තරින්ද රත්වත්තේගේ ප්‍රහාරය නාවික ආධිපත්‍යය බිඳ දමයි

1006

2017/18 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ, CR & FC කණ්ඩායම හා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය ලොන්ග්ඩන් පෙදෙසේ දී අද (11) අවසන් වූයේ, ලකුණු 38-23ක් ලෙස CR & FCකණ්ඩායමට ජය හිමි කර ගනිමිනි.

හැව්ලොක් ප්‍රහාරය හමුවේ ගුවන් ක්‍රීඩකයෝ දණ නමයි

2017/18 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් තියුණු හා උණුසුම් තරගයක් අද (10) හැව්ලොක් ක්‍රීඩා සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය…

පසුගිය සතියේ CR & FC කණ්ඩායම හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර පැවති තරගයෙන් ලකුණු 21-09ක් ලෙස ජයග්‍රහණය කිරීමට CR & FC කණ්ඩායම සමත් වූ අතර, නාවික හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 20-14ක් ලෙස යුද හමුදා ක්‍රීඩා සමාජය පරාජය කරන ලදි. ඒ අනුව කණ්ඩායම් දෙකම මෙම තරගයට අවතීර්ණ වූයේ ජයග්‍රාහී මානසිකත්වයක් ඇතිවයි.

නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් මුශින් ෆලීල් තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුලම පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර තිලිණ වීරසිංහ එහි සම්පූර්ණ වාසිය ලබා ගනිමින් ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නා ලදි (CR & FC 00-07 නාවික).

ඉන් මිනිත්තු කිහිපයකට පසුව සත්කාරක CR & FC කණ්ඩායමේ තරින්ද රත්වත්තේ උත්සාහක දිනුමක් හා එහි ප්‍රවර්තනය සාර්ථක කරගෙන තරගය සම මට්ටමට ගෙන එන ලදි (CR & FC 07-07නාවික).

තරගයේ 20 වන මිනිත්තුවේ දී නාවික හමුදා ක්‍රීඩා සමාජයට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට තිළිණ වීරසිංහ සමත් විය (CR & FC 7-10 නාවික).

තියුණු සටනකින් පසු අගනුවර බලය යුද හමුදාව යටතට

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන සතිය ආරම්භ කරමින් යුධ හමුදා ක්‍රීඩා සමාජයත්, CH & FC කණ්ඩායමත් අද (10) තුරඟ තරග පිටියට…

නැවතත් තරගයේ 23 වන මිනිත්තුවේ දී ඔවුන්ට ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගැනීමට තිළිණ වීරසිංහ සමත් විය (CR & FC 07-13 නාවික).

28 වන මිනිත්තුවේ දී CR & FC කණ්ඩායමෙන් වූ තවත් අතපසු වීමක් නිසා නාවික හමුදාවට දඬුවම් පහරක් ලැබුණු අතර එය ද සාර්ථක කර ගැනීමට තිලිණ වීරසිංහට හැකි විය (CR & FC 07-16 නාවික).

නැවතත් ක්‍රියාත්මක වූ තිලිණ වීරසිංහ, සුපුන් ඩිල්ශාන්ගෙන් ලැබුණු පන්දුව ධවල රේඛාවෙන් ඔබ්බට රැගෙන යමින් සිය කණ්ඩායමේ දෙවන උත්සාහක දිනුම වාර්තා කරන ලදි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තිලිණ වීරසිංහ සමත් වූයේ තවදුරටත් තරගයේ වාසිය සිය කණ්ඩායම යටතට ගනිමිනි. (CR & FC 07-23 නාවික)

පළමු අර්ධය: CR & FC කණ්ඩායම 07 (1T 1C) – 23 (2T 2C 3P) නාවික හමුදා ක්‍රීඩා සමාජය

තරගයේ 44 වන මිනිත්තුවේ දී නාවික හමුදාවට පහසුවෙන්ම ලබා ගැනීමට තිබූ උත්සාහක දිනුමක් ලබා ගැනීමට තරමක් පමා වූ නිසා CR & FC කණ්ඩායම විසින් එය සාර්ථකව වළක්වාලන ලදි.

