දේශප්‍රියගෙන් හා විමලධර්මගෙන් අර්ධ ශතක

517
Singer U19 schools Cricket

කළුතර භෞතික සංස්කෘතික ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර පසුගිය සතියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය අද (23) ආරම්භ වූයේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් එක් තරගයක් ලෙසයි.  තරගයේ පළමු දිනය තුල මනෝජ් දේශප්‍රිය හා ගෙශාන් විමළධර්මගේ  පිතිකරණ සබඳතාවය දිනයේ අලංකාරවත් බව තව තවත් ඔපනැංවිය.

ජයග්‍රහණය ගුවන් හමුදාවට හා වරාය අධිකාරියට

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට හා වරාය අධිකාරි ක්‍රීඩා සමාජයට පූර්ණ ජයග්‍රහණ හිමිකර දෙමින් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් B කාණ්ඩයේ තවත් තරග 4ක් අද (22) නිමාවට පත්විය. ගුවන් හමුදා ක්‍රීඩා සමාජය තම තුන් ඉරියව් දස්කම් විදහා දක්වමින් ක්‍රීඩා කල තරගයක හා තවත් උණුසුම්කාරී තරග කිහිපයකම…

පානදුර ක්‍රීඩාංගණයේදී අද උදෑසනම කාසියේ වාසිය තමන් සතුකරගත් පානදුර ක්‍රීඩා සමාජය, පළමුව පන්දු රැකීමේ අවස්ථාව උදාකරගත්තද, පළමු දිනයේ සම්පූර්ණ වාසිය හා තරගයේ සම්පූර්ණ පාලනය ලබා ගැනීමට ප්‍රතිවාදී කළුතර භෞතික සංස්කෘතික සමාජයට හැකිවිය. ඔවුන් පළමු දිනය සඳහා තරගය නිමා කරන විට, කඩුලු 8ක් දැවී ලකුණු 362ක් ලබාගෙන ප්‍රබල තැනක පසුවෙයි.

කෙසේ වෙතත් මෙවන් ලකුණු ප්‍රමාණයක් පානදුර පිටියේදී ලබා ගැනීමට අවශ්‍ය බලය මෙන්ම, කඩුලු අතර සබඳතාවය ගොඩනැංවීමට අවශ්‍ය අඩිතාලම සකස් කිරීමට වමතින් පිත්ත හසුරුවන නායක මනෝජ් දේශප්‍රිය හා ආරම්භක පිතිකරු ගෙශාන් විමලධර්ම සමත් විය.

දේශප්‍රිය හා විමලධර්ම මනරම් 4 පහර 11ක් හා 6 පහර 2ක් සමඟ පිළිවෙලින් ලකුණු 89ක් හා 87ක් ලකුණු පුවරුවට එක්කිරීමට සමත් විය. එමෙන්ම මැදපෙළ පිතිකරණය තවදුරටත් සවිබල ගැන්වීමට අවස්ථාව ලබාගත් දකුණත් තුන් ඉරියව් ක්‍රීඩක අමල් පීරිස් වේගවත් පිතිකරණයක නිරත වෙමින්  4 පහර 14ක් සමඟින් ලකුණු 77ක් තම නම ඉදිරියෙන් සටහන් කරගැනීමට සමත් විය.

කළුතර භෞතික සංස්කෘතික ක්‍රීඩා සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 8ක් දැවී ලකුණු 362 (පන්දුවාර 94): මනෝජ් දේශප්‍රිය 89, කාවින්ද විමළධර්ම 87, අමල් පීරිස් 77, දමිදු අශාන් 67, ගයාන් සිරිසෝම 6/130

මෙම තරඟය හෙට (24) දෙවන දිනටත් ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට