රීසාගේ පීඩනයට යුද හමුදාව යටත් වෙයි!

75

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිව්වැනි සතියේ තවත් තරගයක් යුද හමුදා ක්‍රීඩා සමාජය සහ CR&FC අතර අද (21) CR&FC ක්‍රීඩා පිටියේ දී පැවැත්විය. එහි දී ලකුණු 33–10ක් ලෙස තරගය ජයග්‍රහණය කරන්නට CR&FC සමත් විය.

අපරාජිතව තරගයට පිවිසුණ CR&FC කණ්ඩායම, තරග තුනෙන් එකක් පමණක් ජය ගත් යුද හමුදාව සමඟ තරග වැදීමට සැරසුණේ සිය නිජබිමේ දී ම සාර්ථක ආරම්භයක් ලබා ගනිමිනි.

හැව්ලොක් තුරඟුන් තුරඟ තරග පිටිය දෙවනත් කරයි!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ තවත්…

තරගයේ 12 වැනි විනාඩියේ දී යුද හමුදා ක්‍රීඩකයෙකුගේ අතින් සිදු වූ අත්වැරදීමකට හිමි වූ දඬුවම් පහරකින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට රීසා මුබාරක් සමත් විය. (CR&FC 03 – 00 යුද හමුදාව)

ඊට පිළිතුරු සපයමින් තරගයේ 13 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ මනෝජ් බණ්ඩාර යුද හමුදාව වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ඉසුරු මැදගෙදර සමත් විය. (CR&FC 03 – 07 යුද හමුදාව)

නැවතත් තරගයේ 18 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ රීසා මුබාරක් CR&FC කණ්ඩායමට තවත් ලකුණු තුනක් එකතු කරන්නට සමත් වුනේ යුද හමුදාවේ අත්වැරදීමකට හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමිනි. (CR&FC 06 – 07 යුද හමුදාව)

32 වැනි විනාඩියේ දී යුද හමුදා ක්‍රීඩකයෙකු “Off Side” කලාපයෙන් ඉදිරිපිට ක්‍රීඩා කිරීම හේතුවෙන් CR&FCට තවත් දඬුවම් පහරක් හිමි වූ අතර රීසා විසින් එවරද පන්දුව සාර්ථකව ගෝල කනු අතරින් පා කරන්නට සමත් විය. (CR&FC 09 – 07 යුද හමුදාව)

මධුවන්තගේ අවසන් මොහොතේ ප්‍රවර්තනය නාවිකයින්ට තවත් පරාජයක්

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් වැදගත් තරගයක්…

37 වැනි විනාඩියේ දී ඉසුරු මැදගෙදර CR&FC හිමි වූ තවත් දඬුවම් පහරක් සාර්ථක කරගන්නට සමත් විය. (CR&FC 09 – 10 යුද හමුදාව)

නැවත තරගයේ 40 වැනි විනාඩියේ දී CR&FCට දඬුවම් පහරක් හිමි වූ අතර රීසාට එවරත් සාර්ථකව ලකුණු එකතු කරන්නට හැකි විය. (CR&FC 12 – 10 යුද හමුදාව)

ප්‍රථම අර්ධය: CR&FC 12 – 10 යුද හමුදා ක්‍රීඩා සමාජය

වඩාත් තීරණාත්මක දෙවැනි අර්ධය ආරම්භ වූ මොහොත පටන් තරගකාරීව කණ්ඩායම් දෙකම ලකුණු සොයා ඇදෙන්නට වූ අතර 45 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ CR&FC ක්‍රීඩක ජනිඳු දිල්ශාන් හුදකලා ධාවනයක නිරත වෙමින් පහසු උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් විය. රීසා අමතර ලකුණු එකතු කළේ ජනිඳුගේ උත්සාහයට තවත් වටිනාකමක් එකතු කරමිනි. (CR&FC 19 – 10 යුද හමුදාව)

48 වැනි විනාඩියේ දී යුද හමුදාවේ තුසිත සේනානායකට විනිසුරු කහ කාඩ්පතක් නිකුත් කළේ අනාරක්ෂිතව ක්‍රීඩා කිරීම හේතුවෙනි.

50 වැනි විනාඩියේ දී “Maul” අවස්ථාවකින් ප්‍රයෝජන ගත්‍ සුපුන් වර්ණකුලසූරිය තවත් උත්සාහක දිනුමක් වාර්තා කරන විට එහි ප්‍රවර්තනය ද සාර්ථක කරගැනීමට රීසාට හැකි විය. (CR&FC 26 – 10 යුද හමුදාව)

DRL සිව්වැනි සතිය: CH – නාවික ගැටුමෙන් ජය කාට ද?

ඩයලොග් රග්බි ලීගයේ සිව්වැනි සතියේ තරග හෙට (19) සිට සෙනසුරාදා (21) දක්වා පැවැත්වීමට නියමිතයි…

53 වැනි විනාඩියේ දී CR නායක ඔමල්ක ගුණරත්නට විනිසුරු කහ කාඩ්පතක් නිකුත් කළේ අනාරක්ෂිත ලෙස ක්‍රීඩාවේ නිරත වීම හේතුවෙනි.

කණ්ඩායමේ නායකයා නොමැති අඩුව දැනෙන්ට නොදි 65 වැනි විනාඩියේ දී රීසා රෆයිඩීන් වේගවත් ධාවනයක දෙමින් පහසු උත්සාහක දිනුමක් වාර්තා කළ අතර රීසා මුබාරක්ට එහි ප්‍රවර්තනයත් මග හැරුණේ නැත. (CR&FC 33 – 10 යුද හමුදාව)

අවසන් ලකුණු තත්වය: CR&FC 33 – 10 යුද හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – රීසා මුබාරක් (CR&FC)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • CR&FC – ජනිදු දිල්ශාන් (1T), සුපුන් වර්ණකුලසූරිය (1T), රීසා රෆයිඩීන් (1T), රීසා මුබාරක් (4P, 3C)
  • යුද හමුදාව – මනෝජ් බණ්ඩාර (1T), ඉසුරු මැදගෙදර (1P, 1C)

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<