කොන්ත්‍රාත්තුව යම් තරමක අපකීර්තියකට ගෙන එනවා. එබැවින් මම මෙය අපේක්ෂා කරනවා වඩාත්ම මෑත සිදු වූ මේ කාරණය අවසන් නෑ කියලා.”

“නමුත් මගේ අදහස නම් මම සිතන්නේ ක්‍රිස්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදු වේවි. ක්‍රිස් සහ CPL පාලනාධිකාරිය අතර මේ මොහොතේ යම් ආකාරයක සාකච්ඡාවක් සිදු වන බව මට විශ්වාසයි. මන්ද ක්‍රිස් කණ්ඩායමකට අත්සන් කර ඇති නිසා.”

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ස්වාධීන ලීගයක් වුවද, ගේල්ගේ සිදුවීම සමඟ එම ලීගය කටයුතු කළ ආකාරය පිළිබඳව කොදෙව් ක්‍රිකට් ආයතනය තම අවධානය යොමුකර ඇති බව ද, තමන්ට එය නැරඹීමේ උනන්දුවක් ඇති බව ද ස්කර්රිට් පෙන්වා දුන්නේය.

“ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ගිවිසුමක් ඇති කරගෙන සිටිය‍ා නම් සහ එය යම් තාක් දුරකට CPL වෙත බලපෑම් කළා නම් අපිට පියවරක් ගන්න තිබ්බා. නමුත් අපි බලා සිටිනවා සිදු වන්නේ කුමක් දැයි කියලා.”

“මම ක්‍රිස්ට සමාව දෙන්නේ නැහැ. ක්‍රිස්ව විනිශ්චය කරන්නේ නැහැ. ක්‍රිස්ට පැහැදිලිවම ඔහුගේ මනසෙහි කරදර ගණනාවක් ඇති. ඔහු ඒවා සමඟ ප්‍රසිද්ධියට යාමට තීරණය කළා. පුද්ගලිකව මම සිතන්නේ එය අවාසනාවක් කියලා. නමුත් මේ සම්බන්ධ ක්‍රියාවලිය එහි ගමන් මගට යා යුතු අතර එම ක්‍රියාවලිය නිවැරදිව සිදු විය යුතුයි. ඔහු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක් වගේම තුළ CPL හි ගිවිසුම්ගත ක්‍රීඩකයෙකු වන නිසා ඔහුට එයින් ගැලවීමක් නෑ.” 

ගේල්ගේ මෙම කෝපයට ප්‍රධානතම හේතුව වූයේ ඔහු සිය මව් රට වන ජැමෙයිකාවේ සිය වෘත්තීය ජීවිතය අවසන් කිරීමේ අදහසින් වසර තුනක කොන්ත්‍රාත්තුවක් මත 2019 දී නැවත Tallawahs කණ්ඩායමට එක්ව තිබීමයි. 

මතභේදාත්මක සටහනක් නිසා ගේල්ගේ වෘත්තීය ජීවිතය හදිසියේම අවසන් නොවනු ඇතැයි ස්කර්රිට් බලාපොරොත්තු වන බවද පැවසීය.

“ගේල් මහතාගේ වෘත්තීය ජීවිතය සම්බන්ධයෙන් එය ලෝක කාරණයක් බවට පත් නොවනු ඇතැයි මම විශ්වාස කරනවා. මන්ද එය ඉතා කැපී පෙනෙන වෘත්තියක් වන අතර මෙම සිදුවීම මගින් එය අවසානයකට පැමිණෙනු දැකීමට මා කැමති නැහැ.”

ලෝක ක්‍රිකට් අනාගතයට සල්ලි ගැටලුවක් වෙයි?

ලොව පුරා තවදුරටත් පැතිරෙමින් පවතින Covid-19 වසංගත තත්වය නිසාවෙන් මේ වන….

1990 දශකයේ දී ගේල් සහ සර්වාන් සිය වෘත්තිය ආරම්භ කරමින් සිටිය දී, ස්කර්රිට් ඔවුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් කළමනාකරු ලෙස ඔවුන් සමඟින් සමීපව කටයුතු කර ඇත. 

“ඉතා මෑතක දී සිදු වී ඇති දෙය පැහැදිලිවම මා වසර ගණනාවක් තිස්සේ දන්නා ක්‍රිස් ගේල් පිළිබිඹු නොකරන දෙයක්. ක්‍රිස් ගේල්, මාලන් සැමුවෙල්ස්, වේවෙල් හින්ඩ්ස්, රොනී සර්වාන් වැනි අය ඔවුන්ගේ වෘත්තීන් ආරම්භ කරන විට මම ඔවුන් ඇසුරු කරන්න තරම් වාසනාවන්ත වුනා. මේ අය ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ඇල්මක් දක්වන අයයි. මෙරූන් වර්ණ පැළඳීමට ඔවුන් සැබවින්ම ප්‍රිය කළා.”

“මම මනෝ විද්‍යාඥයෙක් හෝ ඉතිහාසඥයෙක් නෙමෙයි. මට ඔබට පැවසිය හැක්කේ ඉතා හොඳින් ක්‍රීඩා කළ එවැනි විශිෂ්ට කණ්ඩායම් සගයන් වූ ක්‍රීඩකයින්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආඩම්බරයක් වූ එවැනි ක්‍රීඩකයන් මෙවැනි සිදුවීම්වලට සම්බන්ධ වීම කණගාටුදායක කරුණක් බවයි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<