තියුණු සටනකින් පසු අගනුවර බලය යුද හමුදාව යටතට

786

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන සතිය ආරම්භ කරමින් යුධ හමුදා ක්‍රීඩා සමාජයත්, CH & FC කණ්ඩායමත් අද (10) තුරඟ තරග පිටියට පිවිසි අතර තියුණු සටනකින් පසුව ලකුණු 20-15ක් ලෙසින් ජයග්‍රහණය වාර්තා කරන්නට යුද හමුදා ක්‍රීඩකයින් සමත් විය.

ක්‍රීඩක විනය සම්බන්ධයෙන් රග්බි බලධාරීන් තදින්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පසුගිය සති අන්තයේ තරගවල දී…

පැහැදිලි ආලෝක තත්වයක් යටතේ CH දෙසින් යුද හමුදාව දෙසට එල්ල කළ පා පහරත් සමඟින් තරගය ආරම්භ විය.

තරගයේ 10 වන මිනිත්තුව ආසන්නවත්ම ගයාන් සාලින්ද හට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් යුද හමුදාව ලකුණු වාර්තා කිරීමට ආරම්භ කළේය (03-00). ඉන්  මිනිත්තු කිහිපයක් ගතවෙත්ම CH & FC ද සටනට අවතීර්ණ වූයේ ඉරංග  ලබා ගත් අනර්ඝ උත්සාහක දිනුමත් සමඟයි (03-05).

ඉන්පසු දිගින් දිගටම තරගය දෙපසට දෝලනය වන්නට විය. නැවතත් ක්‍රියාත්මක වූ යුද හමුදා ක්‍රීඩක ෂෙහාන් සිල්වා උත්සාහක දිනුමක් වාර්තා කරන ලදි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ගයාන් සාලින්දට හැකි විය (10- 05).

යුද හමුදාව එකා පිට එකා නැගෙමින් අඩියෙන් අඩියට සිය ආරක්ෂක වළල්ල තර කර ගන්නා බවක් පෙනුණ ද, CH කණ්ඩායම වෙනුවෙන් තම කාර්ය මැනවින් ඉටු කරමින් තවත් උත්සාහක දිනුමක් සාර්ථක කර ගැනීමට හෂාන් සමත් විය. එහි ප්‍රවර්තනය සැමුවෙල් මදුවන්ත විසින් සාර්ථක කර ගන්නා ලදි (10 –12).

තරගයේ පළමු අර්ධයට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී තවත් දඬුවම් පහරක් සැමුවෙල් මදුවන්ත විසින් සාර්ථක කර ගත්තේ පැහැදිලි ඉදිරියක් CH & FC පිලට හිමි කර දෙමිනි. පළමු අර්ධය අවසන් වන විට එක් කහ කාඩ්පතක් යුද හමුදාවට ලැබී තිබුණු අතර එය පසුගිය සතියට සාපේක්ෂව තරමක යහපත් තත්වයකි.

පළමු අර්ධය: යුද හමුදා ක්‍රීඩා සමාජය 10 – 15 CH & FC

විවේකයෙන් පසු ක්‍රීඩා පිටියට අඳුර ගලාගෙන එමින් තිබූ අතර විනිසුරුගේ නලා හඬින් දෙවැනි අර්ධයට ක්‍රීඩකයින් පිවිසියේ ජයග්‍රහණයේ පිපාසයත් සමඟිනි. මිනිත්තු කිහිපයක් ගත වෙත්ම සුදාරක දික්කුඹුර තවත් උත්සාහක දිනුමක් යුද හමුදාවට දිනා දුන්නේ ගයාන් සාලින්දගේ ප්‍රවර්තනය ද සාර්ථක කරමිනි (17-15).

ඒ සමඟින් තරගයේ ඉදිරිය යුද හමුදාව දෙසට නතු වූ අතර තරගයේ මෙතෙක් පැවති තත්වය උඩුයටිකුරු වී ගියේ යුද හමුදාවට ලැබුණු දඬුවම් පහරක් ගයාන් සාලින්ද අතින් සාර්ථක වීමත් සමඟයි. ඒත් සමඟින් 20-15ක් ලෙස යුද සෙබළුන් පෙරමුණට පැමිණි අතර තරගයේ අවසානයට පෙර ලකුණු පුවරුව වෙනස් කරමින් ජයග්‍රහණයක් ලබා ගැනීමට CH කණ්ඩායමට නොහැකි විය.

අවසන් ලකුණු තත්වය: යුද හමුදා ක්‍රීඩා සමාජය 20 (2T, 2C, 2P) – 15 (2T, 1C, 1P) CH & FC

ThePapare.com තරගයේ වීරයා – අශාන් බණ්ඩාර (යුද හමුදා ක්‍රී. ස.)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • CH & FC – හෂාන් මධුරංග  1T, ඉරංග  ආරියපාල 1T, සැමුවෙල් මදුවන්ත 1C 1P.
  • යුධ හමුදාව – සුදාරක දික්කුඹුර 1T, ෂෙහාන් සිල්වා 1T, ගයාන් සාලින්ද 2 P

 >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<