ලෝක කුසලාන බලාපොරොත්තු සමඟින් ස්කොට්ලන්ත සංචිතය නිකුත් කෙරේ

127

2020 දී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත ලෝක විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග, එළඹෙන ඔක්තෝබර් මස ඩුබායි හිදී ආරම්භ වීමට නියමිතයි. එම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා සහභාගි වන ස්කොට්ලන්ත කණ්ඩායම පසුගිය දා නිවේදනය කර තිබුණි.

ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් මෙම ස්කොට්ලන්ත සංචිතයේ ක්‍රීඩකයන් 14 දෙනෙකු එළඹෙන සැප්තැම්බර් 15 සිට 20 දක්වා, පෙර පුහුණු තරගාවලියක් ලෙස පැවැත්වෙන අයර්ලන්ත හා නෙදර්ලන්ත තුන්කොන් තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිතය.

ප්‍රබලයින් රැසක් නොයන පාකිස්තානයට යන නිල ශ්‍රී ලංකා සංචිත

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි විස්ස තරග තුන සඳහා සහභාගී වන ශ්‍රී ලංකා එක්දින…

ඔක්තෝබර් මස සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සහභාගි වන සංචිතයේ එක් ක්‍රීඩකයෙකු වන වේගපන්දු ‍යවන ක්‍රීඩක ජෝශ් ඩාවි මෙම නෙදර්ලන්ත හා අයර්ලන්ත තරගාවලිය සඳහා සහභාගි නොවේ. ඒ එංගලන්ත පළමු පෙළ තරගාවලියේ සොමර්සෙට් කණ්ඩායම නියෝජනය කරමින් එම තරගාවලියේ ශූරතාව සඳහා තරග වදින නිසාවෙනි.

ස්කොට්ලන්ත සංචිතය යම් පුදුම කිරීම් කීපයකින් සමන්විත වන අතර 2018 වසරේ පැවති ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා සහභාගි වූ ස්කොට්ලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් සංචිතයට ඇතුලත්ව සිටී.

එක්දින තරග 5කට පමණක් ක්‍රීඩා කර ඇති වමත් පිතිකරුවෙකු වන ඔලී හෙයාර්ස් සංචිතයට කැඳවා ඇත. ඔහු අවසන් වරට එක්දින තරගයක් සඳහා ක්‍රීඩා කර ඇත්තේ 2010 වසරේ දී ය.

ස්කොට්ලන්ත ප්‍රධාන පුහුණුකරු වන ශේන් බර්ගර් මහතා මෙම සංචිතය පිළිබඳව අදහස් දක්වා ඇත්තේ මෙසේයි.

ඔලී හෙයාර්ස් 2010 දී (ඡායාරූපය – espnCricInfo)

“මේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සහභාගි වන 15 දෙනෙකුගෙන් යුත් ස්කොට්ලන්ත සංචිතය ශක්තිමත් වගේම දක්ෂතාවලින් පරිපූර්ණ කණ්ඩායමක්. ඔවුන් මේ තරගාවලියේ දී වෙනසක් කරන බවට සැකයක් නෑ.”

ත්‍රස්ත ප්‍රහාරයකට අනතුරු ඇඟවීමක්!

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයට පෙර කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් නැවත සොයා බැලීමක් සිදු කරන…

“මේ සංචිතය තෝරාගැනීම සඳහා අපි අනුගමනය කළ ක්‍රියා පිළිවෙත දීර්ඝ කාලීන සැලැස්මකින් සිදු කළ එකක්. අපි විශ්වාස කරනවා මේ සංචිතය ස්කොට්ලන්තයට ගෞරවයක් ගෙන ඒවි. සංචිතයට ඇතුළත් නොවුණු ක්‍රීඩකයන් වුනත් දක්ෂතා සහිත ක්‍රීඩකයන්. මම හිතනවා අපි හොඳම ශක්තිමත්ම කණ්ඩායම තෝරාගෙන තියනවා කියලා. ක්‍රීඩා කළ හැකි 11 දෙනෙකු නෙමෙයි අපි තෝරාගත්තේ. තරග වගේම තරගාවලි ජයග්‍රහණය කරන්න පුළුවන් කණ්ඩායමක්.”

“එළඹෙන තරගාවලි ස්කොට්ලන්ත ක්‍රිකට් වඩාත් ඉහළට ගෙන යාවි. එළඹෙන මාස කීපය තීරණාත්මක කාලයක් වේවි.”


ස්කොට්ලන්ත – නෙදර්ලන්ත – අයර්ලන්ත තුන්කොන් විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගි වන ස්කොට්ලන්ත සංචිතය

ස්කොට්ලන්ත පුහුණුකරු ශේන් බර්ගර් ඩේවි

 

කයිල් කොයෙට්සර් (නායක), රිචී බෙරින්ග්ටන්, මැතිව් ක්‍රොස්, ඇලෙස්ඩෙයාර් එවාන්ස්, ඔලිවර් හෙයාර්ස්, මිචෙල් ලීස්ක්, කැලම් මැක්ලෙයොඩ්, ජෝර්ජ් මුන්සේ, ඒඩ්‍රියන් නීල්, සෆායන් සරීෆ්, ටොම් සෝල්, හම්සා තාහීර්, ක්‍රේග් වොලස්, මාර්ක් වොට්

2020 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා සහභාගි වන ස්කොට්ලන්ත සංචිතය

කයිල් කොයෙට්සර් (නායක), රිචී බෙරින්ග්ටන්, මැතිව් ක්‍රොස්, ඇලෙස්ඩෙයාර් එවාන්ස්, ඔලිවර් හෙයාර්ස්, මිචෙල් ලීස්ක්, කැලම් මැක්ලෙයොඩ්, ජෝර්ජ් මුන්සේ, ඒඩ්‍රියන් නීල්, සෆායන් සරීෆ්, ටොම් සෝල්, හම්සා තාහීර්, ක්‍රේග් වොලස්, මාර්ක් වොට්, ජෝශ්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<