කොරෝනාවට ඔලිම්පික් වැනසීමට ඉඩ නොදෙයි

108

මේ දිනවල දී ලොව පුරා ප්‍රධාන කතාබහ බවට පත්වී ඇති කොරෝනා වයිරසය ක්‍රීඩා ඉසව් සඳහා ද දැඩි බලපෑම් එල්ල කරමින් පවතී. මෙය හේතුවෙන් ප්‍රධාන පෙලේ  ක්‍රීඩාවලි බොහොමයක් කල් දැමීමට හෝ අවලංගු කිරීමට සංවිධායකයින් කටයුතු කරමින් පවතී. 

මෙම  තත්වයත් සමඟම මේ වසරේ ජූලි මාසයේ දී  පැවැත්වීමට නියමිත ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා මෙම තත්වය  බාධාවක් වේ දැයි දෙස් විදෙස් ක්‍රීඩාලෝලීන් සියල්ල දැඩි අවධානයෙන් පසුවේ. 

ලෝක ශූරයා නැවතත් ගෘහස්ථ පිටියට

ඇමරිකානු ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තු අතර ඉහළින්ම සිටින කෙටි දුර ධාවන ශූර ක්‍රිස්ටියන් කෝල්මන් වසරකට …………

මෙවර ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වීමට නියමිතව පවතී. පවතින අවදානම් තත්වය මත මෙම ක්‍රීඩා උළෙල පැවැත්වීමට හැකි වේවි දැයි යන්න සියල්ලන්ට ගැටලුවක්ව ඇත. එවැනි තත්වයක් උත්ගත වී පවතින මොහොතේ මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් ජපන් බලධාරීන් විසින් ඊයේ (13) සංවිධානය කර තිබුණි.

ටෝකියෝ සංවිධායක කමිටුවේ ප්‍රධානී යොශිරො මොරි මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ තරගාවලිය කලින් සූදානම් කළ ආකාරයටම ජූලි මස 24 වැනිදා පැවැත්වීමට නියමිත බවයි. 

“මම නැවතත් පැහැදිලිවම කියන්න කැමති අපි කිසිම විටක මෙම තරග අවලංගු කිරීමට හෝ කල්දැමීමට කිසිම සූදානමක් නොමැති බව”  ඔහු පවසා සිටියේය.

මේ  පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් ජපාන හිටපු අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ මෙම ක්‍රීඩා උළෙලට සම්බන්ධ වීමට පැමිණෙන සියල්ලන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවයි.

“මෙම වයිරසය නිසා අප හට අනපේක්ෂිත තත්වයකට මුහුණ දීමට සිදු වී තිබෙනවා. අප රජයේ නිවේදන අනුගමනය කරන අතර මෙම ක්‍රීඩා උලෙළ සඳහා සහභාගි වීමට පැමිණෙන සියලුම ක්‍රීඩකයන් හා ක්‍රීඩාලෝලීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා”  යැයි ඔහු පවසා සිටියේය.

2020 ටෝකියෝ ගිම්හාන ඔලිම්පික්  උලෙළ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව

මෙම කොරෝනා වයිරසය හේතුවෙන් මෙම වසරේ පැවැත්වීමට  නියමිතව තිබූ ලෝක ශූරතා ගෘහස්ථ ක්‍රීඩා උළෙල, හොංකොං සත් සාමාජික රග්බි ශූරතාවලිය, ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය ඇතුළු තරගාවලි කිහිපයක්ම  අවලංගු කිරීමට හා කල්දැමීමට සංවිධායකයන් කටයුතු කරන ලදි.

චීනයේ වූහාන් ප්‍රදේශයෙන්  පැතිර ගිය මෙම වයිරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 1300කට අධික පිරිසක් මිය ගොස් 60,000කට අධික පිරිසක් රෝගී ත්ත්වයට පත්ව ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<