පළමු අර්ධයේ ප්‍රහාරයෙන් රිනවුන් ජයගනී

437

2018 ඩයලොග් ශුරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තවත් එක් තරගයක් බැද්දගාන පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේ දී රිනවුන් ක්‍රීඩා සමාජය සහ පෙලිකන්ස් ක්‍රීඩා සමාජය අතර පැවැත්වුනා. මෙහි දී ඉබ්‍රහිම් ජිමොහ්ගේ ගෝල ත්‍රිත්වයෙන් බලගැන්වුණු රිනවුන් ක්‍රීඩා සමාජය විසින් ගෝල 4-1 ක් ලෙස තම ප්‍රතිවාදී පෙලිකන්ස් ක්‍රීඩා සමාජය සිය ප්‍රථම තරගයේදීම පරාජය කිරීමට සමත් විය.

‘New Youngs’ සහ ‘Super Sun’ ගැටුමෙන් ශූරයින්ගේ සටන ඇරඹේ

13 වන වරට පැවැත්වෙන ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලිය එළඹෙන ඉරිදා

බැද්දගාන කෘතීම තණතිල්ල මත තරගය ක්‍රියාත්මක වූ අතර රිනවුන් ක්‍රීඩා සමාජය තරගය ආරම්භ කළේ ක්‍රීඩා පිටියේ තත්වයන්ට අනුගත වෙමින් හොඳින් පන්දුව හුමාරු කරමින් ක්‍රීඩා රටාවට මනා ලෙස උචිත වන පරිදිය. තරගයේ හයවන මිනිත්තුවේ දී රිනවුන් කණ්ඩායමට ලකුණු ලබා ගැනීම සඳහා සිය පළමු අවස්ථාව ලැබුණු අතර දිලාන් මදුසංඛ දඬුවම් පහර චතුරශ්‍රයේ දී බිම හෙලීම නිසා ඔවුන්ට දඬුවම් පහරක් හිමිවිය. දිලීප් පීරිස් එම දඬුවම් පහර සාර්ථක කරගත්තේ රිනවුන් කණ්ඩායමට කලින්ම තරගයේ පෙරමුණ ලබාදෙමිනි.

තරගයේ 17 වන මිනිත්තුවේ දී පෙලිකන්ස් කණ්ඩායමට ගෝලයක් ලබා ගැනීමට තිබුණු අනගි අවස්ථාවක් අහිමිව ගියේ එල්. ඩී. කරුණාසිංහ විසින් ගෝලය වෙත එල්ල කර ප්‍රහාරය ගෝල රාමුවෙන් ඉවතට ඇදී ගොසින්ය. ඊට මිනිත්තු කිහිපයකට පසු දිලීප් පීරිස්ගේ පන්දු යොමු කිරීමක් ප්‍රයෝජනයට ගනිමින් ඉබ්‍රහිම් ජිමොහ් දක්ෂ ලෙස එම පන්දුව දැල වෙත යොමු කළේ රිනවුන් කණ්ඩායමේ දෙවන ගෝලය ද වාර්තා කරමිනි.

ප්‍රමුදිතගේ ප්‍රහාරයෙන් මැසනොද් කණ්ඩායමට ජය

ප්‍රමුදිත ගුණසේකරගේ සුපිරි ක්‍රීඩා විලාසයෙන් කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පරාජය කර නිහාල්

නැවත වරක් ගෝලයක් ලබා ගැනීමට ඉතා ආසන්න අවස්තාවක් පෙලිකන්ස් කණ්ඩායමට අහිමිව ගියේ  අතර එමෑනුවෙල් ලාටේ ගේ ප්‍රහාරය රිනවුන් දැල රකින්නා වූ රාසික් රිෂාඩ් දක්ෂ ලෙස අවහිර කරන්නට සමත් වීමත් සමඟය. ඉතා සුළු කාල පරතරයක් තුළ තවත් ගෝල ද්විත්වයක් රැස් කරන්නට ඉබ්‍රහිම් ජිමොහ් සමත් වූ අතර පෙලිකන්ස් කණ්ඩායමට සිදු වූයේ ප්‍රේක්ෂකයින් වී ඉබ්‍රහම් ගේ ප්‍රහාරය නරඹන්නටය.

පළමු අර්ධය – රිනවුන් 4 – 0 පෙලිකන්ස්  

දෙවන අර්ධයේ දී පෙලිකන්ස් කණ්ඩායම සිය අතපසුවීම් නිවැරදි කරගනිමින් රිනවුන් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කළ නමුත් පෙලිකන්ස් ප්‍රහාරක ක්‍රීඩකයින් අවස්ථා කිහිපයක්ම අපතේ යාවන් ලදී.

පෙලිකන්ස් කණ්ඩායමට ගෝල රස කර ගැනීමට අනගි අවස්ථා බොහොමයක් සහ නිදහස් පහර කිහිපයක් හිමි වූ නමුත් ඒවා අසාර්ථක වූ අතර අවසන් මිනිත්තුවේ දී කොබිනේ ගොඩ්ෆ්‍රෙඩ් හුදෙකලා සටනකින් අනතුරුව ලබා ගත් ගෝලයකින් පෙලිකන්ස් කණ්ඩායමට එක් ලකුණක් ලබා ගනිමින් තරගය නිමා කරන්නට හැකි විය. මේ අනුව තරගය විශිෂ්ට ලෙස ජය ගැනීමට රිනවුන් පාපන්දු සමාජය සමත් වුනා.

අවසන් ලකුණු තත්වය –  රිනවුන් 4-1 පෙලිකන්ස්

ThePapare.com තරගයේ වීරයා – ඉබ්‍රහිම් ජිමොහ්

  • ගෝල ලබා ගැනීම  

රිනවුන් ක්‍රීඩා සමාජය – දිලිප් පිරිස් 6’, ඉබ්‍රහිම් ජිමොහ් 21’, 30’, 45’

පෙලිකන්ස් ක්‍රීඩා සමාජය – කොබිනේ ගොඩ්ෆ්‍රෙඩ් 88’

   >> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<