යොවුන් රග්බි කණ්ඩායමේ නියමුවාට දඬුවමක්

267

වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලියට සහභාගි වෙමින් ශ්‍රී ලංකා යොවුන් රග්බි කණ්ඩායම මෙහෙයවීමේ කාර්‍යභරය ඉටු කළ ගැමුණු චේතිය තරගාවලිය අතරතුර දී  විනය විරෝධී ලෙස හැසිරීමේ චෝදනාවකට වරදකරු බවට ඔප්පු වීම නිසාවෙන් 2019 ජනවාරි මස 8 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර දෙකක දඬුවම් කාලයකට යටත්ව සහභාගී වන සියලුම තරග ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රීඩා කිරීමට ඔහුට සිදුවනු ඇත.

පාසල් රග්බි ලීගයේ කාලසටහන නිකුත් වෙයි

ශ්‍රී ලංකා රග්බි පිටියේ ප්‍රමුඛ ස්ථානයක් ගෙන තිබෙන “පාසල් රග්බි ලීගය”…..

පසුගිය වසර අවසානයේ පැවති එම තරගාවලිය අතරතුර දී ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගත් හෝටලයේ කාර්යය මණ්ඩල සාමාජිකාවකගේ අතින් ඇල්ලීම ගැමුණු චේතිය හට එල්ල වූ චෝදනාව වන අතර එරට නීති රීතී සහ සම්ප්‍රදායන්ට අනුව එය බරපතළ වරදක් බැවින් තායිවාන රග්බි සම්මේලනය විසින් සිදු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ආසියානු රග්බි සම්මේලනය මෙම සිදුවීම පිළිබඳව ලිඛිතව ශ්‍රී ලංකා රග්බි සම්මේලනය දැනුම් දීමට පියවර ගන්නා ලදි.

පසුගිය දා ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ සභාපති සහ විනය කමිටු ප්‍රධානි රංජිත් චන්ද්‍රසේකර මහතාගේ මෙහෙය වීමෙන් පැවති විනය පරීක්ෂණයකින් අනතුරුව චේතිය වරදකරු බවට සනාථ වීම නිසා ඔහුට එරෙහිව පාසල් රග්බි සංගමය වශයෙන් ගත හැකි නිර්දේශ හතරක් ඉදිරිපත් කළ අතර තවදුරටත් ඔහු පාසල් රග්බි ක්‍රීඩකයෙකු නොවන බැවින් ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමර්ග පිළිබඳ තීන්දු කිරීම සඳහා මෙම ගැටලුව ශ්‍රී ලංකා රග්බි සම්මේලනය වෙත භාර කරන ලදි.

ඒ අනුව අද දින වසර දෙකක දඬුවම් කාලයක් පනවමින් ගත් තීන්දුව පිළිබඳ ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති ලසිත ගුණරත්න මහතා මෙසේ සිය අදහස් දැක්වූයේ මෙසේයි.

“අපි ඔහුට ලබා දීලා තියෙන්නේ වසර දෙකක දඬුවම් කාලයක්. ඒ කාලය ඇතුළත චේතිය ක්‍රීඩා කරන සියලුම තරග අපේ විනය කමිටුවේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්විය යුතුයි. මේකෙන් කියවෙන්නේ නැහැ ඔහුට කිසිදු තරග තහනමක් පැනවීම ගැන. ඒක නිසා ඉදිරියට රග්බි ක්‍රීඩාවේ නියැලීම ගැන ඔහුට ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ.”

“කෙසේ වෙතත්, ඔහුගේ මානසික තත්වය පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව අපි සම්මේලනය වශයෙන් තීරණය කරා ඔහුට වසරක කාලයක් අඛණ්ඩව උපදේශන සේවා සැසිවාරයන් සඳහා සහභාගී වීම අනිවාර්යය කිරීමට.”

“ඔහු අවුරුදු 19න් පහළ ශූරතාවලියෙන් පසුව තාමත් කිසිදු ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වෙලා නැහැ. ඉතින් ඔහුගේ උපදේශන සැසි මෙහෙයවීමේ කටයුතු ලෝක රග්බි විනිශ්චයකාර අරුණ ජයසේකර මහතාට භාර කරන්න අපි තීන්දු කළා.”

නික්ම ගිය සොයුරාට සියලු සොයුරන්ගේ ගෞරවය

රග්බි ක්‍රීඩාවට ඇලුම් කරන දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක හදවත් කම්පා….

තවමත් 20 වැනි වියෙහි පසුවන චේතිය 2018 පාසල් රග්බි වාරයේ දී සාන්ත ජෝසප් කණ්ඩායම නියෝජනය කරමින් තරග වාරය පුරා කැපී පෙනෙන ක්‍රීඩා රටාවක නිරත වූ අතර එහි දී ඔහු පෙන්වූ විශිෂ්ට දස්කම් නිසාවෙන් පසුගිය වසර අවසානයේ දී පැවති වයස අවු.19න් පහළ ආසියානු රග්බි ශූරතාවලිය සඳහා තායිවානය බලා පිටව ගිය යොවුන් රග්බි කණ්ඩායම මෙහෙයවීමේ භාග්‍ය හිමි විය. ඉන් පෙර ශ්‍රී ලංකා වයස අවු.18න් පහළ සත් සාමාජික කණ්ඩායමට ද නායකත්වය ලබා දෙමින් 2017 වර්ෂයේ දී බහාමාස් හි පැවති යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය නියෝජනය කිරීමට ද ඔහු වරම් ලැබුවේය.

දැනට ශ්‍රී ලංකා වයස අවු.20න් පහළ සත් සාමාජික රග්බි කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසින් කටයුතු කරන චේතිය පසුගිය වසරේ ජාතික සත් සාමාජික කණ්ඩායම සමඟින් ද පුහුණු සැසිවාරයන් කිහිපයක් සඳහාම සහභාගී විය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<