DRL තෙවැනි සතිය: යුද හමුදාව මහනුවර වටලයි ද?

85

2019 ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීගයේ තෙවැනි සතියේ තරග, එළඹෙන සිකුරාදා (13) සිට ඉරිදා (15) දක්වා පැවැත්වීමට නියමිතයි. දෙවැනි සතියේ දී CH කණ්ඩායම CR කණ්ඩායමට එරෙහිව ලද පරාජයෙන් අනතුරුව, පසුගිය වසරේ අනුශූරයන් වන හැව්ලොක් ක්‍රීඩකයන් මෙවර CH කණ්ඩායම සමඟ කරට කර සටනක නිතර වීමට සූදානමින් සිටියි.

රීසාගේ පා පහරවලින් CH කුඩු වෙයි!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ……..

නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව පොලිස් ක්‍රීඩා සමාජය

  • දිනය: 2019-12-13.
  • ස්ථානය: වැලිසර ක්‍රීඩා පිටිය
  • වෙලාව: සවස 4.00

නාවික හමුදාව මෙම තරගාවලියේ දී ක්‍රීඩා කළ පළමු තරගයම තම නිජබිමේ දී ම පරාජය වූයේ හැව්ලොක් කණ්ඩායම හමුවේය. ඉන්පසුව පසුගිය සතියේ දී මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව තරග කළ නාවිකයින් ගිය ශූරයින් හමුවේ පරාජය වූයේ ලකුණු දෙකකිනි. එයත් දෙවැනි අර්ධයේ මහනුවර කණ්ඩායමට තමන්ගේ ක්‍රීඩා පිටියේ දී ම එක ලකුණක් හෝ වාර්තා කිරීමට අවස්ථාවක් ලබා නොදෙමින්.

සිය ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කිරීමේ වාසියත් සමඟින් ක්‍රීඩා කිරීමට සැරසෙන නාවිකයින් එළඹෙන සතියේ දී ක්‍රීඩා කිරීමට සූදානම් වන්නේ පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිවයි.

පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන ෆීජි ජාතික ඉමොසි වුනිවෝසාට තම දස්කම් දැක්වීමට මෙම තරගය කදිම අවස්ථාවක් වනු ඇත. එසේම ඔහුට හරි හරියට දස්කම් දක්වන්නට නාවික හමුදාව සතුව ද සැඟවුණු තුරුම්පුවක් ඇත. ඒ ෆීජී ජාතික සෙරූ කවුයිලටී ය. පසුගිය සතියේ තරගයේ ඔහුට කැපී පෙනෙන දස්කම් පෑමට හැකි විය.

ඉමොසි වටා ගෙතුණු පොලිස් ක්‍රීඩා සමාජයේ තරග රටාවට එළඹෙන සති අන්තයේ අභියෝගයක් එල්ල කරමින් තරගාවලියේ ප්‍රථම ජය වාර්තා කරන්නට නාවිකයින්ට හැකි වෙයි ද?

නැත්නම් පසුගිය සතියේ හැව්ලොක් කණ්ඩායම සුනුවිසුනු කළ පොලිස් කණ්ඩායමට මේ සතියේ තම දෙවැනි ජයග්‍රහණය වාර්තා කරමින් නාවිකයින් ඔවුන්ගේ නිජ බිමේ දී ම පරාජය කරන්නට හැකි වෙයි ද?

CH&FC කණ්ඩායමට එරෙහිව හැව්ලොක් කණ්ඩායම

  • දිනය: 2019-12-14.
  • ස්ථානය: තුරඟ තරග පිටිය
  • වෙලාව: සවස 4.00

තරගාවලියේ පළමු තරගයම යුද හමුදාවට එරෙහිව ජය පැරදුමකින් තොරව අවසන් කළ CH කණ්ඩායම පසුගිය සතියේ දී ඔවුන්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා මුණගැසුණු අතර එම තරගයෙන් අනපේක්ෂිත පරාජයකට මුහුණ දීමට ඔවුන්ට සිදු විය.

පොලිස් කණ්ඩායමට එරෙහිව පසුගිය සතියේ දී අවාසනාවන්ත ලෙස පරාජය වූ හැව්ලොක් කණ්ඩායම මෙවර ශක්තිමත් මානසික මට්ටමකින් මෙම තරගයට අවතීර්ණ වනු ඇත. අත්දැකීම් අඩු කණ්ඩායමක් වුවත් “තරුණ ශක්තියට කළ නොහැක්කක් නොමැත” යන වචනවල සත්‍යතාවය ඔප්පු කරන්නට හැව්ලොක් කණ්ඩායමට මෙය කදිම අවස්ථාවකි.

19න් පහළ සංචිතය නම් කෙරේ!

චීනයේ දී දෙසැම්බර් මස 11 වැනිදා සිට 14 වැනිදා දක්වා ………

මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව යුද හමුදා ක්‍රීඩා සමාජය

  • දිනය: 2019-12-14.
  • ස්ථානය: නිත්තවෙල
  • වෙලාව: සවස 4.00

පෙර වසරේ ශූරයන් වන මහනුවර කණ්ඩායම මෙවර පළමු තරගයේ දී 26-08ක් ලෙස ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පරාජය කළ අතර පසුගිය සතියේ දී වාසනාවකට මෙන් නාවිකයින් හමුවේ ජය ගත්තේ නාවිකයින්ට කාලය හරස් වූ නිසාය. ලකුණු 16-14ක් වශයෙන් තියුණු ජයක් ලබා ගත් මහනුවර කණ්ඩායම එළඹෙන සතියේ දී යුද හමුදාවට එරෙහිව තරග කරන්නට සූදානමින් සිටියි.

වසර 23කට පසු පසුගිය වසරේ දී මහනුවර ක්‍රීඩා සමාජය නිත්තවෙල දී ම දනින් වැට්ටවූ යුද සෙබළුන්ට මෙවරත් එය කරන්නට හැකි වෙයි ද?

පසුගිය සතියේ දී ගුවන් හමුදාවට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් ක්‍රීඩා කළ යුද හමුදාව පහසු ජයක් අත්කර ගත්තේ ලකුණු 26-08ක් වශයෙනි. යුද හමුදාවේ අශාන් බණ්ඩාර පසුගිය තරගයේ දී සුවිශේෂී දස්කම් දක්වන්නට සමත් විය. ඔහුගේ දස්කම් මේ සතියේ දී යුධ හමුදාවට අත්‍යවශ්‍ය වනු ඇත.

19න් පහළ සංචිතය නම් කෙරේ!

චීනයේ දී දෙසැම්බර් මස 11 වැනිදා සිට 14 වැනිදා දක්වා ……..

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව CR&FC කණ්ඩායම

  • දිනය: 2019-12-15.
  • ස්ථානය: රත්මලාන
  • වෙලාව: සවස 4.00

පෙර තරග දෙකම ජයග්‍රහණය කළත් ඒ සඳහා විශාල පරිශ්‍රමයක් යොදමින් එම තරග ජයග්‍රහණ කිරීමට CR&FC කණ්ඩායමට සිදු විය. අත්දැකීම් බහුල ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් තමන් සතුව සිටියත් තවමත් නිසි රිද්මයක් නොමැතිව ක්‍රීඩා කරන ආකාරයක් CR&FC කණ්ඩායමෙන් පිළිබිඹු වේ. නමුත් මේ සතියේ දී ඔවුන් ක්‍රීඩා කරන්නේ ගුවන් හමුදාවට එරෙහිවයි.

ගුවන් හමුදාවට මෙම තරග වාරයේ මේතාක් දුරට දස්කම් දැක්වීමට ඉඩහසර හිමි වූයේ නැත. කෙසේ නමුත් කිසිම කණ්ඩායමක් අඩුවෙන් තක්සේරු නොකළ යුතුය.

තරගාවලියේ සජීව විකාශය හා සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<