සුපුන් වර්ණකුලසූරිය තරගයේ 50 වන මිනිත්තුවේ දී සිය කණ්ඩායම් සඟයින්ගේ උපරිම සහයෝගය ලබාගෙන අලංකාරවත් උත්සාහක දිනුමක් ලබා ගත්තේ ප්‍රේක්ෂකාගාරයේ ඔල්වරසන් හඬ මැදිනි. එහි ප්‍රවර්තනයට සාධාරණය කරන්නට තරින්ද රත්වත්තේට හැකි විය (CR & FC 14-23 නාවික).

58 වැනි මිනිත්තුවේ දී නාවික හමුදා බාධා නොතකමින් ඉදිරියට ඇදී ගිය CR & FC කණ්ඩායමේ ශසාන් මොහොමඩ් අගනා උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමින් නාවික හමුදාව දෙසට යම් පීඩනයක් එල්ල කරන ලදි. එයට ලැබුණු දිගු දුර ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තරින්ද රත්වත්තේට හැකි විය (CR & FC 21-23 නාවික).

තරගයේ 68 වන මිනිත්තුවේ දී නාවික හමුදා කණ්ඩායමෙන් වූ වරදකට ප්‍රතිවාදී CR & FC කණ්ඩායමට දඬුවම් පහුරක් ලැබුණු අතර එය දක්ෂ ලෙස සාර්ථක කර ගැනීමට තරින්ද රත්වත්තේ සමත් වූයේ නාවික හමුදා පිලේ ලකුණු පුවරුව අභිබවා යමිනි (CR & FC 24-23 නාවික).

රත්වත්තේ විසින් CR & FC කණ්ඩායමට ලබා දුන් තරගයේ වාසිය තවදුරටත් ඔවුන් සන්තකයේ තබා ගැනීමට CR & FC කණ්ඩායම උත්සාහ කළ නිසා තරගය ක්‍රම ක්‍රමයෙන් උණුසුම් විය. ඒ මොහොතේ නැවතත් ක්‍රියාත්මක වූ රත්වත්තේ තරගයේ 76 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් හා එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් තවදුරටත් CR & FC කණ්ඩායම ලකුණු පුවරුවේ පෙරමුණේ තබන ලදි (CR & FC 31-23 නාවික).

ක්‍රීඩක විනය සම්බන්ධයෙන් රග්බි බලධාරීන් තදින්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පසුගිය සති අන්තයේ තරගවල දී වාර්තා වූ නුසුදුසු සිදුවීම් කිහිපයක් සඳහා විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා රග්බි සංගමය තීරණය කර තිබේ.

තරගයේ 80 වන මිනිත්තුවේ දී ශසාන් මොහොමඩ්, නාවිකයින් අන්දමන්ද කරමින් පිටියේ එක් කෙළවරක සිට දිවගොස් උත්සාහක දිනුමක් සාර්ථක කර ගත් අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට තරින්ද රත්වත්තේ සමත් වූයේ තරගාවලිය තුල ඔවුන්ගේ දෙවන ජයග්‍රහණයත් වාර්තා කරමිනි (CR & FC 38-23 නාවික).

අවසන් ලකුණු තත්වය: CR & FC කණ්ඩායම 38 (5T 5C 1P) – 23 (2T 2C 3P) නාවික හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – තරින්ද රත්වත්තේ (CR & FC)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • CR & FC (38): තරින්ද රත්වත්තේ 2T, 5C, 1P, සුපුන් වර්ණකුලසූරිය 1T, ශසාන් මොහොමඩ් 2T,
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය (23) : මුශින් ෆලීල් 1T, තිලිණ වීරසිංහ 1T, 2C, 3P.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට